ටීඑන්.ඒ. පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායක තනතුරට නුසුදුසු වන්නේ ඔහු දෙමළ වීම නිසා හෝ පටු ජාතිවාදියකු වීම නිසාද? නැත. කිසිසේත්ම නැත. එසේ නම් ඒ කුමන හේතු නිසාද?
පළමු හේතුව ඔහු බෙදුම්වාදියකු වීමය.
මෙවර මහ මැතිවරණයට සහ ඊට පෙර පළාත් සභා මැතිබරණයට ඔහුගේ පක්‍ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයෙන් තමා උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව සඳහන් කොට ඇත. ඔහු ෆෙඩරල් පාලනයක් සහ ස්වයං පාලනයක් යන වචන එක විට පාවිච්චි කරන්නේ ඒ දෙක සමාන නිසා නොවේ. ෆෙඩරල් පාලනයක් යනු 13 වැනි ව්‍යවස්ථා සංශෝදධය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම මඟින් ඇතිවන තත්වයකි. ඔහු අදහස් කරන ස්වයං පාලනය නිත්‍යානුකූලව ලබාගන්නා තත්වයකි. ස්වයං පාලනයක් යනු වෙනම රටක් මිස අන් යමක් නොවේ.
ඔහු විපක්‍ෂනායක තනතුර බාර ගැනීමෙන් පසුව කළ කථාවේදීත් තමාට ඉන්දියාවේ මෙන් ෆෙඩරල් පාලනයක් අවශ්‍ය බව පැවසීය. එහෙත් ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍යය ස්වයං පාලන ඒකක ලෙස හැඳින්වෙන්නේ නැත. කෙසේවෙතත් සහ-සන්දීය රාජ්‍යයක් හෙවත් ෆෙඩරල් පාලනයක් ඉක්මවා යන බලතල සහිත ප‍්‍රාන්ත රාජ්‍යයක් ස්වයං පාලන ඒකකයක් ලෙස හැදින්විය හැකි බවට තර්ක කළ හැක. එහෙත් සහුසන්දීය රාජ්‍ය ව්‍යූහයක් අවශ්‍ය වන්නේ බෙදී වෙන්වී ඇති රටවල් ලිහිල් ලෙස එකට ගැසීමටය. එසේ කුමන තර්ක ඉදිරිපත් කළත් සම්බන්ධන් මහතා 2012 මැයි 25 දින මඩකලපුවේදී පැවැත්වූ තම පක්‍ෂ සමුළුවේදී කළ ප‍්‍රකාශයෙන් ඔහුගේ සැබෑ අරමුණ පැහැදිලි වේ. එහිදී ඔහු ඉතා පැහැදිලිව ප‍්‍රකාශකලේ තමා වෙනම රාජ්‍යයක් පිළිබඳ අරමුණ අත්හැර නොමැති බවය. ඔහු සඳහන් කළේ තමා ඊලාම් අරමුණ වෙනස් කොට නොමැති නමුත් ඊට ලඟාවන උපාය මාර්ගය වෙනස්කොට ඇති බවය.
උපාය මාර්ගික වෙනස් ලෙස ඔහු සඳහන් කළේ ආයුධ සන්නද්ධ යුද්ධය වෙනුවට අවිහිංසාවාදී හෙවත් ගාන්ධිවාදී මහජන වීදී සටන් ආදේශ කිරීමය. එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ එම මහජන සටන් වලට ප‍්‍රතිචාර දක්වා ශ‍්‍රී ලංකා රජය ස්වයං පාලනයක් ලබා නොදෙන්නේ නම් ජාත්‍යන්තරය මැදිහත් වී එය ලබාගැනීමට කටයුතු කළයුතු බවය. ඒ ආකාරයට ඉතා පැහැදිලිව ඉට බෙදීම අරමුණු කොට ගත් දේශපාලන ව්‍යාපාරයක නායකයකු විපක්‍ෂනායක කමට පත් කිරීම 06 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිපාදන උල්ලංගනය කිරීමකි. දැනටමත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප‍්‍රමුඛ සංවිධාන කිහිපයක් ඊට අදාලව සම්බන්ධන් මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇත. එම නඩුව දැනට විභාග වෙමින් පවතී.
