Anonymous Reporter

යහපාලනය දැන් expired… ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව වහාම කටයුතු කරනු!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අත්සන් කළ ගිවිසුම දෙසැම්බර් 31දායින් අවසන් වීම නිසා වහා පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව කටයුතු කිරීමට පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.

කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවකට සහභාගි වූ එහි නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව නීත්‍යනුකූල නොවන බවය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව රජය කටයුතු නොකළහොත් ඒකාබද්ධ විපක්ෂය දැඩි ක්‍රියාමාර්ග කීපයක් සඳහා යොමු වීමට අපේක්ෂාවෙන් සිටින බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Top