Featured

මෛත්‍රීගේ මානසික පීඩනය උග්‍ර අතට-හදිසියේ කතරගම යයි

Published on: Aug 16, 2015- බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත Fluanxol ඖෂධය ලබා ගත්තද තවමත් එම තත්ත්වය පහව ගොස් නැති බැවින් හදිසි ශාන්තිකර්මයක් කරගැනිම සදහා අද සවස මෛත්‍රී කතරගම දේවාලයට ගොස් තිබේ.

අද සවස 4.45 ට පමණ හදිසියෙම්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතරගම දේවාලයට පැමිණ ඇති අතර ඔහු සමග ඔහුගේ පුතා දහම් සිරිසේනද එම අවස්ථාවට සහභාගී වී තිබේ.

ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය ලබා දී ඇත. තම පවුලේ සාමාජිකයන්ගේ බලවත් විරෝධය මත වුවද, ජනාධිපති ආරක්ෂාව පිලිබඳ දශක ගණනාවක පළපුරුද්දක් ඇති ජනාධිපති ආරක්ෂක අංශය පවා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ තීරණය එම බරපතල මානසික පීඩනයේ එක් ප්‍රතිපලයකි. තතු දත් ඇතැම් තොරතුරු මුලාශ්‍රයන් හෙලිකරනුයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පුද්ගලයන් විසින් ජනාධිපතිවරයා සම්බන්ධ සියලු තොරතුරු වික්‍රමසිංහ සහ රාජපක්ෂ මහත්වරුන් වෙත නිරන්තරයෙන් වාර්තා කිරීමද මෙයට හේතුවූ බවයි.

Top