වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් පිහිටුවා ඇති අධිකාරියට පත් කර තිබෙන සභාපතිවරයා ඇතුළු නිළධාරීන් තුන් දෙනකු ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ජනාධිපතිවරයාට නියෝග කර තිබේන බව අනාවරණය වේ.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) රජයෙන් ඉල්ලා ඇත්තේ සභාපති සුහද ගම්ලත්, යසන්ත කෝදාගොඩ සහ නන්දන මුණසිංහ යන තිදෙනා වහාම අධිකාරියෙන් වහාම ඉවත් කරන ලෙසයි.
මේ අතරින් එක් අයකු හෝ වධහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන වග ITJP 13 සඳුදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් හරහාද සදහන් කර තිබේන අතර ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට පිහිටුවන ලද වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පත් කරන ලද නිලධාරීන් අතරින් දෙදෙනකු අත් අඩංගුවේදී වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වගකිවයුතු අතර අනෙක් නිලධාරියා සාක්ෂි වසන් කිරීමට ක්‍රියාකාරීව මැදිහත් වූ බවටද චෝදනා කර තිබේ.
සභාපති සුහද ගම්ලත් හිටපු පුනරුත්ථාපන කොමසාරිස් ලෙසින්ද, හිටපු නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයකු ලෙසින්ද වධහිංසා පැමිණවීම සම්බන්ධ වගකීමෙන් බැඳෙන නිලධාරීන් වන අතර අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ආරක්ෂක අංශ වලට එරෙහිව සාක්ෂි දීමෙන් සාක්ෂිකරුවන් වලක්වා ලීමේ කාර්යභාරයක් ඉටුකළ බවට ස්වාධීන ජාත්‍යන්තර විද්වතුන් විසින් චෝදනා නගනු ලැබූ අයකු බව ITJP පෙන්වා දෙයි.
2006 මාර්තුවේ මුතුර්හිදී ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනකුගේ ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයැවීමේදී ශ්‍රී ලංකා හමුදාව ආරක්ෂා කිරිම් සදහා මෙම කණ්ඩායම කටයුතු කරන බවත් ඒ හරහා යහපාලනය වරදකරුවන්ට දඩුවම් දිමට දුන් ජාත්‍යන්තර ප්‍රතිඥාව බිදවැටි ඇති බවද පෙන්වා දි තිබේ.