Featured

යහපාලනය රණවිරුවන් බිල්ලට දෙයි -නව සාක්‍ෂි 1150ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට

යහපාලන ආණ්ඩුව පත්වු පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුව මේ දක්වා කාලය තුල 4වන ඊළාම් යුද්ධයේදි රණවිරුවන් විසින් සිදුකරන ලද කියන අපරාධ සම්බන්ධයෙන් නව සාක්‍ෂි 1150ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදිමට කටයුතු කර තිබේන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.

ශ්‍රි ලංකා රජයේ පුර්ණ අනුදැනුම මත් මෙම නව සාක්ෂි තොගය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදි ඇති අතර එම සාක්ෂි අතර බහුතරයක් හමුදා ප්‍රධානින් යුද්ධය සම්බන්ධයෙන් කල සාකච්ඡා සහ ඇතැම් නියෝග සදහන්ව ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මිට අමතරව යුධ කාලසිමාව තුල උතුරේ වාර්තාකරණයේ යෙදුනු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සතුව තිබු කැසට් පට රැසක්ද ලංකා රජයේ අනුමතය සහිතව ලබාදිමට කටයුතු කර තිබේන බවද ඔහු අනාවරණය කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේදී සිදුවූ බරපතල වරදවල් පිළිබඳව චන්ද්‍රිකා මගින් ලබාගත් වැදගත් සාක්‍ෂි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබී ඇති බව කැනඩාවේ ජීවත්වන එල්ටීටීඊ සංවිධානයේ නීති අංශ සාමාජිකයයෙකු වන නීතිඥ ගැරී ආනන්ද සංගරී සදහන් කර තිබේ.

Top