Featured

මෛත්‍රී,චන්ද්‍රිකාට කඩුව දි -මංගලට කොපුව දෙයි

ජනපතිවරයාගේ සමීපතම හිතවතෙකු මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර ඔස්ටින් ප්‍රනාන්දුගේ බෑණා වන මනෝජ් වර්ණපාල බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා ලෙස පත්කිරිමට එරෙහිව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර ගෙනයන ක්‍රියාවලිය හේතුවෙන් එකසිය ගාණට මලපැන සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මංගලව මට්ටු කිරිමේ මෙහෙයුම හිටපු අසාර්ථක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාවිච්චි කිරිමට මෛත්‍රී සුදානමින් සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මනෝජ් වර්ණපාල තැනැත්තා බ්‍රිතාන්‍යයයේ පුරවැසිභාවය ලත් තැනැත්තෙකු වන අතර එම රටේ පුරවැසිභාවය ලත් තැනැත්තකු තානාපති සේවයට පත් කිරීම රාජ්‍යතාන්ත්‍රික නීතිරීති උල්ලංඝණය කිරීමක්ද වන අතර එමගින් ඉදිරියේ දී රටට සහ බ්‍රිතාන්‍යයයේ පුරවැසිභාවය ලත් ශ්‍රී ලාංකිකයන්ට දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට මංගල සමරවිර විසින් සිය වෙබ් මාෆියාව යොදවා ගනිමින් මඩ ප්‍රහාරයන් එල්ල කරමින් සිටි.

මීට අමතරව මෙම පත්කිරිම හරහා යහපාලනයට හානීවන බවද දක්වමින් මංගලගේ සගයන් යොදාගනිමින් බ්‍රිතාන්‍යයයේ තිබේන විවිධ සංවිධාන භාවිතා කරමින් තමන් අපහසු තාවයට පත් කිරිමට කටයුතු කරන බවද මෛත්‍රීපාල ජනාධිපතිවරයා පවසා තිබේ.ඒ හරහා මෛත්‍රීට ලගින්ම සිට කටයුතු කල බොහෝ දේනෙකු මෛත්‍රී සමග ගැටුමක් නිර්මාණය කරගෙන තිබේන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව වහාම මංගලව පාලනය කිරිම සදහා මෛත්‍රී චන්ද්‍රිකාගෙන් සහය ඉල්ලා ඇති අතර ඉදිරි දින කිහිපය තුල මංගල මට්ටු කරන බවට පොරොන්දු දුන් චන්ද්‍රිකා ඒ සදහා මේ වනවිටත් කටයුතු සුදානම් කරන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෛත්‍රීගේ ග්‍රාම සේවක බැදිම දුරයයි -ඔස්ටින්ගේ බෑණාට බ්‍රිතාන්‍ය තානාපතිකම!

Top