LNN SPY

මෛත්‍රී-ගෝඨා ඝාතන කුමන්ත්‍රණය අමු කෙප්පයක්! … පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ඇත්ත කියයි

Published on: Dec 15, 2018 – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නම් පුද්ගලයා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

මාස තුනකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ බවද ඔහු එම පුවත් සේවයට වැඩිදුරටත් සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි. එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් මීට පෙර මාධ්‍ය වාර්තා සදහන් කළේ සහකාර පොලිස් අධිකාරිවරයකු හැර වෙනත් කිසිදු පුද්ගලයකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී නැති බවයි.

එසේම ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මත මේ සිද්ධියට අදාළව සාක්ෂි මැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවත්, ඒ සදහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවත් පසුගිය දිනවල විශේෂයෙන් “ලංකා” පුවත්පත් අනාවරණය කර තිබිණි. මේ පුවත සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නොනිල ලෙස එම පුවත්පතට දැනුම් දී තිබූ බවද වාර්තා විය.

මේ අතර ජනාධිපතිවරයා ඔක්තෝබර් 26දා සිදු කරන ලද ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් හේතු දක්වමින් අවස්ථා ගණනාවකදී පවසා තිබුණේ තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දැරීම මේ තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් බවයි. ඒ සියල්ල අසත්‍ය බවත්, ජනාධිපතිවරයා විසින් මේ කරුණු සියල්ල ගොතා ඇති බවත් රොයිටර් පුවත් සේවයට නිල වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දුන් ප්‍රකාශයෙන් තහවුරු වේ.

COLOMBO (Reuters) – A plot to kill the president, links to foreign intelligence, a rogue police officer and a missing sniper: the snippets of news emerging from Sri Lanka in recent weeks seem plucked from the pages of paperback fiction

Read – https://www.reuters.com/article/us-sri-lanka-politics-plot-insight/the-politics-of-a-plot-to-kill-sri-lankas-president-idUSKBN1OD0DG

Top