All

මොලේ කළඳක් නැති සද්දන්ත මිනිසා! වැලන්ටයින් ලේකම්ගේ හමුදා පාතාලය! බොරැල්ලේ සේෆි හවුස්!

ගැලවී වැටෙන්නට ඔන්න මෙන්න තිබෙන කමල් ගුණේගේ වෘෂණ කෝෂ දෙක සහ ලේකම් පට්ටම රැක ගැනීමට ඕනෑම පජාත කුප්ප වැඩක් හිරිකිතකින් තොරව සිදුකර වික්‍රමසිංහ ලොක්කගෙන් ලකුණු දාගන්න පශ්චාත් භාගය ලෙවකන අසමජ්ජාති ලේකම්ගේ හමුදා පාතාලය ස්ථානගත කර ඇත්තේ බොරැල්ලේ රහසිගතව පවත්වාගෙන යන සේෆි හවුස් එකක් තුල වන අතර එය සෘජුවම ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවේ.

මත්ද්‍රව්‍ය සහ අන්තවාදය පිටදමා ජන අරගලයේ සක්‍රීය ක්‍රියාකරුවන් සූක්ෂම ලෙස මර්දනය කිරීම් දේශපාලනික පළිගැනීම් , තමන්ගේ විරුද්ධවාදීන් මට්ටු කිරීම් ,තමා ඇසුරු කරන්නියන්ගේ ඕනෑ එපාකම් මත පුද්ගලයන්ට අඩන්තේට්ටම් කිරීම් ඇතුළුව කුලියට මිනීමැරීම් කමල් ගුණේගේ කුජීත අණ පරිදි සිදුවන බවට හොඳම නිදසුන නම් පසුගිය දිනක බොරැල්ලේදී හමුදා පාතාලය යොදා සිදුකළ ඝාතනයයි.

මේ සඳහා බොරැල්ලේ ස්ථාපිත සේෆි හවුස් එකේ හමුදා පාතාල ලාන්ස් කෝප්‍රල් වරුන් දෙදෙනෙක් කමල් ගුණේ විසින් මෙහෙයවා ඇති .යුද හමුදා බුද්ධි අංශ නීති රීති වලට අනුව කිසිසේත් පළපුරුද්ද කින් තොර ලාන්ස් කෝප්‍රල් වරුන් තනිවම ගිනි අවි සහිතව හෝ රහිතව වැටලීම්, ක්‍රියාන්විත සහ අත් අඩංගුවට ගැනීම් සඳහා නිලධාරී වරයෙකුගේ හෝ පළපුරුදු කොමිෂන් නොලත් නිලධාරිය වරයෙකුගේ අධීක්ෂණයකින් තොරව යෙදවීම නීති විරෝධී අතර කමල් ගුනේගෙ ලේකම් පට්ටම ගලවා දැමීමට එයම ප්‍රමාණවත් වේ.

නීති රීති අමු අමුවේ උල්ලංඝනය කළ කමල් ගුණේ මෙම ලාන්ස් කෝප්‍රල් වරු දෙදෙනා ගිනි අවිද සමග යොදවා තිබීමෙන් ගම්‍යවන්නේ යුද හමුදාවේ ජෙනරාල් පට්ටමක් ගසාගත් මේ අසමජ්ජාතියා හමුදා නීති රීති පිළිවෙත් නොදන්නවා වෙනුවට දැන දැන සාහසික ක්‍රියාවක්, ඝාතනයක් සැලසුම් කර ක්‍රියාත්මක කළ බව නොවේද

හමුදා පාතාලයේ ඝාතකයන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම දෙදෙනා ඇප මත එළියට ආවිට අදෘශ්‍යමාන හස්තයකින් ඝාතනය වීමටද බොහෝ සෙයින් ඉඩහසර ඇත්තේ ගෝඨාභයගේ දාම් බෝඩ් එකේ ඉත්තො කැපිල්ල කලාවක් නම් එහි පිකාසෝ වැලන්ටයින් ගුණේවීමයි.

