Featured

මැලේසියාවේ සංචාරය නිමවා එන මහින්දගේ කණ්ඩායමට කොටි ඩයස්පොරාවේන් ප්‍රහාරයක්

මහින්ද රාජපක්ෂ මහතා සමග මැලේසියානු සංචාරයක නිරත වෙමින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැලිසියාවේ ශ්‍රී ලංකා තානාපති රැගෙන ගුවන් තොටුපොළ වෙත එමින් සිටියදි දෙමළ කොටි ඩයස්පොරාවේ පිරිසක් ප්‍රහාරයක් ඒල්ල කර තිබෙන බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කිරිමට ඔහුන් සුදානමින් සිටියත් දෙමළ කොටි ඩයස්පොරාවෙන් එල්ලවන මරණීය තර්ජන හමුවේ කිසිදු රාජ්‍ය නායකයෙකුට මැලේසියාවේ නොලැබුන තරමේ ආරක්ෂාවක් මැලිසියානු රජය විසින් ලබාදිම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වි ගොස් තිබේන බවයි එහි සිටින අප වාර්තාකරු අනාවරණය කළේ.

මෙම ප්‍රහාරයෙන් මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර් තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරිමට කටයුතු කර තිබේ.එම අවස්ථාව වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සමග ගුවන් තොටුපොළ වෙත ගොස් ඇති බවද වාර්තා වේ.

තොරතුරු බලාපොරොත්තු වන්න 
මැලේසියානු ශ්‍රී ලාංකීය මහා කොමසාරිස් නසාර් මහතාට කොටි ත්‍රස්ත්‍රයින් එල්ල කල ප්‍රහාරය පිලිබදව අදහස් ප්‍රකාශ කරන ලොහාන් රත්වත්ත මහතා

http://www.lankanewsweb.today/archives/12945

http://www.lankanewsweb.today/archives/12981

Top