Featured

යහපාලක “මෛත්‍රී” කියන භූගත මාළිගාවේ “දහම් බේබි” ගණීකාවන් සමග සිටියේද?

2015 ඔක්තෝබර් 22 වන දින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයක දී කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ පොළොව යට මන්දිරයක් ඇති බවට හෙළි කරන ලදී. පසුව එහි දර්ශන ජනමාධ්‍ය වෙත අනාවරණය කළ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය මාධ්‍ය ලවා වාර්තා කරවූයේ එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිසුඛෝපභෝගී භූගත මාළිගාව ලෙසටයි. එහි ඇත්ත නැත්ත කුමක්දැයි බලමු.

කොළඹ ජනාධිපති මන්දිරය ඉදි කෙරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවේ. 

එහි අතීතය ලන්දේසි යුගයටම දිවෙන්නේ එවකට එය ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිල නිවස වූ බැවිනි. පසුව බ්‍රිතාන්‍ය යුගයේ, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවර‍යාගේ නිල නිවස වූ මෙය මෙනිසාම 1972 දක්වා හැඳින්වූයේ රැජිණගේ නිවස (ක්වීන්ස් හවුස්) නමිනි. Source: Wikipedia

ලෝකයේ සෑම රාජ්‍ය නායකයෙකුගේ මන්දිරයක් ඉදි කරද්දී ඊට අනුබද්ධව භූගත බංකරයක් සහ එම බංකරයේ සිට එළියට උමගක් ඉදි කිරීම ලෝක සම්ප්‍රදායයි. අපගේ පැරණි සිංහල රජවරුන් පවා සිය මාළිගාවේ සිට වාසල දොරෙන් එළියට බිම් ගෙයක් පවත්වාගෙන ගියේ මෙම උපක්‍රමික පසුබැසීමේ යුධ කලාව එකල පවා දැන සිටි නිසාවෙනි. සීගිරියේ මෙන්ම මහනුවර මාළිගාවේද එවැනි උමං ඇති බව ඉතිහාස වාර්තා වල දැක්වෙයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ධවල මන්දිරයේ භූගත අධි ආරක්ෂිත බංකරයක් ඇත. “Presidential Emergency Operations Center” ලෙස එය හැඳින්වෙයි. විස්තර. ධවල මන්දිරයට මෑතකදී අලුතෙන් බංකරයක් ඉදි කළ අතර එහි විස්තර මෙතනින්. රුසියානු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලයේ භාවිතයටත් අධි ආරක්ෂිත උමං පද්ධතියක් සහිත බංකරයක් තිබේ. එය “Metro-2” ලෙස හැඳින්වෙයි. විස්තර.

Mapmetro2[1]

ලන්දේසින් විසින්ද අප රටේ ගොඩනැගූ ජනාධිපති මන්දිරය තුළ භූගත බංකරයක් සහ එහි සිට වරාය දෙසට උමගක් ඉදි කර තිබේ. දෙවන ලෝක යුද්ධය සමයේ ජපනුන් විසින් මෙරටට බෝම්බ දැමූ නිසා එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ඇන්ඩෘ කැල්ඩිකොට් විසින් එම බංකරය වැඩි දියුණු කරන ලදී.

මෙවැනිම බංකරයක් බ්‍රිතාන්‍ය යුගයේ ඉදි වූ ගල්කිස්ස මහ හෝටලයේ තිබෙන අතර එහි සිට ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලය අසල පැරණි නිවසක ළිඳක් තුළට උමගක් ඇත. එයත් මේ වන විට වසා දමා ඇති අතර ගල්කිස්ස දුම් රිය පොළේ සිට ගල්කිස්ස හෝටලය දෙස බලන විට බිත්තිය රවුමට වසා දමා ඇති උමගක් දිස් වෙයි.

පහත දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය මගින් අනාවරණය කරන ලද එම බංකරයේ පින්තූර යි. මේවායේ ඇති ගෘහ භාණ්ඩ සහ සැරසිළි දෙස හොඳින් බලන්න. ඒවා බ්‍රිතාන්‍ය යුගයට අයත් ඉපැරණි දෑ බව ඔබට පැහදිළි වේවි.