හමුදා බුද්ධි අංශ යයි කියාගත් හමුදා පාතාලය ආරක්ෂක අමාත්‍යාංශයේ කර්නල්වරයෙකු යටතේ ගුනේගෙ අණ පරිදි රිසි පරිදි ක්‍රියාත්මකවේ.

දෙනෝදාහක් බලා සිටියදී වෙඩි තබා තරුණියක් සාහසික ලෙස ඝාතනය කිරීම තුළින් මේ අසමජ්ජාති ලේකම්වරයා අනිසි බියක් සමාජ ගත කරන අතර බටලන්දේ වික්‍රමසිංහ උන්නැහැට එම දසුන් හුරු පුරුදු වුවත් පිනට හෝ පත් වුණු ලංකාවේ ජනාධිපති ඔහු බැවින් ඉඩි අමීන් පාලනයක් අපේක්ෂා නොකරමු.

එම තරුණියගේ ම්ලේච්ඡ ඝාතනයට ලේ බිඳුවක් පාසා වගකිවයුතු මොළේ කළඳක් නැති සද්දන්ත ගොන් වස්සා දැන්වත් ගැටගසා සේනාධි නායකයා ලෙස වික්‍රමසිංහ උන්නැහේ නීතිය ක්‍රියාත්මක කරන තෙක් අප බලා සිටින්නෙමු.

පාසල් ළමයින් අපචාරයට ලක් කළ උම්මත්තකයා

මූල්‍ය ආයතන සීසර් ජොබ් එකට දෙවෙනි නොවන රෝයල් ඉන්ස්ටටියුට් ජාත්‍යන්තර පාසලේ පාසැල් ගාස්තු ප්‍රමාද සිසුන්ගෙන් එම ගාස්තු මුදල් නිවෙස් වලට ගොස් සද්දයක් දමා බලහත්කාරයෙන්හෝ එකතු කිරීම ජීවන වෘත්තිය කරගත් මොළේ කළඳක් නැති සද්දන්ත මිනිසා ආරක්ෂක ලේකම් කිරීම තමන්ට සිදුවූ ලොකුම අත්වැරැද්ද ලෙස පසුතැවෙන ගෝඨාභය අදටත් තමා හමුවට පැමිණෙන සියලු දෙනාටම පවසන පොදු කරුණකි.

මන්ද මානසිකත්වයෙන් පෙලෙන මෙම උමතු රෝගියා විසින් සිදුකරන ලද ළමා අපචාර සම්බන්ධව එම ජාත්‍යන්තර පාසලේ දෙමාපියන් විසින් මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයෙ WCIB11 96/80 යටතේ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව බී වාර්තා අංක B3219/18 යටතේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව එම පරීක්ෂණ යට ගැසීමට මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කමල් ගුණේගේ සහෝදරයා වන පොලිස් අධිකාරි අමිත් ගුණරත්න සමත් විය. කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම පරීක්ෂණ යට ගැසීම පිළිබඳව ක්‍රියාත්මක වුනු අතර ඒ සබැඳි ලිපියද මේ සමග ඉදිරිපත් කරන්නෙමු.

වෘෂණ කෝෂවල එල්ලී පශ්චාත්භාගය ලෙවකන නුසුදුස්සන් රට යවලා.

විදේශීය රටවල රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක සම්බන්ධීකරණ තනතුරු සඳහා හමුදා ජ්‍යෙෂ්ඨතාවය, පළපුරුද්ද ,රට වෙනුවෙන් යුද බිමේදී කල සේවය, දක්ෂතාවයන් මෙන්ම අනිකුත් නිර්නායකයන් මගින් තේරී පත්වූ හමුදා නිලධාරීන් ඉවත්කර කමල් ගුණේගේ සහචරයෙකු වන බ්‍රිගේඩියර් විජේනාත් ජයවීර ඇතුළු වැහැරී ගිය වෘශණ කෝශවල එල්ලී සිටින මෙලෝ සුදුසුකමක් නැති කනිෂ්ඨ නිළධාරීන් පිරිසක් ලේකම් පට්ටමේ බලයෙන් පත්කර ඒ අතුරින් පස්චාත් භාගය ලෙවකෑ උන් සුපිරි පැලැන්තියේ රටවල රාජතාන්ත්‍රික හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පත්වීම් ලබාදී ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංකර ෆර්නෑන්ඩු වැන්නවුන් රට රාජ්‍යවලදී නිර්භීතව ඔසවා තැබූ සිරි ලංකාවේ යුද හමුදා ප්‍රතිරූපය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ම ශාක භූම් වනු ඇත.

