LNN SPY

මිනීමරුවන්ට,වංචා කාරයන්ට,අවස්ථාවාදීන්ට ශ්‍රිලනීපය ගිලගන්න දෙන්න බෑ…. CBK ගේමට බහී… ශ්‍රිලනීපය පවා දෙමින් කුමන්ත්‍රණකාරීන් ගැසු ගේම් මෙන්න…

Published on: Oct 15, 2019 – ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට පාක්ෂිකයන් හුදකලාව ආරම්භ කොට ඇති සටනට සහයෝගය දෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අවධාරණය කරනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ගුණානුස්මරණ තිබු ඔක්තෝබර් 10 වෙනි දිනම බලලෝභි කණ්ඩායම විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පවා දෙමින් පක්ෂය විනාශ කිරීමට කටයුතු කිරීම පිළිකුළින් හෙලා දකින බවයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පෙන්වා දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් 2015 ජනාධිපතිවරණයේදි මෙරට පොදු ජනතාව ජීවිත අවදානම් නොතකා නායකත්වය ගත්තද හැට දෙලක්ෂකය ජනවරමින් බලයට පත් වූ නායකයා තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පවරා දී ඇති බවද හිටපු ජනාධිපතිනිය නිකුත් කල නිවේදනයෙ සදහන්.

Top