Featured

මෛත්‍රී-ඥානසාර Deal එක මෙන්න

කොටි ඔත්තුකරු ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් නඩුව අද (25) අධිකරණයේ විභාග වෙමින් පවතිද්දී, විනිසුරුවරයා ඇතුලු නීතිඥවරුන්න්ට කෑ ගසමින් කලහකාරි ලෙස හැසුරුනු බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් නියෝග කර ඇති අතර ඥානසාර හිමිගේ ඒම හදිසි ප්‍රහාරයේ දේශපාලන හස්තය මේ වනවිට සම්පුර්ණයෙන් අනාවරණය කරගැනිමට අප විශේෂ වාර්තාකරුවන් සමත්ව තිබේ.

“රට වෙනුවෙන් ජීවිත පරිත්‍යා‍ගයෙන් යුද වැදුණු රණවිරුවන් “සුද්දන් හැදූ නීතිය යටතේම” සුද්දන් හා ඔවුන්ගේ ඒජන්තයන්ගේ උවමනාවන් අනුව සිරගත කරගෙන සිටීම අසාධාරණ බවත් අඩු තරමින් ඔවුනට ඇප ලබා දීමට හෝ කටයුතු කරන්නැයි”කියමින් ඥානසාර හිමි හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතාට උසාවිය තුල උපදෙස් දෙමින් සිට ඇති අතර මෛත්‍රීගේ කුප්‍රකට නීතිඥයෙකු වන උපුල් කුමාරප්පෙරුම එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහු විසින් ගාණට වැඩේ කිරිමට සමත්ව ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස වරෙන්තුවක් නිකුත් කර ගැනිමට සමත්ව තිබේ.ඒ අනුව කෙසේ හෝ හිරේ ගොස් වීරයෙක් වීමේ ඥානසාරගේ පැතුම ඉටු වි තිබේ.

මෛත්‍රී-ඥානසාර හමුවේ හෙළි නොවු රහස්…………

පසුගියදා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු අවස්ථාවේ ජනාධිපතිවරයා ඥානසාර හිමියන්ට පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අවශ්‍යතා අනුව රට බෙදිමට අදාළව සියලුම ගිවිසුම් වලට එකගත්වය පලකිරිමට ඔහුන් කටයුතු කර ඇති බවත් තමන්ට කිසිවක් කිරිමට තරම් ශක්තියක් නොමැති බවයි.

තමන්ගේ ජනාධිපති ධුරය ආරක්ෂා කරගැනිමට නම රනිල්ගේ සහ චන්ද්‍රිකාගේ පදයට නටන්නට තමන්ට සිදුව ඇති බවද මෛත්‍රී ඥානසාර හිමිට පවසා තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ බෞද්ධයින් සම්බන්ධයෙන් රටතුල පැන නගින ජනතා බලවේග සියල්ල සියතට ගෙන පසුව එවා ක්‍රමිකව විනාශ කර දැමිමට කටයුතු කරන ලෙසට මෛත්‍රී ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා ඇති අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය නොපිරිහෙලා ලබාදිමටද මෛත්‍රී එකඟතාව පලකර තිබේ.

ජනතා නැගිටිම් ඥානසාරගේ කරගනිමින් පසුව උපායශීලීව එවා ආණ්ඩුවේ බත්බැල සංවිධාන කිරිමත් අවසානයේ බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා විනාශ කර දැමිමට ඥානසාරට ඔනෑවටත් වඩා අත්දැකිම් තිබේ.

සිංහලේට එරෙහිව කුමන්ත්‍රණය…….

සිංහලේ ජාතික ව්‍යාපාරය ආරම්භ වු මොහොතේ සිටම එම ව්‍යාපාරය කඩාකප්පල් කිරිම සදහා රාජිතලා,ඩිලන්තලා, ඥානසාරලා තවත් කප්පම්කරුවන් කල්ලියක් උත්සහ ගත් අතර පසුගිය 23 වැනිදා කොළඹ සිට නුවර දක්වා සිංහලේ බලේ පෙන්විමත් සමග ඉතාමත් සියුම්ව එම ව්‍යාපාරය ජාතිවාදි ව්‍යාපාරයක් ලෙස අර්ථ නිරූපණය කිරිමට මෙම කණ්ඩායම මෙහෙයුමක් දියත් කර ඇති බව ජනතාව වගකිමෙන් වටහාගත යුතුය.

Top