සෙබළ බිල්ලක්දී ඉදිවන මහරගම සුවිසල් මන්දිරය

ආරක්ෂක ලේකම් වීමට මත්තෙන් යාමට ඒමටවත් හරිහමන් වාහනයක් නොතිබූ කමල් ගුණේ අටවාගත් මෝටර් රථයක ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය සඳහා විශ්‍රාමික රණවිරුවන් සංවිධානය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කරක් ගැසූ අතර එම වාහනයට තෙල් ගසා ගැනීමටවත් වත්කමක් නොතිබුණු උන්නැහේ අනුරාධපුර නගරයේ රෙදි කඩ මුදලාලි කෙනෙකු වන ගලෙන්බිඳුනුවැව පදිංචි තරිඳු නම් ව්‍යාපාරිකයකුගෙන් ඉන්ධන සඳහා ණයට මුදල් ගෙන මේ වන තෙක්ම එම මුදල් ගෙවීම පැහැරහැර ඇත.

එවන් අතීතයකට හිමිකම් කියන්නෙකු කෝටි ගණනක මුදල් වැය කරමින් සුවිසල් මන්දිරයක් මහරගම ප්‍රදේශයේ ඉදි කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් සිදුකළ යුතුය.

අපි වෙනුවෙන් අපි අරමුදලට මෙන්ම දීඝවාපි අරමුදලටත් සියුම්ව විදපු බවක් ආරක්ෂක අමාත්‍යාංශය තුළින් ඇසෙන කසුකුසු අතර වීම අපගේ සැකය තවත් තවත් තීර්ව වීමට බලපෑවේය.

කිසිම අවසරයකින් හිරිකිතකින් තොරව නිලයේ බලය අවභාවිතා කරමින් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සොල්දාදු උන්නැහේලා වහල් සේවයේ යොදවමින් උන්ගේ ලේ දහඩිය මතින් පමණක් නොව එක් සෙබලකුගේ සැක සහිත මරණයක් මතින් ඉදිවෙන මෙම මන්දිරය පිළිබඳව කෙදිනක හෝ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ අයුක්තිය අසාධාරණය මෙන්ම රාජ්‍ය මැර බලයේ බිත්තර කට්ටෙන් කමල් ගුනේට එය මතුදිනක වසා දමා සැඟවිය නොහැකි නිසාය .

මෙම ඉදිකිරීම අතරතුර මිය ගිය සෙබලා යුධ හමුදා රෝහලට රැගෙන නොගොස් ඉඳුරාම ජාතික රෝහලට රැගෙන යමින් වසන් කල අබිරහස කුමක්ද ?
මෙම අහිංසක සෙබලාගෙ යැපෙන්නන් හට කිසිදු වන්දි මුදලක් අද වෙනතුරුත් නොලැබී ඔවුන් අන්ත අසරණ භාවයට පත්ව ඇත්තේ මෙම මරණය හමුදා සේවයට අදාල නොවූ මරණයක් බැවින් වන අතර කමල් ගුණේ නිසි අවසරයකින් තොරව මියගිය සොල්දාදුවා වහල් සේවයේ යොදවා තිබීම ඊට හේතුවයි.