MR_BAN

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය වාසස්ථානය සඳහා අරලියගහ මන්දිරය යොදා ගැණුනි. කොටි ත්‍රස්තවාදීන් සැහැල්ලු ගුවන් යානා මගින් එයට බෝම්බ දැමීමේ අවදානමක් ඇති බවට එවකට බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබූ නිසා හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට කොළඹ ජනාධිපති මන්දිරයේ ඇති භූගත බංකරය වැඩිදියුණු කර ඇත.

එම බංකරය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලයේ හමුදාපතිවරුන් සහ සෙසු නිලයන්ට හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට සුදුසු ලෙස අනෙකුත් ගෘහ භාණ්ඩ යුද වකවානුවේදී මිලදී ගෙන ඇත. ඕනෑම රටක ආරක්ෂක මණ්ඩලයේ නිලධාරීන්ට රජය විසින් සලකනු ලබන්නේ උසස් අයුරිනි. මෙය බංකරයක් නිසා සමහර නොදරුවන් හිතන් ඉන්නවා මෙන් නිදා ගන්න බූරු ඇඳන් – පොරවන්නට ගෝනි පැදුරු – මළපහ කරන්න බෙලෙක් පඩික්කම් – වාඩිවෙන්නට ලෑලි බංකු, ආරක්ෂක මණ්ඩලයේ නිලධාරීන් වෙනුවෙන් වෙන් කරන්නේ නැත.

බ්‍රිතාන්‍ය යුගයේ මෙම බංකරයේ සිට වරාය වෙත උමගක් තිබුණි. නමුත් එය මේ වන විට කඩා වැටී ඇත. කොළඹ ගොඩනැගිලි යටින් යන බවින් ඒවාට හානි නොකර එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අති විශාල මුදලක් වැය වන බැවින් එම උමග මානුෂික මෙහෙයුම කාලයේ ප්‍රතිසංස්කරණය නොකෙරුණි. නමුත් එය පසුකාලීනව ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ තැබුණි. පහත දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය මගින් හෙළි කළ එම රහසිගත උමගේ ඡායාරූප යි.UMAGA

සිරස ඇතුළු ජනමාධ්‍ය වෙත මෙම බංකරයේ පින්තූර ලබා ගැනීම සඳහා අවකාශ ලබා දීමෙන් නොනැවතී, මෙය දැන් මහජනතාව වෙතත් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. [Source: මව්බිම 2015-10-05].

ඒ අනුව ඕනෑම රටක චරපුරුෂයෙකුට මෙය දැකගත හැකි අතර මින් ඉදිරියට කිසිදු රාජ්‍ය නායකයෙකුට හදිසි අවස්ථාවකදී මෙම භූගත බංකරය භාවිතා කිරීමේ හැකියාව නොමැතිව යයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාවා දුන්නේ ඉදිරියේදී බලයට පත් වෙන්නට සිටින නායකයන්ට ඇති ආරක්ෂක මර්මස්ථානයකි. ඉදිරි අනාගතයේදී ව්ලැඩ්මිර් පුටින් වැනි විශිෂ්ට නායකයෙකු අප රටට බිහි වුණහොත් ඔහුගේ ජීවතාරක්ෂාව වෙනුවෙන් වෙන් කර තිබූ ආරක්ෂිත නිවස්නය මෙසේ පාවා දී ඇත.(කියවන්න –ආරක්ෂාව ගැන නොදත් හාල්පරුවන්ට මහින්දගෙන් උත්තරයක්-අපි ගහන කොට උන් හැදුවා. උන් ගහන කොට අපි හැදුවා)

FBCOMMENT01

Facebook අදහස්

රටක ප්‍රධානතම අභියෝගය නම් එරටේ ජාතික ආරක්ෂාව සුරැකීමයි. රාජ්‍ය නායකයා යනු ජාතික ආරක්ෂාවේ භාරකරුවා වන අතර ඔහු මත ජාතික අරක්ෂාවේ බොහෝ දෑ තිරණය වෙයි. රාජ්‍ය නායකයාගේ ආරක්ෂක උපක්‍රම හෙළිදරව් කිරීම තරම් දරුණු පාවාදීමක් තවත් නැත.

