Featured

රට පාවාදිමේ තවත් පියවරක්-යුරෝපා සංගමයේ ඉල්ලිමට ඕමන්ත මුරපොළ බිල්ලට දෙයි

යුරෝපා සංගමයේ නියෝජිතයන් හරහා ශ්‍රි ලංකා රජයෙන් කල ඉල්ලිමකට අනුව වවුනියා ඕමන්ත මුරපොළ සම්පුර්ණයෙන් ඉවත් කිරිමට රජය කඩිනමින් කටයුතු කල බව දමිළ ඩයස්පොරාව කැනඩියානු වෙබ් අඩවියකට පවසා ඇති බව අප කැනේඩියානු විශේෂ වාර්තාකරු සදහන් කළා.

4වන ඊළාම් යුද්ධය අවසන් කිරිම සදහා මෙන්ම උතුරේ සාමය ආරක්ෂා කරගැනිම සදහා ඕමන්ත මුරපොළ විශේෂ යුධමය කාර්යභාරයන් ඉටුකල බව අමුතුවෙන් කිවයුතු නෑ.

යුරෝපිය සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණි අතර ඔහුන් පසුගිය 27 දින කිලිනොච්චියෙහි සංචාරයක ද නිරත වුනා.

යමපාලන ආණ්ඩුව බලයට පැමිණි වහාම  TNA සමග ඇතිකරගත් එකඟතාවයට අනුව ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් 2002 වසරේ සිට උතුරු දකුණු ගමනාගමන කටයුතු පරීක්‍ෂා කිරීම් සිදු කළ ඕමන්ත සීමා මුරපොළ අරාක්‍ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව පෙබරවාරි 2 වැනිදා සිට  සිවිල් ජනතාවට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර ගත් අතර පුපුරන ද්‍රව්‍ය රැගෙන යනු ඇතයි සැකය නිසා උතුරේ සිට ප‍්‍රවාහනය කරනු ලබන අබලි යකඩ පමණක් පරීක්‍ෂා කිරීමට ආරක්‍ෂක අංශ විසින් පියවර ගෙන තිබුනා. නමුත් අද සිට කිසිම දෙයක් පරික්ෂා නොකරනු ඇත.

පසුව මේ සම්බන්ධයෙන් මාධ්‍ය හා සන්ධාන රජයේ මහින්ද පාර්ශවයෙන් කල  විමසිමකදි වැඩබලන යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ ඕමන්ත හමුදා මුරපොළ ඉවත් කර ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.

Top