Anonymous Reporter

මේක දේශද්‍රෝහී ආණ්ඩුවක්(Video)

‘ත්‍රස්තවාදීන් එළියට දමා හමුදාව සෙබළුන් හිරේ දානවා‘ මේක යහපාලන ආණ්ඩුවක් නොව දේශද්‍රෝහී ආණ්ඩුවක් බව බෙංගමුවේ නාලක හිමියෝ යහපාලන රජයට චොදනා කර සිටියා.

අද (11)අභයාරාමයේ පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් නාලක හිමියන් අවධාරණය කළේ හමුදාවට එරෙහිව කටයුතු කිරීම යනු ත්‍රස්තවාදයට පක්ෂව කටයුතු කිරීම බවත් එබැවින් ත්‍රස්තවාදීන් එළියට දමා හමුදාව සෙබළුන් හිරේට දැමීමට යහපාලන ආණ්ඩුව ක්‍රියා කරන බවයි.

මෙය යහපාලන ආණ්ඩුවක් නොව දේශද්‍රෝහී ආණ්ඩුවක් බවත් ජනපති හා අගමැති ක්‍රියා කරන්නේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ට හා ඇමරිකාවට අවැසි විදියට මිස රටට අවශ්‍ය විදියට නොවන බවද බෙංගමුවේ නාලක හිමියෝ චොදනා කර සිටියා.

Top