උදාහරණ ලෙස 1971 ජවිපෙ රාජ්‍ය විරෝධී කැරැල්ලේදී කැරළිකරුවන්ගේ එක් සැලැස්මක් වූයේ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය ඝාතනය කිරීමයි. එදාත් රාජ්‍ය බුද්ධි අංශය සිය වගකීම අකුරටම ඉටු කරමින් සිය රාජ්‍ය නායිකාවට සිදුවන්නට යන ජීවිත තර්ජනය ගැන අනතුරු අඟවයි. එවිට කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නැවක බණ්ඩාරණායක මැතිණිය ආරක්ෂක මණ්ඩලය සමග සැඟවී ජීවිතය බේරා ගන්නා ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ත්‍රස්තවාදීන්ගෙන් හෝ බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් කිසිදු ජීවිත තර්ජනයක් නොමැති වුවද ඔහු දැනගත යුත්තේ මේ රට පාලනය කරන අවසාන නායකයා ඔහු නොවන බවයි. එනමුත් මේ යන විදිහට එසේ වේදැයි සැකයක් මතු වෙයි.

අධි ආරක්ෂිත බංකරය මාධ්‍ය වෙත අනාවරණය කරමින් තමන් කළ මහා පාවාදීම ජනතාවගෙන් වසන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනමාධ්‍ය විසින් කිසිදු සාක්ෂියක් නොමැතිව පට්ට පල් බොරු කිහිපයක් ගොතා ඇත. ඒවා මොනවාදැයි එකින් එක බලමු… (කියවන්න – මෛත්‍රී…ගැණී ගෙදරද?)

බොරුව: බංකරයේ මාසික විදුලි බිල රු ලක්ෂ 30 කි.

ඇත්ත: එම බංකරය වායු සමීකරණය කරන්නේ භාවිතා කරන අවස්ථාවේදී පමණි. එක තට්ටුවක වපසරිය අඩි 3000 යැයි සිරිසේනගේ මාධ්‍ය පවසයි. එසේ නම් එක තට්ටුවක දිග අඩි 55 කි. එසේනම් එම තට්ටුව අද කාලයේ මදක් විශාල නිවසක ප්‍රමාණය ගනී. එවැනි නිවසක් වායු සමීකරණය කළ විට විදුලි බිල මාසිකව රු 20000 ක් පමණ වෙයි. එවිට අර බංකරයේ තට්ටු 4 ටම යන්නේ රු 80000 කි. බංකර් එක ඇතුළේ න්‍යෂ්ඨික බලාගාරයක් තිබුණා කිව්වානම් ලක්ෂ 30 ක මාසික විදුලි බිල පිළිගත හැකි වේවි.

බොරුව: බංකරය හදන්න බිලියන 3 ක් (මිලියන 3000 ක්) වැය විය.

ඇත්ත: අඩි 55 ක දිග පළල ඇති තට්ටු 4 ක බංකරයක් හදන්න බිලියන 3 ක් කිසි සේත්ම වැය නොවන බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මතයයි. වැඩිම වුවහොත් ඒ සඳහා රු මිලියන 300 යන්නට ඇති බව ඔවුන්ගේ මතයයි. මිලියන බිලියන පටලවා ගැනීම වත්මන් ආණ්ඩුව නිතර සිදුකරන්නකි, එනම් මේ රටේ ජාතික ආදායමටත් වඩා වැඩි මුදලක් මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමේ තිබෙනවා කියන්නේ එනිසා විය යුතුය. අනික් අතට ගාණ කුමක් වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිදරව්වෙන් පාවා දී ඇත්තේ එම මුදල වැය කර රටේ අනාගත නායකයන් වෙනුවෙන් ඉදි කළ ආරක්ෂක මර්මස්ථානයකි.

