Anonymous Reporter

මෙන්න සජිත්ගේ යහපාලනය යාලේ කොටි මරා දත් ගලවලා

තම රාජකාරියට බාධා කරමින් යහපාලන රජයේ අමාත්‍යවරුන්ගෙන් දිගින් දිගටම එල්ලවූ අනිසි බලපෑම් හේතුවෙන් තව දුරටත් රාජකාරී කළ නොහැකි බව දන්වමින් වනජීව අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඉල්ලා අස්වී ඇත.

දැනට ලෝකයේ වන ජීවී විෂය පිලිබඳව සිටින ඉහළම බුද්ධිමතුන් 10 දෙනා අතරට ගැනෙන චරිතයක් ලෙස සැලකෙන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ලෝක බැංකුවේ වන ජීවී ව්‍යාපෘති බාර කලමනාකාරවරයෙක් ලෙස ඉතා ඉහළ වැටුපකට සේවය කරමින් සිටියදී මෙරට වත්මන් යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාව අනුව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ රාජකාරි භාරගනිමින් මෙරට රාජ්‍ය සේවයට එක් වූ අතර ඉන් පසු මෙරට දේශපාලන සංස්කෘතිය පිළිබඳ ඔහුට අත්වීඳීමට හැකි වී ඇත්තේ ඉතා අප්‍රසන්න සිදුවීම් මාලාවකටය.

කෙසේ නමුත් ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව වී ඇත්තේ යාල වනෝද්‍යානයේ සිටි කොටියෙකු ඝාතනය කර එම සත්වයාගේ දත් ගලවමින් සිටි පිරිසක් පසුගියදා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ඇතිවූ සිද්ධියකි.

අදාල දඩයක්කරුවන් පිරිස ඇමති සජිත් ප්‍රේමදාසගේ සමීපතම සගයන් බව අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් කුපිත වූ ප්‍රේමදාස මහතා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට අමතා ඒ බව පවසා ඇත. ඉන් පසු ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා යාල වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන සුරංග රත්නායක මහතා, අමතා වහාම අදාළ චෝදනාව නිවැරදි කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමාව ගන්නා ලෙසත් ඉතා දැඩිව නියෝග කර තිබේ.

අදාළ බලපෑම හේතුවෙන් යාල වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන සුරංග රත්නායක මහතා මේවන විට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බවත් ඔහුගේ රැකියාව අහිමිවේය යන බිය හේතුවෙන් ඔහු මෙසේ පැමිණ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමාව ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ ගැටුම හේතුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඊයේ (06) සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

Top