Anonymous Reporter

මෙන්න සිරිසේනගේ යහපාලනය -සිරාගේ නියෝගයෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති දොට්ට

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරිමට යහපාලන රජයේ බලපෑම මත නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ වෙනුවට මෛත්‍රීපාල ආණ්ඩුවට කත් ඇද්ද නීලකාස හොරෙකු වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වන එච්. එම්. සිරිසේන හේරත් නැමති තවත් සිරිසේන කෙනෙකු පත්කර තිබේ.

“1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල පනතේ පරිච්ඡේද අංක 03 මගින් ඇමැතිවරයා වෙත පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස සිරිසේන හේරත් මහතා පත්කර ඇති බව නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන ද නොමැති ලිපියක්‌ මගින් වෛද්‍ය සමරසිංහ මහතාට දැනුම් දි තිබේ.”

මෙහි වඩාත් හාස්‍ය වන්නේ ජනාධිපති ලේකම්වරයා වෙත යෑවූ ලිපියේ ඔබගේ අංක ……… දරන 2015.11.15 දිනැති ලිපිය අනුව (මෙම දිනය තවම උදාවී නැත) පිටපතක්‌ යොමුකර ඇති බවද නව සභාපතිවරයා පත්කළ ලිපියේ සඳහන් කර තිබීමයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමා තනතුරෙන් ඉවත් කිරීමට දූෂණයක්‌, අක්‍රමිකතාවක්‌ හෝ වෙනත් චෝදනාවක්‌ එල්ල වී තිබුණේ නම් තමා ඉවත් කිරීම පිළිබඳව සිතා බැලිය හැකි බවත් එවැනි කිසිදු චෝදනාවක්‌ නොමැති තමා ඉවත් කිරීම සිතා ගැනීමට නොහැකි බවත්ය.

තමා දකුණු ආසියාවේ රටවල් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස්‌ ජාවාරම, මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම, ජෛව ජාවාරම ඇතුළු කරුණු රැසක්‌ සම්බන්ධයෙන් දකුණු ආසියානු බුද්ධි තොරතුරු ඒකකය පිහිටුවීමට කටයුතු කරමින් සිටින නිසා එය වැළැක්‌වීමේ අරමුණින් තමා ඉවත් කළේද යන්න සැක යෑයිද හෙතෙම කීය. මෙම තොරතුරු ඒකකය 2016 මාර්තු 01 වැනිදා ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමට මේ වන විට එකඟතාව පළවී ඇතැයිද හෙතෙම කීය.

තමා සභාපතිවරයාව සිටි මාස 10 ක පමණ කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූවන්ට නාම යෝජනා ලබානොදෙන ලෙස පක්‍ෂ ලේකම්වරුන්ට ඉල්ලීම් කිරීමෙන් පසු තමාගේ නිවස අසල නාඳුනන යතුරුපැදිකරුවකු දින කීපයක්‌ රැඳී සිටි බවත් එය පොලිසියට පැමිණිලි කළත් සැකකරුවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

Top