යුද උපකරණ මාස්ටර් ජෙනරාල් සමයේ ගහපු ගැහිලි

සමස්ත යුද හමුදාවේම උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩර් පටිපාටි අමු අමුවේ උල්ලංඝනය කළ කමල් ගුණේ අවසානයේ ඩොනල්ඩ් පෙරේරා යන ව්‍යාපාරිකයාගේ බිරිද සමග එක්ව රුපියල් කෝටි හතරක් ඉක්මවූ පජාත ගැහිල්ලක් උතුරු නැගෙනහිර හමුදා කඳවුරුවල තම ආහාර කලුවරේ ආහාරයට ගන්නා සෙබළුන් වෙනුවෙන් මිලදී ගන්නට යෙදුණු එල් ඊ ඩී විදුලි බුබුළුවලින් ගැහුවෙ විදුලි බුබුළින් හොරා කෑ එකම මේජර් ජෙනරාල් ලෙස ඉතිහාසගත වෙමිනි.

විදේශ රටකින් ආනයනය කරන බව පවසා උසස් වර්ගයේ විදුලි බුබුළු නියැදි වශයෙන් ඉදිරිපත් කර අවසානයේ පිටකොටුවෙන් පාවිච්චියට ගත නොහැකි ඉතාමත් බාල තත්වයේ විදුලි බුබුළු සූක්ෂම අයුරින් සැපයූ කමල් ගුණේගේ සියලු ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම සබැඳිව සොයා බැලීමට එවකට හමුදාපතිව සිටි ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා විසින් පරීක්ෂණ මණ්ඩලයක්ද පත්කරනු ලැබූවේය.

නන්දිකඩාල් දිගේ හෙලුවෙන්

ෆීල්ඩ් මාර්ෂල්ටත් යුද්ධය කරනා සැටි ඉගැන්නුවෙ තමා යැයි හැඟෙන පරිදි ලියැවුණු නන්දිකඩාල් දිගේ හෙලුවෙන් ගිය ගුනේගෙ වික්‍රම දැක අධෝමුඛයෙන් සිනාසෙන සැබෑ රණශූරයෝ එම පොතේ එකම සත්‍ය ලෙස දකිනුයේ එළුවාගේ කතාව මිස යුද්ධය ගැන ලියවුණු කිසිවක් නොවේ.

ස්වාමීන් වහන්සේලාගේ විරුද්ධත්වය මත ශාසනය බාරයට නොදී හිතුවක්කාර ලෙස බලෙන් අත්පත් කරගෙන සිටින රණවිරු සෑය ඉදිරියේ ස්ථාපිත විශාල ගල් ලෑල්ලක ලියැවුණු හැල්ලෙන් ඔහුගේ රචනා ශෛලිය පිළිබඳව ඕන ගවයකුට දළ අවබෝධයක් ලබාගත හැක.

ආරක්ෂක ලේකම් නිල නිවසේ අයිස් ගහන බඩි උන්නැහේලා.

රටේම මත්ද්‍රව්‍ය එක රැයෙන් දුරු කිරිමට පොර ටෝක් දෙන මේ ගොන් වහන්සේගේ මොළේ කළඳක් නැති සද්දන්ත ශරීරය සම්බාහනය කරන බඩියා වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් මධුශංක මුගේ රෙද්ද අස්සෙම අයිස් ගෙනවිත් ගහන බවට දැනගැනීමට අවුරුදු දෙකක් ගත උනානං ජාතික ආරක්ෂාව පිළිබඳ කුමන කතාද?

