Featured

යහපාලනය රෙද්ද පල්ලෙන් බේරේ! වකුගඩු රෝග නිවාරණය කෘෂි රසායන සමාගම් අතට

ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය එළබෙන දෙසැම්බර් 16 දින ජාතික වැඩමුළුවක් ගාලු මුවදොර හෝටලයේ කැඳවා ඇත. ඒ සදහා මිලියන ගණනක වියදමක් දරනු ලැබේ. එහි උදැසන පැවැත්වෙන ආරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිතුමාය. සවස් වරුවවේ සවස 3 ට ජනාධිපතිතුමා පැමිණේ. උදැසන පවත්වන වැඩමුළුවේ ප්‍රතිපලය ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්නේ මහාචාර්ය බුද්ධි මාරඹේ සහ මංජු ගුණවර්ධන මහතාය.

බුද්ධි මාරඹේ යනු ලංකාවේ කෘෂිරසායන වෙළදාමේ ආධිපත්‍ය දරන CIC සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි (යොමුව http://www.cic.lk/about_us/board_of_directors.php). මංජු ගුණවර්ධන යනු හිටි අඩියේ වකුගඩු රෝගය ගැන කට මැත දොඩවන වකුගඩු රෝගය ගැන කතා කිරීමට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැති CIC සමාගමේ සේවය කල පුද්ගලයෙකි.

පුදුමයනම් වකුගඩු රෝගය ගැන පර්යේෂණ කල සිය ගණනක් සිටින මේ රටේ වකුගඩු රෝගය ගැන ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්නට ජනාධිපති කාර්යාලය මගින් මේ දෙදෙනාවම තෝරා ගැනීමය. ජනාධිපති කාර්යාලයෙන් ලැබෙන තොරතුරු අනුව අද මෙම සමාගම්වල බලපෑම අන් කවරදාටත් වඩා වැඩි වී ඇත.

වකුගඩු රෝගය ගැන පසුගිය මැතිවරණ සමයේ වේදිකාවල පතුරු ඇරියේ පැවතී රජය කෘෂිරසායන මාෆියාවට යට වී නිහඩව සිටි බවයි. එසේනම් මේ කරන්නේ සමාගම් ජනාධිපති කාර්යාලයටම ගෙනවිත් උත්සව සංවිධානය කර, ආරාධනා පත්‍ර යවා, මුල් පුටුවේ හිඳුවා මාෆියාව රෙද්අස්සේම දමා ගැනීම නොවේදැයි ප්‍රශ්න කල යුතුය.

කැඞ්මියම් ප්‍රමාණය නිර්දේශ ප්‍රමාණයට වඩා සියයට 300ක වැඩි බව පවසමින් කෘෂිකර්ම අමාත්‍ය අහම්බෙන් ශ්‍රිලනිපයේ ප්‍රධාන ලේකම් වු ඇමති දුමින්ද දිසානායකගේ මැදිහත් විමෙන් මුද්‍රා තැබු පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි CIC පොහොර සමාගමට අයත් තොග ගබඩාව හරහා කප්පම් මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

කියවන්න –විෂ සහිත CIC පොහොර මුදා හරින්න “දුමින්ද” මිලියන 150ක් ඉල්ලයි

Top