දෙවන හේතුව සම්බන්ධන් මහතා විසින් එසේ රට බෙදීමේ ක‍්‍රියාවලියට මැදිහත්වන්නැයි බාහිර ආක‍්‍රමණික පාර්ශව වලට ආරාධනා කිරීමය.
ඔහු ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා වන ආරාධනය නැවත නැවත සිදුකොට ඇත. ස්වාධීන ස්වයිරී රාජ්‍යයක් වන තම මවුබිමේ කොටසක් කඩා තමැට ස්වයං පාලනයක් ලබාදීමට ආක‍්‍රමණික මැදිහත්වීඹක් සිදුකරන ලෙස බාහිර සතුරු රාජ්‍ය විලින් ඉල්ලා සිටින ජාත්‍යන්තර ඔත්තුකරුවකු විපක්‍ෂනායක කමට සුදුසු වන්නේ කෙසේද? ඔහු උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජනවරම ලබාගන්නේ එවැනි බෙදුම්වාදී ආක‍්‍රමණයක් සාධාරණීකරනය කරමිනි. එම නිසා එම ජනවරමද විකෘතියකි.
තුන්වන හේතුව ඔහු තම මවු රටේ ආරක්‍ෂික හමුදාවට සහ සේනාධිනායකයාට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා සිටීමය.
එය රටේ ජාතික ආරක්‍ෂාව සහ ස්වාධීනත්වයට පාබාදෙන දේශ දෝහී ක‍්‍රියාවලි. එවැනි පුද්ගලයකුට රටේ විපක්‍ෂනායකකම දැරීමට සදාචාර අයිතියක් ඇත්ද? තම මවු රට ත‍්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරයක ග‍්‍රහණයෙන් ගබවාගත් රාජ්‍ය නායකයින් සහ හමුදාව පාවාදෙන විපක්‍ෂනායකයින් සිටින්නේ කුමන රටේද?
හතරවන හේතුව ඔහු ප‍්‍රභාකරන් මිලේච්ඡ යුද්ධයට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වූ පුද්ගලයෙකු වීමය.
ඔහු වචනයකින් හෝ ඊට එරෙහි නොවූවා පමණක් නොව ප‍්‍රසිද්ධියේ ඔහු සමඟ ගනුදෙනු කළේය. ඔහු ප‍්‍රභාකරන්ගේ උපදෙස් අනුව ආයුධ සන්නද්ධ සටනට සමගාමීව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්බිමේ විශාල වැඩ කොටසක් ඉටුකළේය. ප්‍රභාකරන්ගේ මිලේච්ඡත්වය සාධාරණීකරනය කිරීමට ඔහු කටයුතු කළ අතර කිසිදු අවස්ථාවක ලමා සොල්දාදුවන් බඳවා ගැනීමට හෝ ලක්‍ෂ 03 ක ජනතාව ප‍්‍රාණ ඇපයට ගෙන වදබන්ධන දීමට විරුද්ධව වචනයක් හෝ ප‍්‍රකාශකොට නැත. එවැනි යුද අපරාධකාරයකු රටේ විපක්‍ෂනායක කමට සුදුසු වන්නේ කෙසේද?
පස්වැනි හේතුව ඔහු ප‍්‍රාදේශීය දේශපාලන නායකයකු වීම සහ උතුරු නැගෙනහිර ජනතාවගෙන් යම් කොටසක් පමණක් නියෝජනය කිරීමය.
ඊට අමතරව මහජන නියෝජිතයකු ලෙස ඔහුගේ ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුව තුළ දෙමළ ජානතාවගේ ප‍්‍රශ්න පිළිබඳව පමණක් කථාකල අයෙකි. ඔහු ජාතික මට්ටමේ සමාජ දේශපාලන සහ ආර්ථික ප‍්‍රශ්න පිළිබඳව ප‍්‍රභල නියෝජනයක් සිදුකොට නැති බව ප‍්‍රසිද්ධ කරුණකි. එසේ තිබේනම් ඔහුට පක්‍ෂව අදහස් දක්වන පිරිස් හැන්සාඞ් වාර්තා උපුටා දක්වා එම චෝදනාවෙන් ඔහු ගලවාගත යුතුය. එක් ජන කොටසක් සහ යම් භූගෝලීය ප‍්‍රදේශයක් පමණක් නියෝජනය කරන පුද්ගලයකුට විපක්‍ෂනායක ලෙස වර්තමාන ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශකල සමස්ථ ජනතාවගේ අපේක්‍ෂා නියෝජනය කළ හැකිද?
