Featured

මෛත්‍රී වේදිකාවේ වහලය කඩ වැටි ජනතාවගේ ඔලු පැලේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැති උත්සවයක් අතරතුර එහි ඉදිකර තිබුණු තාවකාලික වහලයක් කඩා වැටීමෙන් කිහිපදෙනකුගේ ඔලු පැලී තිබේ.උත්සවයට සහභාගී කරවීම සඳහා රැගෙන ඇවිත් තිබුණු ජනතාවගේ හිස මතට මෙම වහලය කඩා වැටී ඇත්තේ ජනාධිපතිවරයා සභාවේ සිටියදීමය.

මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත්තේ වරකාපොළ රෝහලේ සය මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය අතරතුරය.නව ගොඩනැගිල්ලට රෝගීන් ඇතුළත් කර ගැනීම ජනාධිපතිවරයාගේ අතින් සිදුකෙරෙන අතරතුර පැමිණ සිටි ජනතාව ප්‍රකාශ කර තිබුණේ උත්සවයට ආ අයට ද රෝගීන් ලෙස ඇතුළත් වීමට සිදු වූ බවය.

ඡායාරූප ලැබුණු විගස අප ඔබ වෙත එය ගෙන එමට සුදානම්

Top