විශේෂාංග

රට විරුවන් කියා මැද පෙරදිගට පටවන අපේ රටෙි වහලුන්

අභිත ජාතියක් වෙසෙන රටක් ලෙස ඉතිහාසයේ සිටම ශි්‍ර ලංකාව හදුන්වනු ලබයි. එසේ අභිත ජාතියක් ලෙස හදුන්වා ගැනීමට මෙරට සිටින මිනිසුන් දැඩි කැමැත්තෙන් යුතුව සිටියි. නමුත් ශි්‍ර ලංකාවෙි ඇතැමුන් තවමත් අනෙකුත් රටවල් වල, විශේෂයෙන් මැද පෙරදිග රටවල් තුල වහල්කමි කරනවා යැයි පිලිගැනීමට කැමැත්ත නොදක්වයි.

අතීතයේ හදුන්වනු ලැබු වහල්කම යන වචනය නවීකරනය කර ගෘහ සේවය ලෙස හදුන්වනු ලබයි. සත්‍ය වශයෙන්ම එය වහල් සේවයක් බව ඔබ අප හට පිලිගැනිමට සිදුවන තිත්ත ඇත්තකි. මැද පෙරදිග ගෘහ සේවය අප රටෙි ප්‍රධාන විදේශ විනිමය ඉපයීමෙි මාර්ගය වී ඇත. ශි්‍ර ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට ඇති ප්‍රධානතම විදේශ විනිමය ඉපයීමෙි මාර්ගය කඩිමුඩියේ නවතා දැමීමට හැකියාවක් නොමැත. එසේ සිදුකලහොත් රට තුල ඇති ආර්ථික තත්වය දැඩි පසු බැමකට ලක්වනු ඇත. නමුත් තත්වය එසේ යැයි සිතන අපට ලංකාවෙි කාන්තාවන් මැද පෙරදිග රටවලදී විදිනු ලබන හිංසා පීඩා සමිබන්ධයෙන් සොයා නොබලමින් ඇස් කන් වසාගෙන සිටීමෙි හැකියාවක් නොමැත.

නොයෙකුත් ආර්ථික අපහසු තා මැද, අරාබිකරයේ රැකියාවන් සදහා පිටව යන බහුතරයක් කාන්තාවන් එරටදි දැඩිලෙස ශාරිරික හා ලිංගික පීඩා වලට ගොදුරුව ඇත. නමුත් ඔවුන්ට ඒ කිසිදු කි්‍රයාවකට එරෙහි වීමෙි හැකියාවක් නොමැත. තම හාමු පුතුන්ගේ අශාවන් ඉටු කරමින් ඔවුන්ගේ මනදොල පිනවමින් රැකියාවෙි නියුතු වීමට තරමි ඔවුන්ගේ ජිවිත අසරණ තත්වයකට මුහුණ පා ඇත. ඒ ඔවුන් සදහා පිහිට විමට පිහිටුවා ඇති ශි්‍ර ලංකා තානාධිපති කාර්්‍යාලයෙන් පවා ඔවුන්ට නිසි සරණක් නොමැති නිසාවෙනි.

තත්වය එසේ නමි, නව මුහුණු වරක් ගෙන ඇති දේශපාලන සංස්කෘතියක් යටතේ බිහිව ඇති යහපාලන රජය මෙි සමිබන්ධයෙන් තම අවධානය යොමුකර යුතුව ඇත. රට විරුවන් ලෙස ආමන්ත්‍රණය කරමින් පමණක් ඔවුන්ගේ අසරණභාවයට අවැසි පිලිතුරක් නොලැඛෙනු ඇත. රටවිරුවකු යන වචනයේ ඇති සැබැ අරුත නියමාකරයෙන් අරුත් ගන්වමින් ඔවුන්ගේ අසරණකමි සමිබන්ධයෙන් සොයා බැලීමට කටයුතු කලයුතුය. මෙය පලමු කොට ආරමිභකර යුත්තේ මෙරටට කාන්තාවන් මැදපෙරදිග ගෘහසේවය සදහා කටයුතු කරනු ලබන අතරමැදියන් වන ඒජන්සිකරුවන් පිළිබද විමර්ශණය කිරිමෙනි. තම බඩ ගොස්තරය සොයා ගැනිම සදහා නිවැරදි ක්‍රියා පටිපාටියකින් තොරව මෙරටට කාන්තාවන් මැදපෙරදිග ගෘහසේවය සදහා යොදවනු ලබයි. එවැනි තක්කඩි ඒජන්සිකරුවන් කාන්තාවන් අපයෝජනය කිරීම ආරමිභ කරනු ලබන්නේ මෙරට දීමය.

ඈත දුෂ්කර පලාත්වල සිට විදේශගත විමෙි අරමුණින් ඒජන්සිකරුවන් වෙත පැමීණෙන කාන්තාවන්ගේ් අසරණකමින් උපරිම ප්‍රයෝජන ගැනීමට තරමි වු තිරිසනුන් වීම ඉතාමත් කණගාටු තත්වයකි. මෙවැනි සිදුවීමි අත්විදින ලද අපේ රටෙි කාන්තාවන් දහසකුත් වු පිරිස තම අඹුදරුවන්ගේ සතුට පතා මැදපෙරදිග වැලිකතරේ දුක්විදිමින් රැකියාවෙි නියුතු වෙයි. එසේ නමි මෙරට අපරාධ විමර්ශණ දෙපාර්තමෙින්තුවක් කියා දෙයක් ඇත. තවත් මෙි හා සබැදිව පියවර ගත හැකි දෙපාර්තමෙින්තු රාශියක් ඇත. ඔවුන් පලමුව මෙරට පිහිටුවා ඇති අක්‍රමවත් අයුරින් ගෘහසේවය සදහා යොමු කරනු ලබන පුද්ගලයින් පිලිබද විමර්ශණය කර නීති කි්‍රයා මාර්ග චුදිතයන්ට එරෙහිව ගතයුතුය.

එමෙන්ම මෙරට කාන්තාවන් මැදපෙරදිග ගෘහසේවයේ නියුතු වීමෙිදී ක්‍රමත් හා ආරක්ෂිත ක්‍රමවෙිදයකට අනුව රැකියාවෙි නිරත විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමෙි ප්‍රධානතම කාර්්‍යභාරයක් ශ්‍රී ලංකා රජයට පැවරි ඇත. මෙි සමිබන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පෞද්ගලිකව සොයා බලනු ඇතැයි අප විශ්වාෂ කරන්නෙමු. රටට සමිපතක් වු අපගේ දිරිය කාන්තාවන්ගේ අනාගතය සුරක්ෂිත විමටත් ඔවුන්ගේ දුදරුවන්ගේ මුවෙි සිනහව සැමදා ආරක්ෂා කරදිමටත් එමගින් ඉඩ ප්‍රස්තාවක් ඇතිවෙි.

arroo 

Top