හයවැනි හේතුව සම්බන්ධන් මහතාට විපක්‍ෂයේ බහුතර නියෝජනයක් නොතිබීමය.
එදා 1978 දී අමිර්තලිංගම් මහතාට විපක්‍ෂනායකකම හිමවූයේ ඔහු ප‍්‍රධාන විපක්‍ෂය වීමට විභවය තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වඩා වැඩි ආසන ප‍්‍රමාණයක් ලබාගත් නිසාය. නමුත් අද ඔහු ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම විපක්‍ෂයේ සුළුතරයක් නියෝජනය කරන පක්‍ෂයක නායකයෙකි.
උතුරු නැගෙනහිර ජනගහණය පැතිරීම අනුව ආසන බෙදීයාමේ විකෘතිය නිසා සම්බන්ධන් මහතාගේ පක්‍ෂය ආසන 16 ක් ලබාගත්තත් ඡන්ද ප‍්‍රමාණය අනුව ඔවුනට ලබාගත හැකිවූයේ ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු ඡන්ද ප‍්‍රමාණයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යම් මන්ත්රීවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවට සම්බන්ද වූවත් එහි බහුතරය වන මන්ත‍්‍රීවරුන් 56 ක් තමා විපක්‍ෂය ලෙස කටයුතු කරන බව ලිඛිතව ජනාධිපතිවරයාට හෙවත් සන්ධානයේ නායකයාට දන්වා ඇත. නමුත් සන්ධානයේ නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතා සන්ධාන ලේකම්වරයා මඟින් කථානායකවරයාට දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විපක්‍ෂනායකකම අපේක්‍ෂා නොකරන බවය. එම නීති විරෝධී සහ සදාචාර විරෝධී ක‍්‍රියාව මඟින් කථානායකවරයාට තාක්‍ෂණික ප‍්‍රශ්නයක් මතුවූවද ඔහුගේ තීන්දුව අපක්‍ෂපාතී නොවන බව සහ ප‍්‍රජාතන්නාවාදී නොවන බව ඉතා පැහැදිලිව පෙනේ.
කථානායකවරයා පමණක් නොව යහපාලනය ගැන කෑාමාර දුන් සියලු දෙනා මෙම යහපාලන විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පත්කිරීම පිළිබඳව ලැජ්ජා විය යුතුය. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් 47 ලක්‍ෂයක ජනතාව හෙවත් විපක්‍ෂයේ බහුතර ජනතාව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට තනතුරක් නැත. එම තත්වය තවත් නරක අතට හැරෙන්නේ සන්ධානයේ සුළු පක්‍ෂ නායකයින්ගේ පක්‍ස නායක තත්වයද පාර්ලිමේන්තුව තුල අහිමි කිරීම නිසාය. ඒවා පාර්ලිමේන්තුව තුල සැබෑ විපක්‍ෂයේ මතය යටපත් කිරීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ග බව පැහැදිලිව පෙනේ. කෙසේවෙතත් දන්ධානයේ නායකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තම ජනාධිපති බලතල යොදාගනිමින් සෙසු නායකත්වය යටපත් කොට බියගන්වා නීති විරෝධීව පත්කළ නව ලේකම්වරයාගේ ලිපිය අභියෝගයට ලක්නොවීම වරදකි. ඔහු තාවකාලිකව වැඩබැලීම සඳහා පත්කලා යන තර්කය යටතේ වුවත් ඔහුට නිල කටයුත්තකට බලය පාවිච්චි කල හැක්කේ ඔහුගේ පත්වීම සන්ධානයේ විධායක සභාව විසින් අනුමත කොට ඇත්නම් පමණී.
