Featured

මෛත්‍රීගේ මල්ලි ඩොලර් මිලියන 40කට වැඩක් දෙයි!

ටෙලිකොම් සමාගමේ සභාපති ජනාධිපති සොහොයුරු කුමාරසිංහ සිරිසේන ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගැනීම හරහා දැවැන්ත කප්පම් මුදලක් ගැනිමේ සුදානමක් මේ වනවිට අනාවරණය වි තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වන අතර ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අන්දමට, ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි හච් සමාගමේ මුළු දළ වටිනාකම ඩොලර් මිලියන 80-90ක් පමණ වන නමුත් ටෙලිකොම් සමාගම එය මිලදී ගන්නට යන්නේ ඩොලර් මිලියන 130කට වැඩි මිලක් ගෙවමිනි.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේනගේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් 9වැනිදා සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කර ඇති නමුත් ගනුදෙනුවේ පලදායක භාවය ගැන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් සෑහීමට පත්වී නැති අතර එම ගණුදෙනුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කල අධ්‍යක්ෂක මණ්ඩලයේ කිහිප දෙනෙකු මේ වන විට ඉවත් කිරිමට සුදානමින් සිටින බවද අනාවරණය වි තිබේ.

හච් සමාගම විසින් ටෙලිකොම් සමග මේ ගනුදෙනුව කිරීම ගැන සාකච්ඡුා කිරීමට ආයෝජන උපදේශකයකු වන ඇලෙක්ස් ලවෙල් යොදාගනු ලැබ ඇති අතර, ලවෙල් විසින් සිංගප්පූරුවේ බ්‍රෝකර්වරයකු මේ ගනුදෙනුවට අදාළ සාකච්ඡුා සඳහා යොදාගෙන තිබේ. මේ සිංගප්පූරු ජාතිකයා ටෙලිකොම් සමාගම සමගද, ආණ්ඩුවේ දේශපාලන බලවතුන් සමගද මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටියි. එම සාකච්ඡාවල ප‍්‍රතිඵලය ලෙස, ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙක්ද මෙම ගනුදෙනුව සාර්ථක කරගැනීම සඳහා දැන් මැදිහත්වී සිටිති.

එහෙත්, වැඩි මිලට හච් මිලදී ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නෝ එම අසාධාරණ ගනුදෙනුව සාධාරණය කිරීම සඳහා අපූරු තර්කයක් ගෙනහැර පාති. එනම්, හච් සමාගම ලයිකාමොබයිල් (lycamobile) නමැති ජංගම දුරකථන සේවා සපයන සමාගමක් විසින් ඩොලර් මිලියන 128කට මිලදී ගන්නට සූදානම් වන බවත්, එම සමාගම එල්ටීටීඊ සංවිධානයට හිතවත් සමාගමක් බවත්, ඒ නිසා එම ලන්සුවට වැඩි ලන්සුවක් තබා ටෙලිකොම් විසින් හච් මිලදී ගත යුතු බවත්ය. එසේ කළහොත් පමණක්, හච් එල්ටීටීඊ හිතවතුන්ට මිලදී ගන්නට ලැබී ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය තුළට එල්ටීටීඊ හිතවාදීන් ඇතුළුවීම වළක්වාගත හැකි බවත්ය.

Top