Featured

යහපාලන පචයන්ගේ තාජුඩීන් ඝාතනයට ගොට්ට අල්ලන්න ගිහින් ඉල්ලන් කයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා, රුපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යොමුකර තිබෙනවා.

ඒ වත්මන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාට එරෙහිවයි.

තාජුඩීන් ඝාතනයේ පශ්චාත් මරණ පරීක්ෂණයේ අතුරු වාර්තාවේ සහ අවසන් වාර්තාවේ කරුණු මුළුමනින් පරස්පර විරෝධී බවට වෛද්‍ය අජිත් තෙන්නකෝන් පසුගිය 10 වැනිදා පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇති බව වෛද්‍ය ආනන්ද සමරසේකර පවසනවා.ඝාතනය හදිසි අනතුරකින් සිදුවූ බවට වෛද්‍ය ආනන්ද සමරසේකර කරුණු දක්වා තිබුණත් මෘත දේහයේ තිබූ තුවාලවලින් මෙය ඝාතනයක් බවට අනාවරණය වන බව වෛද්‍ය අජිත් තෙන්නකෝන් ලබාදුන් සම්මුඛ සාකච්ජාවේ තවදුරටත් දැක්වෙන බව එම එන්තර වාසියේ සඳහන්.

කෙසේ වෙතත් ද්වේෂ සහගතව කරුණු ඉදිරිපත් කර තමන්ට අපහාසයක් වන ආකාරයට මෙම සම්මුඛ සාකච්ජාව ලබාදී ඇති බවද වෛද්‍ය ආනන්ද සමරසේකර යවනු ලැබූ එන්තර වාසියේ දැක්වෙනවා.මෙම සම්මුඛ සාකච්ජාව ඉල්ලා අස්කර ගන්නා ලෙසටත් කොන්දේසි විරහිතව තමාගෙන් සමාව ඉල්ලා අදාල පුවත්පතෙහි ලිපයක් පළ කරන ලෙසටත් එන්තරවාසිය මගින් තවදුරටත් ඉල්ලා තිබෙනවා.

තාජුඞීන් මැරුණේ ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය විමයි-කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ

කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර විසින් නිකුත්කල අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂලාට මඩ ගැසීමට ඉඩක් නැති බව තහවුරු කර තිබේ.රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණයට ආසන්න හේතුව සිහි නැති වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපන වීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය කිරීම යැයි කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර ඔහුගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර තිබේ.

උසාවියට ඉදිරිපත් කළ එම වාර්තාව අනුව ගින්න හටගනිද්දී ඔහු පණපිටින් සිටි බවත්, එහෙත් සිහි නැතිව මුළුමනින්ම අකර්මන්‍යව අවසන් හුස්ම හෙළමින් සිටි බව එම වාර්තාවේ සඳහන් වේ.
තාජුඩීන්ගේ ලේවල එතනෝල් අධික ප්‍රමාණයක් තිබූ බවත්, සිද්ධියට දෙපැයකට පෙර ඔහු මත්පැන් බොන්නට ඇති බවත් එම වාර්තාව පවසයි.අධික ලෙස පත්පැන් බිව් පුද්ගලයකු අර්ධ වශයෙන් අක්‍රය වුවත් වාහනයක් පදවාගෙන ගිය හැකි බව ද ඔහු කියයි.

තාජුදීන්ගේ හිසෙහි වූ තුවාල කාරය ඇතුළුත දී හෝ පිටත දී සිදු වන්නට ඇතැයි ද, මොට වූ අවියකින් පහර දීමෙන් එසේ විය හැකි යැයි ද නැතහොත් ඔහු කාරයේ සිටිය දී වෙනත් අයකු එළියට අදින්නට ඇද දමන්නට ඇතැයි ද, නොඑසේ නම් වාහනයෙන් බිමට වැටෙන්නට ඇතැයි ද, පහර දීමකින් ඔහුගේ අවයව පුපුරන්නට ඇතැයි ද, ඔහුගේ පපුවේ තුවාල රවුම් උපකරණයකින් තද කිරීමෙන් සිදුවන්නට ඇතැයි ද, එම තුවාල මාරක තුවාල නොවේයැයි ද, මරණයට හේතුව කාබන් ඩයොක්සයිඩ් වායුව ආග්‍රාණය වීම යැයි ද සමරසේකරගේ වාර්තාවේ දැක්වේ.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ විශේෂ වාර්තාව  2015 අගෝස්තු 05 දරන දින මහේස්ත්‍රාත් මුද්‍රාවෙන් මෙය අනුමත කර මුදාහැර තිබේ. කියවිම සදහා මෙම ලින්ක්(Link) එක මත කොටන්න  –https://goo.gl/photos/VNRG4NgKJwBSgRq16

http://www.lankanewsweb.today/archives/10933

http://www.lankanewsweb.today/archives/4869

http://www.lankanewsweb.today/archives/7235

 

Top