LNN SPY

මැර කණ්ඩායමක් ITN වාහනයක් පැහර ගනී… බරපතල වංචා ජනාධිපති විමර්ෂනයෙන් චෝදනා ලද අයිටිඑන් හොරුන්ට නැවත පත්වීම

Published on: Nov 6, 2018- පැවති මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අයිටිඑන් ඉහළ පුටුවක කටයුතු කළ අයෙකුගේ භාවිතයට “ මයික්‍රෝ වර්ගයේ KR-5518” රථය පහැරගෙන ගොස් ඇති බව නාලිකාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් තහවුරුකර සිටි. පසුගිය දා ITN නාලිකාවට බලෙන් ඇතුළු වී බලය අල්ලාගත් පිරිස් එහි නිලධාරින් බිය වද්දා මෙම රථය රැගෙන ගොස් ඇත.

එම රථය දැනට මෛත්‍රී-මහින්ද හොර පාලනයේ මාධ්‍ය කටයුතු මෙහෙයවීම සඳහා, එම නාලිකාවේ නිල තනතුරක් නොලබා භාවිතා කිරීම රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක් ලෙස සැලකේ. එම නිලධරයා ජනාධිපති විසින් පත්කළ බරපතල දූෂණ වංචා සේවීමේ ජනාධිපති විමර්ශන කොමිෂමේ නිර්දේශ මත බරපතල දූෂණ චෝදනා ඉදිරිපත් වී ඇති අතර, ඒමත මේ වනවිට නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙමින් ද පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර ජනාධිතිගේ මැදහත්වීමෙන් පත්කළ බරපතල වංචා සේවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පරික්ෂණ පවත්වා අනාවරණය වූ කරුණු අනුව අයිටිඑන් නාලිකාවේ පැවති රාජපක්ෂ පාලනයේ දූෂණ වංචාවලට සම්බන්ධවීම මත ඉවත්කළ පුද්ගලයින් රැසක් නැවත නාලිකාවේ ඉහළම තනතුරුවලට පත්කර තිබේ.

පසුගියදා අයිටිඑන් නාලිකාව බලෙන් අල්ලාගත් මෙම පිරිස් හිටපු පිරිස් පලවා හැර මෙම නීති විරෝධී පත්වීම් ලබාගෙන ඇති අතර ජනපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ මත එම ඉවත් කිරීම් සිදුකර තිබු අතර, ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවක මෙවැනි පත්වීම් ලබාදීම ජනාධිපතිගේ බලයට අභියෝග කිරීමක් බව නීති කේෂ්ත්‍රයේ විද්වතුන් ද පෙන්වා දී ඇත්තේ.

Top