Featured

මෛත්‍රීට පක්ෂ ෆෝබියා සැදේ -රැට නින්ද යන්නේත් නෑලු

නව පක්ෂයක් ලඟ ලගම පිහිටු විමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් වේගයෙන් කටයුතු කරමින් සිටින බවත් යම් හෙයකින් නව පක්ෂයක් පිහිටුවිමට මහින්ද රාජපක්ෂ නායකත්වය ගතහොත් එය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අවසානය පමණක් නොව් යහපාලනයේද අවසානය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඊයේ රාත්‍රීයේ මෛත්‍රීගේ පවුලේ සමාජිකයන් සහ සමිපතම බත් බැලයන් කිහිපදෙනකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදි වැඩිපුරම අවධාණය යොමුව ඇත්තේ නව පක්ෂය වෙතටය.මේ වනවිටත් නව පක්ෂය සදහා කාර්යාලය පවා පිහිටුවිමට කටයුතු කිරිම රාජපක්ෂලා සමග යහපාලනය පිහිටුවිමට කටයුතු ඇතැම් පිරිස් එකතු විමත් මේ වනවිට උග්‍ර අතට හැරි ඇති බවද ජනපති පෙන්වා දි තිබේ.

එම සාකච්ඡා අතරතුර සරත් ෆොන්සේකා මහතා මෛත්‍රීගේ දුරකතනයට ඇමතුමක් ලබාදි ඇති අතර මිනිත්තු කිහිපයක කතාබහකින් පසුව මෛත්‍රී පවසා ඇත්තේ….”සරත් අහනවා ඇයි මට UNP එකට යන්න කිව්වේ ..දැන් මට මන්ත්‍රීකම නොදී ඉන්නයි හදන්නේ “යනුවෙන් පැවසු බවයි. ඉතින් මම මොනවා කරන්නද හිටං….ඒ මංත්‍රීකම අයිති UNP එකට ඒ නිසා මම සරත්ට UNP එකට යන්න කිව්වා .. යනුවෙන් සිනාසෙමින් පවසා තිබේ.

ඒ සමගම මෙම සාකච්ඡාවට එක්ව සිටි මෛත්‍රීගේ න්‍යාචාර්‍යවරයා ලෙස පෙනී සිටින රනිල් විරෝධී ශිරාල් ලක්තිලක පවසා ඇත්තේ ….රනිල් කියටවත් ඔක ෆෝනීට දෙන්නේ නෑ…ඉන්දියාව බලකරන නිසයි රනිල් ඔච්චර දුර ගියේ….ඒ වුනාට ෆොනී රැවටුනා කියලයි මම හිතන්නේ…

මේ අතර රාජපක්ෂලාගේ පක්ෂය පිහිටුවිමට සම්බන්ධයෙන් හීනෙන් පවා භියට පත්ව සිටින මෛත්‍රී පසුගියදා රාජ්‍ය බුද්ධි සේවයට (SIS)නියෝග කර ඇත්තේ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම තනතුරු දරන්නගේ දුරකථන “ටැප් කිරීම”ට කටයුතු කරන බවයි. නමුත් රාජ්‍ය බුද්ධි සේවය ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙමින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එය ඉතා විශාල වියදමක් දැරිමට සිදුවන ක්‍රියාවලියක් බවයි.එහිදි මෛත්‍රීපාල ජනාධිපතිවරයා රාජපක්ෂ සමයේ දුරකථන “ටැප් ” කලේ කෙසේදැයි විමසා ඇති අතර එයට පිළිතුරු දෙමින් අදාළ නිලධාරියා (නම සදහන් නොකරන ) සිනාසෙමින් පවසා ඇත්තේ “සමහරු එහේම හිතාගෙන පොඩි ආතල් එකක් ගත්තා සර් ” යනුවෙනි.

Top