බොරුව: නාමල් රගර් ගැසූ පසුව නවතින්න යොදා ගත්තේ මේ බංකරයයි.

ඇත්ත: නාමල්ට රගර් ගැසූ පසුව ඇවිත් බංකරයක හැංගෙන්නට අවශ්‍යතාවයක් නැත. මෙම භූගත බංකරයට වාතාශ්‍රය එන්නේ නැති බැවින් වායුසමීකරණය කරයි. ක්‍රීඩා කළ පසුව වායුසමීකරණය කළ තැනක නොසිටින බව කවුරුත් දන්නා දෙයකි.

බොරුව: අරලියගහ මන්දිරයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටි බැවින්, ජනාධිපති මන්දිරයේ බංකරයක් හැදීමේ තේරුමක් නැත.

ඇත්ත: මෙම බංකරය බ්‍රිතාන්‍ය යුගයේ සිටම පවතින්නකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක අංශ වල ඉල්ලීම පරිදි එය වැඩිදියුණු කර ඇත්තේ අනාගතයේදී මේ රටට බිහි වෙන ජනාධිපතිවරුන්ගේ ද ආරක්ෂාව උදෙසා යි.

FBCOMMENT02

Facebook අදහස්

බොරුව: වායු සමීකරණය කර ඇති නිසා මෙය අධිසුඛෝපභෝගී බංකරයකි.

ඇත්ත: භූගත බංකරයක් නිසා එය තුළට වාතය ගමන් කරන්නේ නැත. එනිසා වායු සමීකරණය කිරීමට සිදුවෙයි.

බොරුව: එය මහින්දට විනෝද වීමට හදාපු මාළිගයකි.

ඇත්ත: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය මගින්ම වාර්තා කර තිබුණේ එම බංකරයේ බිත්ති අඩි 6 ක් පළල බවත්, වානේ දැල් සහිත කොන්ක්‍රීට් බිත්ති ඇති බවයි. එසේ කර ඇත්තේ කොටි ගුවනින් බෝම්බ පතිත කළානම් ඉන් බේරීම උදෙසායි. විනෝද වීමට හදන මාළිගාවක අඩි 6 ක් පළල බිත්ති අවශ්‍ය නැත. අනික් අතට ආතල් ගන්නනම් පොළොව යට බංකරයක් හදන්න අවශ්‍ය නැත. මූහුද අයිනේ හෝ නුවර එළියේ හෝටලයක් හැදිය හැකිය.

ප්‍රභාකරන්ටත් භූගත බංකරයක් තිබුණ අතර එම බංකරයේ සිට ඔහුගේ සබ්මැරීන් අංගනයට උමගක් තිබුණි. එහි පින්තූර මෙතනින් බලන්න. ජනාධිපති මන්දිරයේ ඇති භූගත බංකරය ජොලියට හදපු එකක් වෙන්නටයි, ප්‍රභාකරන්ගේ බංකරය එසේ නොවන්නේයි කෙසේද?

බොරුව: එය මහින්දගේ පුද්ගලික මාළිගාවකි.

ඇත්ත: පුද්ගලික මාළිගාවක් නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය හැදිය යුත්තේ සිය තංගල්ල කාල්ටන් නිවස තුළයි. ඔහු නික්මුණ පසු මතු යම් දිනක බලයට පත් වෙන අනාගත ජනාධිපතිවරුන්ගේත් ජීවිත ආරක්ෂාව උදෙසා භාවිතා කිරීමට ජනාධිපති මන්දිරයේ ඇති බංකරය වැඩිදියුණු කළේ එය ඔහුගේ පුද්ගලික පරිභෝජයක් නොවන නිසයි.

අනික් අතට දහම් බේබි කැසිනෝ ගොස් ගණිකාවන් රැගෙන අවුත් මේ බංකරයේ පදිංචි වුණා කීවොත් එයත් පිළිගන්නවාදැයි සිරිසේනගේ මාධ්‍ය කරුවන්ගෙන් අපි අහන්නෙමු.

දැන් බලමු දහම් බේබිගේ වැඩකිඩ.

Top