Political

“යුතුකම” මුවාවෙන් ජනපති කඩේ යැවුවාද? 19ය තවමත් කෙටුම්පතක් බව නොකිම පසුපස ඇති අභිරහස කුමක්ද? යුතුකම, යුතුකම ඉටු නොකරන්නේ ඇයි?

Published on: Feb 19, 2020 – ජනපති කාලයෙන් දෙපැයක් පසුගිය දිනක යුතුකම ජාතික සංවිධානය පැවැත්වූ සම්ම්න්ත්‍රනයක් වෙනුවෙන් ලබා ගෙන තිබුණි. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට ලබා දුන් මුද්‍රිත ප්‍රකාශනයේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට නම්ශ්‍ රේෂ්ඨාධිකරණයේ තීන්දු අනුව ජනමතවිචාරණයකට යා යුතු බව දක්වා තිබුණි. මේ එහි උපුටා ගැනීම වේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව පත්ව වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට තිබු බලය වසර හතර හමාරක් යනතෙක් අහිමි කිරීම මේ සදහා එක ප්‍රකට නිදසුනකි. එසේ කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතියට අනුමැතියට අමතරව ජනමත විචාරනයකින්ද ඒ සදහා අනුමැතිය අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ගණනාවක්ම තිබිය දී ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිතුමාගේ බලතල අහෝසි කිරීම ජනතා පරමාධිපත්‍ය සොරකම් කිරීමක් නොවේද?

ශ්‍රේෂඨාධිකරණ තීරණ අනුව ජනමතවිචාරණයකට යා යුතුනම්,

ජනමතවිචාරණයකට යන තෙක් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වී නැතිබව යුතුකම නොදකින්නේ ඇයි? සම්මත වී නැති විට එය නීතියක් නොවන බව නොදන්නේද? සම්මත වී නැති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් යොදාගෙන සම්මත වී ඇති ව්‍යවස්ථාව යටපත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවත් එසේ ක්‍රියාකිරීම ව්‍යවස්ථා උල්ලංඝනයක් බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවට ප්‍රතිඥා දී ඇති ජනාධිපති තුමාට පෙන්වා නොදුන්නේ ඇයි? එලෙස ප්‍රතිඥා දී ඇති සමුළුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී වරුනට ඒ බව නොපැවසුවේ ඇයි?

මෙම සමුළුව ඇමතු ජනාධිපති නීතිඥ මනෝහර මහතා 19 වන ව්‍යවස්ථා සංශෝධනය භාවිතා කිරීම නිසා රටට සිදු වී ඇති අවැඩ ගැන බොහෝ විස්තර කලදල නීතියක් නොවන එවන් ප්‍රශ්ණකාරී කෙටුම්පතක් නීතියක් ලෙස නොසැලකිමෙන්ම එම අති භයානක ප්‍රශ්න වලින් ඉබේම ජනතාවත් රටත් මිදෙන බව තේරුම් ගෙන ඒ බව ඍජුවම හෝ යුතුකම මාර්ගයෙන් හෝ ජනාධිපතිතුමාටත්, කථානායකටත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් දැන්වුවානම් එය එම කථාවට වඩා බොහෝ අර්ථවත් වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට අනුව ජනමතවිචාරණයක් පවත්වන තෙක් 19 ව්‍යවස්ථාව සම්මත වී නැති බව යුතුකම සංවිධානය ජනාධිපති තුමාට දැන් ලිඛිතව දන්වා ඇත. ව්‍යවස්ථාවට අනුව 19 වන සංශෝධනය නීතියක් නොවන බව අප විසින් ඉතා පැහැදිලිව මිට කලින් ළිපි වලින් පෙන්වා ඇත. තවමත් ලැබුණු බවට හෝ දැනුම් දීමක් නැතුවා වුවද අප ද ජනාධිපතිතුමා පත්වූ දිනවලම මේ බව එතුමාට ලිඛිතව දැනුම් දී ඇත.

