Featured

යහපාලනය “ජහපාලනය” වේ- සජිත් පිල සමග මෛත්‍රී නව ආණ්ඩුවක් හදයි!

තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව පවත්වාගෙන යැමට තමන්ට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොමැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයකු යටතේ එජාප ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවක් පිහි‍ටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ප්‍රබලයන් අතර රහස් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවිමට කටයුතු කිරිම අත්‍යවශ්‍ය බවත් එය කිරිමට මෛත්‍රී සමත් නොවන්නේ නම් තමන් එය කිරිමට සුදානම් බව රාජිත සේනාරත්න මහතා මෛත්‍රීපාල සිරිසේනට අභියෝග කර ඇති අතර ඒ අනුව මෛත්‍රී වහාම ජාතික ආණ්ඩුව අවසන් කර නව ආණ්ඩුවක් පිහිටු විමට අවධානය යොමුකර තිබේ.

ආණ්ඩුවක් පිහිටුවිමටනම් එජාපයේ සජිත් පාර්ශවයේ සහය තමන්ට ලබාගැනීමට හැකියාව ඇති බවත් පැවසු මෛත්‍රී ඒ සම්බන්ධයෙන් තමන්ම මැදිහත් වි සාකච්ඡා කරන බවද පවසා තිබේ.

මිට අමතරව මේ වනවිට එකාබද්ධ විපක්ෂයේ සිටින සියලුම දෙනා සමගද සාකච්ඡා කර ඔහුන් ද මේ අලුත් ආණ්ඩුව සමග සම්බන්ධ කිරිමට කටයුතු කරන ලෙසටද මෛත්‍රී ශ්‍රිලනිප ප්‍රභලයන්ට දැනුම්දි තිබේ.

මෙම තින්දුව ගැනීම ඉතාමත් බැරෑරුම් එකක් බවත් ඒ සදහා අනීවාර්යෙන් ශ්‍රීලනීප බලවතුන්ගේ සහය අවශ්‍ය බවද මෛත්‍රී පවසා ඇති අතර ඊට ආශිර්වාද ලබා ගැනිම සදහා අවශ්‍ය බව පවසමින් වහාම අද (07) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගැනිමට ගොස් තිබේ.

කියවන්න -රනිල් එජාප නායකත්වයෙන් දොට්ට-සජිත් ගෙන මෙහෙයුම මෛත්‍රී,කිලී අතට ගනී

Top