Anonymous Reporter

රට බෙදන සංහිඳියාව ගැන කියා දෙන අලුත්ම බඩුව

යහපාලනය උදාවු 2015 ජනවාරි 9 වැනිදායින් පසුව අපිත් බෞද්ධයන් යැයි කියා ගනිමින් ජනතාව ගොනාට ඇන්දවු කොහොමත් හරියටම ආගම නොදන්නා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අම්මා තාත්තාගේ ආගම හරියට නොදත් නමුත් ජනතාව රැවැට්ට විම සදහා බෞද්ධයෙකු ලෙස පෙනීසිටි සිරිසේන ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති මන්දිරයේ සිට හෝ අඩුම තරමේ පෝය දිනකටවත් ධර්ම දේශනයක් නොකල බව අමතුවෙන් කිවයුතු නෑ.

නමුත් පසුගියදා මේ රටට ඉන්දියාවෙන් ආනයනය කල රැවුලක් සහිත අධ්‍යාත්මික නායකයෙකු ලෙස පෙනි සිටිමින් සංහිදියාව ගැන කෙස් පැලෙන ටොම් පච කියන ඔහු විසින් අධ්‍යාත්මික නායක අතිගරු ශ්‍රී ශ්‍රී රවි ශන්කර් තුමන් යනුවෙන් හදුන්වා ගන්නා එකා ලවා අරලියගහ මන්දිරයේ අමුතුම තාලයේ සංහිඳියාවේ දේශනයක් පැවැත්විමට පසුගියදා කටයුතු කර තිබේ.

Sri-Sri-Ravi-Shankar

His Holiness Sri Sri Ravi Shankar Ji’s religious programme held in Temple Tress

මේ ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ ඒ සම්බන්ධයෙන් තැබු සටහනකි

මේක හුදකලා කුමන්ත්‍රණයක් නෙමෙයි. බමුණන් එදා බුදුදහම ඉන්දියාවෙන් තුරන් කිරීමට කළ කුමන්ත්‍රණයේ ම කොටසක්. වෙසක් සතියේ මේක වීම සංකේතාත්මක ව ඉතා වැදගත්. මොවුන් දන්නවා අපි ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වෙන්නේ බමුණු හෙජමොනියට එරෙහි වෙන්න ඉන්දියානුවෙකු ම වූ බුදුන් වහන්සේ අපට කියල දුන්න නිසා කියල. කොහොම හරි දැන් ඉන්දියානු ව්‍යාප්තවාදය ආර්ථික පැත්තෙන් හරියනවා එක්ටා ගිවිසුමත් එක්ක. ආරක්‍ෂාව පැත්තෙන් දැන් ගොඩක් ම දේවල් ඕකේ. මෙන්න දැන් සංස්කෘතික හා ආගමික අතින් මට්ටම් කිරීම අරලිය ගහ මන්දිරයෙන් ම පටන් අරන්.

එදා මහින්දගේ කාලේ ශාරුක් ඛාන් ලංකාවට ඇවිත් සින්දුවක් කියනකොට ඊට විරුද්ධ ව කෑ ගහපු හෙළ උරුමය ගැන මම මකත් කරන්නෙ නැහැ.මොක ද එහෙම එකක් දැන් නොපවතින නිසා. පන්ති පහෙන් එකක් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ කරගත්ත ජවිපයේ ජාතික ප්‍රශ්නය දැන් තමන්ගේ නායකයාගේ තක්කඩිකම් ආරක්‍ෂා කර ගැනීම. ලඟ නමන ජාතිකවාදීන්ට මේක කිව්වත් වැඩක් නැහැ. ඔවුන් තමන්ගේ ම පුංචි ලෝකයේ හිරවෙලා. අපි මොක ද කරන්නේ?

Sri Sri Ravi Shankar (1)

Sri Sri Ravi Shankar033 Sri Sri Ravi Shankar0222

Sri Sri Ravi Shankar (3) Sri Sri Ravi Shankar (1) Sri Sri Ravi Shankar (4)

sriravishankar_13112012_inn3

Top