All

මුළු ලොවම මවිත කල ඒ යුද ජයග්‍රහණයේ 07 වන සංවත්සරය අදයි-රණවිරු දඩයම නවතනු

මුළු ලොවම මවිත කල ඒ යුද ජයග්රකහනයේ 07 වන සංවත්සරය අවස්ථාවේදී අපේ රනවිරුවන්ට එරෙහිව ක්රි යාත්මක කර තිබෙන දඩයම නතර කරන මෙන්ද දැනට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙන රණවිරුවන් නිදහස් කරන මෙන්ද මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. ඒ රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව භාවිතා කරමින් සිටින ව්යාදජ හා දුර්වල හේතු ගැන ඒ නඩු අසන මහේස්ත්‍රාත්වරුන්ද වීවෘත උසාවියේදීම මවිතය ප්රදකාශ කර ඇත. රට ජාතිය වෙනුවෙන් මේ තරම් සේවයක් කල පිරිසකට මේ තරම් අසාධාරණ ලෙස සලකා ඇති අවස්ථාවක් මේ රටේ ජීවමාන මතකයේ තවත් නැති බව මුළු ලොවම මවිත කල විජයග්‍රහණයේ 07 වන සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා යහපාලනයට අවධාරණය කර සිටි.

2016 මැයි 19 වන දා අපි අපේ විරෝධාර සන්නද්ධ හමුදා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කරමින් ලැබූ විජයග්රිහනයේ 07 වන සංවත්සරය සමරමු. ඇමරිකා එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් ලොව බලගතුම හා දරුණුම ත්ර‍ස්තවාදී සංවිධානය හැටියට නිල වශයෙන් නම් කොට තිබූ කොටි සංවිධානය පරාජය කරමින් අපේ හමුදාව ලැබූ මේ ජයග්රවහනය එදා මුළු ලොවම මවිත කලේය. ලෝකයේ ත්ර ස්තවාදයෙන් පීඩා විදින සියළුම රටවල් වලට ආදර්ශයක් සපයා ඇති මේ ජයග්ර හනය ලැබීමට අපගේ විරෝධාර හමුදාවන් වලට දේශපාලන නායකත්වය දීමට හැකි වීම දෛවය විසින් මට පිරිනැමූ මහඟු වරප්ර සාදයක් හැටියට මම සලකමි.

අපගේ සන්නද්ධ හමුදාවන් ලැබූ මේ අභිමානවත් ජයග්රාහනයේ 07 වන සැමරුම 2006 ට පෙර පරාජිත, අදුරු යුගයට සමාන තත්වයක් යටතේ සමරන්නට සිදු වීම ගැන මම බෙහෙවින්ම කණගාටු වෙමි. අද බලය හොබවන ආන්ඩුව යුද්ධය ජයගැනීම වරදක්ය, වැනි හැඟීමක් අපේ සන්නද්ධ හමුදා වලට ඒත්තු ගැනීවීමට උත්සාහ කරමින් සිටි. භයානක කොටි ත්ර ස්තවාදීන් රැදවුම් භාරයෙන් නිදහස් කරනු ලබන අතර සන්නද්ධ හමුදා සාමාජිකයින් විවිධ හේතුන් පෙන්වමින් හිරබාරයට ගෙන ඇප නොදී දිගටම බන්ධනාගාර ගත කර සිටින තත්වයක් අද උදා වී ඇත. යුද්ධය ජයගැනීමෙන් පසු අපි කොටි සාමාජිකයින්ගෙන් පලි ගැනීමට උත්සාහ නොකලෙමු. කොටි සන්නද්ධ අංශයේ සාමාජිකයින් එකලොස් දහසකට වැඩි පිරිසක් අපේ ආණ්ඩුව විසින් පුනරුත්තාපනය කර නිදහස් කරනු ලැබුවේය.