අමාත්‍යාංශයට කඩා පනින ලේකම් බිරිඳ

ගෑනු කැමතිනම් ලිංගිකව හැසිරීම පිළිබඳව ලිංගික කුහකත්වයන් අපට නැතිමුත් මේජර් වරියන්ගේ කීමට සංග්‍රාම භූමියේ දිවි පරදුවට තබා සටන් කළ බ්‍රිගේඩියර් වරුන් පැය 24න් මාරු කරන්න සාජන් මේජර් වරියන්ගේ කීමට දූෂිත මේජර් ජෙනරාල්වරුන් තනතුරුවල හිඳුවන ගොබ්බ ලේකම් සමස්ත ත්‍රිවිධ හමුදාවට විශේෂයෙන් යුද හමුදාවට පිළිකාවකි.
පෙර වැරදි හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයට හිටිහැටියේම කඩාපනින ලේකම් බිරිඳ බලෙන් සහ අනවසරෙන් නිල කාමරේට ඇතුළුවන්නේ නිල කාමරය තුළ සිදුවන යම් යම් එවුවා මෙවුවා අතටම අල්ලා ගැනීමට මිස ඔට්ටු සෙල්ලම් කිරීමට නොවන බව ලේකම් කාර්යාලේ ඇත්තෝ පවසති. වැලන්ටයින් ලේකම් ගැන ගෝඨාභයද ඇසූපිරූ තැන් වල කන් පුරා කියා ඇති තවත් නොරහසකි. යුද උපකරණ මාස්ටර් ජෙනරාල් වශයෙන් සේවය කරන සමයේ තමාගේ දෙවනියට වත් තමාගේ අවසරයකින් තොරව නිල කාමරයට ඒමට නොදීම පිළිබඳව අපට ඇත්තේ කුතුහලයකි.

රනිල්ට හිතන්න දෙයක්

මම වන් මාස්ටර් බල්ලෙක් ලෙස තමන් හඳුන්වමින් රනිල් ජනාධිපතිවූ පසු එක් මොහොතක් ආරක්ෂක ලේකම් ධූරයේ රැඳී නොසිටිමි යැයි දික්කර ඇඟිල්ල පශ්චාත් භාගයේ ගසාගෙන ලේකම් පට්ටම රැකගැනීමට ඕනෙම පජාත වැඩක් කිරිමට සූදානම් මෙවැනි කුජීත කොයිවෙලාවෙත් දිව දාගත් මොලේ නැති දඩයම් බල්ලන් ගැටගසා දැමීමට කාලය එළඹී ඇත.

හමුදාවේ ස්ත්‍රී දූෂකයන් සොරුන් වංචනිකයන් මෙන්ම සුදුසුකම් නැත්තඋන් හුදෙක් තමන්ට අහවල් සැප ලබාදෙන ස්ත්‍රීන්ගේ අණ පිළිපදිමින් තනතුරු තානාන්තර ලබාදී ආරක්ෂා කරනුයේ කොන්ද කෙලින් තබා ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් තමා සුදුස්සකු නොවන බවත් එම වැරදි සියල්ලම තමාද සිදුකළ සිදුකරන සහ ඉදිරියේදීත් සිදුකිරීමට බලාපොරොත්තු වන බැවින් දඩුවම් දීමට තරම් සදාචාරාත්මක අයිතියක් තමාට නොමැතිබවත් හොඳින් දන්නා මොළේ කළඳක් නැති සද්දන්ත මිනිසා පිළිබඳව අද හෙටම රනිල් වික්‍රමසිංහ උන්නැහේ තීන්දුවක් ගත යුතුය. නිදහස් පෙළපාලියේ කඩුව උස්සන විට ඔහේ ගැස්සුණු ගැස්සිල්ල ළඟදිම දවසක කලකිරුණු සෙබල උන්නැහේ කෙනෙක් අතින් ගිණි බටේ කොකාගෙන් ගැසෙන්නට ඉඩ හසර ඇති බව අප දුර තියා දකින්නෙමු.

ජාත්‍යන්තර පාසලක ප්‍රමාද පාසල් ගාස්තු බලහත්කාරයෙන් එකතු කරපු දඩබ්බර , හිතුවක්කාර අයුරින්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් විශේෂයෙන් යුධ හමුදාපති හට බලපෑම් එල්ල කරමින් දෙනු ලබන ගොන් ආතල් ජනාධිපතිගේ මැදිහත් වීමෙන් හෝ දැන්වත් නතර කළ යුත්තේ දූෂණය තම භූමිකාව කරගත් මෙවැනි උන්මත්තකයකු හට ත්‍රිවිධ හමුදා අභිමානයේ කන්‍යාවිය තවත් එක් ගැහැනියක් පමණක් බැවිනි.

Top