Anonymous Reporter

“රට කාපු එකා දැන් මේකත් කන්නද හදන්නේ “-නිර්මාල් නිර්වස්ත්‍ර වේ

කොළඹ හයිඩ් පිටියේ පැවති යෝජිත ඉන්දු ලංකා ETCA ගිවිසුමට විරෝධී රැලියට සහභාගී වීමට පැමිණි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපති නිර්මාල් රන්ජිත් දේවසිරි මහතාට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ තොරතුරු තාක්ෂණවේදීන් පිරිසක් දැඩි විරෝධයක් දැක්වීය.

“රට කාපු එකා දැන් මේකත් කන්නද හදන්නේ” යනුවෙන් පරුෂ වචනයෙන් ඔහුට බැණ වැදුණු වෘත්තිකයෝ “මේ රෝ ඔත්තුකාරයට රැස්වීමට ආරාධනා කලේ කව්දැයි” විමසමින් සංවිධායක මණ්ඩලයට දෝෂාරෝපණය කළහ.

මේ පිලිබඳ අදහස් දැක් වූ රැස්වීම් සංවිධායක කමිටු සාමාජික ඉංජිනේරු සංගමයේ සභාපති පාලිත අබේවර්ධන මහතා පැවැසුවේ ETCA විරෝධී ඕනෑම අයකුට මේ අරගලයට සහභාගී විය හැකි බවත්, නිර්මාල්ට අමතරව විවිධ දේශපාලන අදහස් දරණ තවත් බොහෝ දෙනකුට රැස්වීමට ආරාධනා කල බවත්ය.

නිර්මාල් කතාවක් පැවැත්වුවහොත් අඛණ්ඩ හූ හඩක් නගන බව පිරිස පැවසුව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ මැදිහත් වීමෙන් තත්වය සමනය විය.

Top