ඒ අනුව එක්පැත්තකින් කථානායකවරයා නීත්‍යානුකූල බලයක් නොමැති ලේකම්වරයකුගේ ලිපියක් අනුව 47 ලක්‍ෂයකගේ මතය යටපත් කොට ඇත. අනෙක්පැත්තෙන් ලිපියේ කරුණු වැරදි ලෙස අර්ථ දැක්වීම මඟින්ද බරපතල වරදක් සිදුකොට ඇත. එම ලිපිය මඟින් කියන්නේ සන්ධානයේ එක් පක්‍ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විපක්‍ෂනායක කම අපේක්‍ෂා නොරන බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදාල පක්‍ෂ ව්‍යූහයන් තුළ මතය විමසා එවැනි තීන්දුවක් ගත්තාද නැද්ද යන්න වෙනම කාරණයකිත ඒ අනුව අනෙක් පක්‍ෂ නායකයින්ට තමා සමඟ බහුතර මන්ත‍්‍රීවරු පිරිසක් සිටිනවාද නැද්ද යන්න විමසා බැලීමේ අවම වගකීමක් කථානායකවරයාට ඇත. එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යම් මන්ත්රීවරුන් පිරිසක් තම පක්‍ෂයවිසින් ගත්තා යැයි කියන තීන්දුවක් නොසලකා සන්ධානයේ සෙසු පක්‍ෂ සමඟ එකතුව විපක්‍ෂයක් ලෙස පෙනීසිටීඹ අභියෝගයට ලක්කිරීමට කථානායකවරයාට බලයක් නැත. එහි හරිවැරැද්ද පක්‍ස විසින් සහ ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුකළ යුතුය.
ඒ සියලු කරුණු අනුව පෙනී යන්නේ විපක්‍ෂනායක පත්කිරීමේදී දැනුවත්ව සහ සැලසුම් සහගතව යහපාලනයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සියළු සළුපිළි උනාදමා නිර්වස්ත‍්‍රව තීන්දුගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයා එක්ව කටයුතු කොට ඇති බවය. ඒ මඟින් 47 ලක්‍ෂයක ඡන්ද අයිතිය සහිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උඳුරාගන්නවාට අමතරව මෙතෙක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පැවති අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ද මරාදමා ඇත. ඒ අතින් හිටපු කථානායකවරුන් වන වි.ජ.මු. ලොකුබණ්ඩාර සහ දමල් රාජපක්‍ෂ මහත්වරුන්ගේ සපත්තුවක් තරම්වත් නොවටිනා තත්වයට කරූ ජයසූරිය මහතා පත්වී ඇත. එසේවූවත් සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර යාපා, නිමල් සිරිපාල, වැන්නවුන් කළ මහා පාවාදීම සමඟ සසඳන විට කරූ ජයසූරිය මහතා ලැජ්ජා බිය ඇති මහත්මයකු ලෙස පිළිගැනීමට සිදුවේ. සුසිල්ලා ප‍්‍රමුඛ තම ඡුන්දදායකයා අමු අමුවේ පාවා දුන් දේශපාලකයින් නැවත ගමට යන්නේ කෙසේදැයි ඉදිරි කාලයේදී ඔවුනට ඡන්දය දුන් ජනතාව තීන්දු කරනු ඇත.
කෙසේවෙතත් අවසාන විග‍්‍රහයේදී 47 ලක්‍සයක් ජනතාව නියෝජනාය කරන දේශපාලන දන්ධානයට විපක්‍ෂනායකකම අහිමි වන්නේ ඒ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා කටයුතු කළ පාවා දෙන්නන් පිරිසක් නිසා බව පිළිගැනීමට සිදුවේ. සෙසු කාරණා අවශේෂ කාරණා ලෙසද පිළිගැනීමට සිදුවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය භාවිතාකළ ජනතාව කිසිඳු ආකාරයකින් ජාතික ආණ්ඩුවක් සඳහා ජනවරමක් ලබාදී නැත. මහින්ද රාජපක්‍ෂ මහතා එම ජනවරම ඉල්ලීමේදී කිසිසේත්ම ජාතික ආණ්ඩුවක් හැදීමට දායක නොවන බව ප‍්‍රකාශ කලේය. ඒ අනුව ජනවරමට පිටින් ජාතික ආණ්ඩුවක් හැදීමට දායක වූ සියළු දෙනා පාර්ලිමේන්තුව තුළ සිදුවෙමින් බවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී බලහත්කාරයට වගකිව යුතුය.
වෛද්‍ය වසන්ත බණ්ඩාර.