Anonymous Reporter

යහපාලනයේ යුෂ උරා බොන බඩගොස්තරවාදින්

මෙහි සදහන් මාතෘකාව දුටු පමණින් කෙනෙකුට හැගී යනුයේ දේ්ශපාලඥයින් විසින් සිදු කර ඇති යමි කිසි අගති ක්‍රියාවන් පිළිබදව මෙමගින් කතිකාවට ලක් කරනු ඇතැයි යනුවෙනි. නමුත් එහිදී සටහන් කිරීමට අවශ්‍යව ඇත්තේ පෙර සදහන් කරන ලද කරුණට හාත් පසින්ම වෙනස් වූ කරුණු කිහිපයක් සමිබන්ධයෙනි. මෙම ලිපිය කියවාගෙන යත්ම එක් එක් අදාල පුද්ගලයන් තමන්ට සුදුසු තොප්පිය දා ගන්නා ලෙස කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිය යුතුය. වසර කීපයක් පැවති එකාධිපති පරිපාලනයකින් මිදී මෙම වසරේ ජනවාරි මස 08 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගැනිමත් සමග යහපාලනයක් කරා යන ගමනේ මුලික අඩිතාලම වැටුණි. එතැන් සිට පුරා අට මසකට ආසන්න කාලයක් තුල යහපාලනයක් තුලින් අපේක‍ෂා කරනු ලබන අභිලාෂයන් සඑලවන්නට මං සලකුණු පෙනෙන්නට විය. දශකයකට ආසන්න කාලයක් තම පෑන, කැමරාව සහ කට ස්වකැමැත්ත අනුව හැසුරූ විමට නොහැකි වු බව අප කවුරුත් පිළිගන්නා සත්‍යයකි. මෙි වන විට ඒ සියලු අමිහිරි තත්වයන් මග හැරි ගොස් සියඑ දෙනාටම අපේක්ෂා කරන ලද නිදහස ලැබි ඇත.

නමුත් යහපාලන පරිපාලනයක් යටතේ භුක්තිවිදිමට අවකාශය හිමිව ඇති මෙම නිදහස අයුතු ලෙස උපයෝගි කරගැනිමට සමහරක් පෙලඹ් ඇති බව මෙි වන විට දක්නට ඇත. නිදහස ඇති නිසාවෙන් තමන්ගේ කටට එන ඔිනෑම හිස් වචනයක්, පෑනක් හා හිස් කොළයක් ඇති පමාවෙන් ඔිනෑම වල්පලක් සටහන් කිරිමට වර්තමානයේ සුඑතරයක් කටයුතු කරමින් සිටියි. එමගින් සමාජයට සහ රටට සිදූවන්නා වු හානිය පිළිබදව අවබෝධයක් නොමැති මෘග්ධයන් සිටිම කනස්සල්ලට කරුණකි. එයට ආසන්නතම උදාහරණය ලෙස, තමන් ජොතිෂ්‍යවෙිදියෙකු ලෙස හදුන්වා ගන්නා විජයමුණි විජිත රෝහණ නමි වුවෙකු විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මරණයට පත්වන බවට අනාවැකියක් පල කරමින් සිදු කර තිබු විඩියෝවක් මෑතකදි මුහුණුපොත සමාජ ජාලය තුළ ප්‍රචාරය වීමෙ සිදුවිම ගෙනහැර දැක්විය හැක. රටක ජනාධිපතිවරයෙකුට මෙවන් ප්‍රකාශයක් සිදූ කිරිම ශීෂ්ඨ සමිපන්න නොවනු ඇත. ඹිනෑම දෙයක් ප්‍රකාශ කිරිමට නිදහස ඇති පමාවෙන් මෙවන් ප්‍රකාශ කරමින් අනාවැකි නිකුත් කිරිම ලැබුණා වු නිදහස අයුතු ලෙස යොදා ගැනිමකි. මෙය එක් උදාහරණයක් පමණි එමෙන්ම සමාජ ජලය තුල හැසිරෙණු ලබන ඔිනෑම පුද්ගලයෙකු මිට සමාන වු හා රටට හා රාජ්‍ය ආරක‍ෂාවට හානි වන්නා වු ප්‍රකාශ මෙන්නම ලිපිද සිය දහස් ගණනින් දැක ගැනිමට හැක. මෙය ඉතා අවාසනාවන්ත තත්වයකි. නවින ලොකයේ ඉදිරි පෙළ තරගකාරි රටවල් වල ඇති නිදහස එහි වාසය කරණු ලබන කිසිදු වැසියෙකු අයුතු ලෙස යොදා ගන්නේ නැත. ඒ ඔවුන් සෑම විටම තම රටෙී පවැත්ම හා ආරක‍ෂාව පිළිබදව පළමු කොට සිතන නිසාවෙනි.