විවිධ අපරාධ වලට නඩු පැවරීමේ අදහසින් රැඳවුම් භාරයේ තබාගෙන සිටියේ භයානක ත්රඩස්තවාදී නායකයන් 300කට අඩු පිරිසකි. අපේ රණවිරුවන් බන්ධනාගාර ගතකරන අතර නිදොස් කොට නිදහස් කරනු ලබන්නේ මේ ඉතිරි වී සිටි භයානක ත්රේස්තවාදීන්ය. මේ සියල්ල සිදු වන්නේද යුද්ධය අවසන් අදියරට පැමිනෙත්ම මෙහෙයුම නවත්වා වේළුපිල්ලේ ප්රභභාකරන් ඇතුළු කොටි නායකත්වය බේරා ගැනීමට උත්සාහ කල ජාත්යුන්තර බලවතුන් සමඟ වත්මන් ආණ්ඩුව එකඟතාවයක් ඇති කරගෙන තිබෙන පසුබිමකය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නවුන්සිලය තුල ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගනිමින් ඇතිකරගෙන තිබෙන මේ එකඟතාවයට අනුව අපේ විරෝධාර රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ අධිකරණයක් පිහිටුවා එයට විදේශිය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන් සහභාගී කරවා ගැනීමටත්, යුධ අපරාධ සිදු කල බවට සැක කරන නමුත් උසාවියට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි් නැති සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලනමය ක්රිියාදාමයකින් සේවයෙන් ඉවත් කිරීමටත් ආණ්ඩුව එකඟ වී ඇත. එපමණක්ද නොව අපගේ රණවිරුවන්ට එරෙහිව පිහිටුවන මේ යුද අපරාධ යාන්ත්රරනයේ සියළුම වියදම් ඍජුවම බටහිර රටවලින් ලබා ගැනීමට ඉඩදීමටද ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ ලිඛිතවම එකඟ වී ඇත.

ආණ්ඩුව මේ ආකාරයට අපේ සන්නද්ධ හමුදා දඩයම් කරන අතර මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට මඟ පෑදූ දේශීය හා ජාත්යයන්තර බෙදුම්වාදී බලවේග රට දෙකඩ කිරීමේ ව්යාකපෘතියේ දිගටම නියැලී සිටි. උතුරු නැගෙනහිර පලාත් වලින් අපගේ සන්නද්ධ හමුදා ඉවත් කර ගැනීමට අද හැම පැත්තෙන්ම බලපෑම් එල්ල වෙමින් පවතී. උතුරේ දේශපාලඥයින් යුද හමුදා කඳවුරු වලට බලහත්කාරයෙන් ඇතුල් වී සන්නද්ධ හමුදාවන්වල ජීව ගුණය බිද දැමීමේ අටියෙන් ඔවුන්ට අවමන් කරමින් සිටි. 2002 සටන් විරාමයෙන් පසු කොටි සංවිධානයද ඊට සමාන ක්රිබයාකාරම්වල යෙදුන බව අපට මතකය. උතුරු නැගෙනහිර පලාත්වල ෆෙඩරල් රාජ්යයයක් ඉල්ලමින් උතුරු පළාත් සභාව තුළ යෝජනා සම්මත වේ. මේ අපේ මව්බිමේ අඳුරුම මොහොතක් බවට සැකයක් නැත.

මේ තීරණාත්මක අවස්ථාවේදී මේ රටට සාමය ලබා දීම සඳහා තම ජීවිත පරිත්යාමග කල විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමටත්, මව්බිම වෙනුවෙන් කල ඒ යුද්ධයේදී අත් පා අහිමි වී අබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ට සහයෝගය දැක්වීමටත් මැයි මස 19 වන දා එකතු වන මෙන් මම මුළු ජාතියෙන්ම ඉල්ලා සිටිමි. යුද ජයග්රාහනය සැමරීම සඳහා මේ වසරේදී හමුදා පෙරට්ටුවක් වෙනුවට සංස්කෘතික සන්දර්ශනයක් පැවත්විමෙන් සංහිඳියාව ඇති වන බව ආණ්ඩුව කියයි. නමුත් උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ හා මුස්ලිම් ජනතාවත් ත්ර ස්තවාදීන්ගේ ග්ර හනයෙන් මුදවා ගනු ලැබුවේ මේ යුද ජයග්රමහනයෙන්ම බව කවුරුත් මේ අවස්ථාවේදී සිහිපත් කල යුතුය.

අද කොටි හමුදාවට බඳවා ගැනීම සඳහා උතුරේ දෙමළ ළමුන් පැහැරගෙන යනු ලබන්නේ නැත. එමෙන්ම ඒ ප්රකදේශ වල මුස්ලිම් ජනතාවද කොටි භීෂණයෙන් තොරව අද යහතින් ජීවත් වේ. ඒ යුද්ධය දෙමළ ජනතාවට එරෙහිව කරන ලද යුද්ධයක් හැටියට ඇතැම් බෙදුම්වාදී පිරිස් හුවා දැක්වීමට උත්සාහ දැරුවද, එය හුදෙක්ම ත්රහස්තවාදී සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. ත්රාස්තවාදය අවසන් කිරීමෙන් පසු මගේ ආණ්ඩුව උතුරු නැගෙනහිර ඡන්ද පවත්වා යළි ප්රයජාතන්ත්රබවාදය ස්ථාපිත කිරීමටත්, එම ප්රෙසද්ශවල අතපසු වූ සංවර්ධනය කඩිනම් කිරිමටත් පියවර ගත්තේය.