ජනාධිපති නීතිඥ තුමාත් යුගයේ මහා ප්‍රාඥයා ලෙස යුතුකම සංවිධානය පවසා සිටි ගුණදාස අමරසේකර මහතාත්ල 19 ව්‍යවස්ථා සංශෝධනය ජනමතවිචරණයකින් තොරව සම්මත වී ඇති බවක් නොකියනු ඇති. මක් නිසාද යත් ජනමත විචාරණයක් පවත්වන තුරු ඔවුන් දක්වා සිටින පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වලට අනුවත්ල අප විසින් තවදුරටත් පැහැදිලි කර ඇති පරිදි ව්‍යවස්ථාවට අනුවත් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවමත් කෙටුම්පතක් පමණක් බැවිනි. එසේ නම් ඔවුන් ඒ බව ජනාධිපතිතුමාටත්, කථානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් පැහැදිළි කර නොදීම පිටුපස යම් කිසි අභිරහසක් තිබේද?

මෙම ගැටළුව යුතුකම සංවිධානය පමණක් නොව අනෙක් සියලුම ජාතික සංවිධාන ආමන්ත්‍රණය කල යුතුය. ඔවුන් සියලු දෙනා එක්වී ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටින කතානායක ඇතුළු මන්ත්‍රී වරුන්ට තම විරුද්ධත්වය දැක්වීමට ප්‍රමාද වී හෝ මේ කාලයයි.

අද පාර්ලිමේන්තුවේ සිටින කතානායක ඇතුළු සියලු මන්ත්‍රී වරුන් මෙම වරදට ඍජු වරදකරුවන් වේග 2018ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ඔවුන් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත වී නැති බව තේරුම් ගත යුතුව තිබුණි. එසේනම් ඔවුන් කල යුතුව තිබුනේ එම කෙටුම්පත සම්මත වීමට අවශ්‍ය ඊලග පියවර ගැනීමත්ල ඒ වන විට නීති විරෝධී ලෙස පිහිටුවා තිබෙන 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුමපතෙහි සදහන් ආයතන හා සභාවන් අවලංගු කිරීමයි.

මේ වන තුරුත් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක හෝ කිසිදු මන්ත්‍රීවරයෙක් හෝ මෙම නිවැරදි කිරීමට ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත. එසේ නම් ජනතාව විසින් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නට පත් කල ඔවුන් ව්‍යවස්ථාව රටට ඉතා අහිතකර ලෙස උල්ලංඝනය කරන්නේනම්ල එළැබෙන මැතිවරණයේදී ජනතාව ඔවුන්ට නිසි සැලකිලි දැක්විය යුතුය.

ඔවුනගේ දන ගැනීම පිණිස කල යුත්ත කුමක්දැයි පහදා දෙමු….

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචරනයකින් සම්මත විය යුතු නිසා මන්ත්‍රීවරුන්ගේ 2/3 ලැබුණු විට 79 ව්‍යවස්ථාව අනුව කථානායක විසින් , මෙම කෙටුම්පත ජනමතවිචරනයකින් අනුමත වන තෙක් නිතිය බවට පත් නොවන්නේය, යන සටහන තැබිය යුතුය. එය මෙතෙක් තබා නැති බැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සදහා කතානායකගේ අත්සන තවම ව්‍යවස්ථානුකුලව තබා නැති ලෙස සැලකිය යුතුය. එසේ සලකා වර්තමාන කථානායකතුමා 79 වන ව්‍යවස්ථාවට අනුකූලව , මෙම කෙටුම්පත ජනමතවිචරනයකින් අනුමත වන තෙක් නිතිය බවට පත් නොවන්නේය, ලෙස සටහන් තබා අත්සන් කල යුතුය.

දැන් ජනාධිපති නීතිඥවරුන් ද මහා ප්‍රාඥයන් ද අපද පෙන්වා දී ඇති පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවම නීතියක් වී නැති බැවින් ඒ මත පිහිටුවා ඇති සියලුම සභා සහ ආයතන බල රහිත වේ. ඒවා පවතින ලෙස නොසැලකිය යුතුය. ජනාධිපතිතුමා සහ විධායකය එවන් සභා හෝ ආයතන නැති ලෙස සලකා කටයුතු කල යුතුය.

~~හර්ෂ කුමාර් සුරියආරච්චි~~

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top