මෙම ලිපියෙහි සටහන් කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනමි ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් විම සමිබන්ධව සැකකරුවන් ලෙස අරක‍ෂක අංශ නිළධාරින් පිරිසක් අත්අඩංගුවට ගැනිමය. මෙහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධි අංශ සාමාජිකයන් විම ඉතා සුවිශේෂි වු කරුණකි. මෙමගින් බුද්ධි අංශ යළිත් වරක් නිරාවෘත්තව වි ඇත. ’ඔපරේෂන් ඩබල් ඒජ්’ නමි මෙහෙයුම හරහා බුද්ධි අංශ ඉටුකර ඇති සුවිශේෂ වු කාර්්‍යයන් විශ්මජනකය. කොටින්ගේ බුද්ධි අංශ තම අතට ගෙන තමන්ට අවැසි ලෙස කොටි බුද්ධි අංශ හැසිරවිමට තරමි ආරක‍ෂක බුද්ධි අංශ දක‍ෂතා දක්වා ඇත. කොටි බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඔහුන්ගේ තොරතුරු අනුව කොළඔ ආශි්‍රත සිදූවන්නට ඉඩ තිබුණා වු පිපිරිමි විශාල ප්‍රමාණයක් වලක්වාලන්නට විය. නමුත් අද වන විට තම මවිබිම වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කැපවිමෙන් වැඩ කලාවු බුද්ධි අංශ නිළධාරින් පිරිසක් සදහා අපරාධ දෙපාර්තුමෙන්තුව මගින් වටිනාකමක් ලබා දි ඇත. මෙය ඉතාමත් අවාසනාවන්ත හා කණගාටුදායක තත්වයකි.

රටක, ජාතියක ආරක‍ෂාව කෙරෙහි නිරතුරුව කැප විමෙන් කටයුතු කරමින් සිටින එවන් නිළධාරින් අත්අඩංගුවට ගෙන අපරාධ ලේබලය ඇලවිමට කටයුතු කරමින් සිටිනේද යහපාලනය උගසට තබා කටයුතු කරමින් සිටින්නා වු පිරිසක් විය හැක. දක‍ෂ සහ ශක්තිමත් බුද්ධි අංශයක් ලෝකයට නිරාවරණය කොට එහි සේවයේ යෙදෙන්නා වු නිළධාරින්ගේ ජිවිත බිල්ලට තැබිම සදහා කවුරු වගකිව යුතු යැයි අප හට නොපැහැදිලි කරුණකි. මෙි සියලු දෑ පිටුපස යහපාලනය වාවගෙන ගෙන කනු ලබන පිරිසක් සිටින බව පැහැදිළි කරුණකි. අපට අවශ්‍ය වනුයේ පෙර නොවු අයුරින් රට තුළ නිර්මාණය වි ඇති නව දේශපාලන සංස්කෘතිය සමග යහපාලනය ක්‍රියාදාමයේ නිවැරදි අරුත අ්ර්ථවත් කරමින් රටෙි ආරක‍ෂාව, පැවැත්ම හා දියුණුවට අනිසි බලපෑමක් සිදූ නොවන අකාරයට, පැහැදිලි හා රටට යහපතක් ඇතිවෙන ලෙස තම පාලන කටයුතු ඉදිරියට ගෙන යාමට දේශපාලඥයින් වග බලාගත යුතු බව තරයේ අවධාරණය කරන්නෙමු. එහිදි ජනතාව වශයෙන් අපද රටට ප්‍රමුකත්වය ලබා දෙමින් කටයුතු කරමින් රට ඉදිරියේ හි ඇති අභියෝග ජයගැනිමට විශාල වශයෙන් පිටුවහලක් විය යුතු බවද පෙන්වා දෙන්නෙමු.

අනුෂ ජයා

Top