මුළු ලොවම මවිත කල ඒ යුද ජයග්රකහනයේ 07 වන සංවත්සරය අවස්ථාවේදී අපේ රනවිරුවන්ට එරෙහිව ක්රි යාත්මක කර තිබෙන දඩයම නතර කරන මෙන්ද දැනට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙන රණවිරුවන් නිදහස් කරන මෙන්ද මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. ඒ රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව භාවිතා කරමින් සිටින ව්යාදජ හා දුර්වල හේතු ගැන ඒ නඩු අසන මහේස්ත්‍රාත්වරුන්ද වීවෘත උසාවියේදීම මවිතය ප්රදකාශ කර ඇත. රට ජාතිය වෙනුවෙන් මේ තරම් සේවයක් කල පිරිසකට මේ තරම් අසාධාරණ ලෙස සලකා ඇති අවස්ථාවක් මේ රටේ ජීවමාන මතකයේ තවත් නැත.
මහින්ද රාජපක්ෂක (පා.ම)
හිටපු ජනාධිපති

 

The 7th Anniversary of the war victory that amazed the whole world

 

On 19 May 2016, we mark the 7th anniversary of the victory of our armed forces over the Liberation Tigers of Tamil Elam which had officially been designated by the United States Federal Bureau of Investigation as the world’s deadliest and most effective terrorist organisation outranking even Al Qaeda. This was a victory that captured the imagination of the whole world. I consider it a privilege to have been able to give political leadership to the armed forces to enable them to achieve this feat which has become an inspiration to all countries beset by terrorism.

 

It is a matter of regret that we are now marking the 7th anniversary of the proudest and most noteworthy achievement of our armed forces in a debilitated state reminiscent of the dark, defeatist years before 2006. Today, the armed forces have been made to feel that it was wrong to have won the war. Dangerous LTTE terrorists held in detention are being released while armed forces personnel are being arrested and held in detention continuously without bail. My government did not try to exact revenge from LTTE cadres captured at the end of the war. We rehabilitated and released more than 11,000 LTTE combatants. It was only around 200 to 300 of the most dangerous terrorist operatives who were kept in detention with a view to taking legal action against them for various crimes.

 

It is these dangerous terrorists who are being released while our war heroes are being arrested and jailed. All this is taking place in a context where an agreement has been arrived at between the present government and the international powers that tried their best to stop the war and to rescue Velupillai Prabhakaran and the LTTE leadership. According to this agreement which has been reached by co-sponsoring a joint resolution in the UN Human Rights Council, a war crimes tribunal will be established to try our war heroes with the participation of foreign judges, prosecutors and investigators. Armed forces personnel who are suspected of having committed war crimes but against whom there isn’t enough evidence to present in a war crimes court would be removed through administrative action. Furthermore, the government has agreed to allow Western powers to directly finance and maintain this war crimes mechanism.

 

While our armed forces are being persecuted in this manner, the local and international separatist forces that brought the present government into power are busy with their project of dividing the country. Demands are being made for the complete withdrawal of our armed forces from the North and East. Northern politicians are forcing their way into army camps to humiliate and demoralise the armed forces just as the LTTE did during the infamous ceasefire after 2002. Resolutions are being passed in the Northern Provincial Council demanding a federal state in the North and East. Our motherland is thus facing one of her darkest moments. At this decisive moment, I call upon the entire nation to remember on the 19th of May the brave armed forces personnel who sacrificed their lives so that we may have peace, and to express solidarity with those who have suffered debilitating injuries in the service of the motherland.

 

The present government claims to be promoting reconciliation by commemorating the war victory with a cultural show instead of a military parade. However it is this same military victory that delivered the Tamil and Muslim people of the North and East from the clutches of terrorism. Tamil children are no longer being abducted to serve as cannon fodder for the LTTE and Muslim people are no longer living under the tyranny of the LTTE. Even though separatist elements seek to portray the war as a war against the Tamil people, it was a war to end terrorism and was never directed at any ethnic group. After the war ended my government took steps to restore democracy in the North and East and to accelerate the development of those areas.

 

On the 7th anniversary of the war victory that amazed the whole world, I call upon the government to stop persecuting our armed forces personnel and to release those who have been wrongfully arrested and detained. Even the Magistrates before whom cases against these armed forces personnel are being heard have expressed surprise at the flimsy pretexts under which members of the armed services are being arrested and kept in remand custody. Never in living memory have men who have done so much for our nation been treated so unfairly.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

 

 

 

Top