Anonymous Reporter

රටට මා ආදරය කරන තරමට රටද මට ආදරය කළ යුතුය

(ආදරණීය සිංහලයිනි – මේ කතාව කියවන්නයැයි කරුණායවන් ආයාචනා කරමි. මේ හදන්නේ ඇමෙරිකාව වර්ණනා කරන්නට නොවේ. කිසිදු පූර්ව නිගමනයක එල්බ නොගනිමින් මෙය අවසානය තෙක් කියවන්නට කාරුනික වන්න!)

මේ මාසයේ මුල එක් බ්‍රහස්පතින්දාවක ඇමරිකානු ජනාධිපති නිල නිවස හෙවත් ධවල මන්දිරයේ එක් විශේෂ උත්සවයක් සංවිධානය කෙරිනි. ඒ අතිශය වැදගත් කටයුත්තකටය. අපේ රටේද රට වෙනුවෙන් තීරණාත්මක යුද්ධයක දැවැන්ත මෙහෙවරක් කළ හමුදා නිළධාරියකු හෝ සෙබලකු වෙනුවෙන් පරම වීර විභූෂණ ආදී වූ සම්මාන පිරිනැමිණි.

USAසම්මානයට පාත්‍රවූ පුද්ගලයා ඇමරිකානු යුධ හමුදාවේ කපිතාන් තිස් දෙහැවිරිදි ෆ්ලොරෙන්ට් ග්‍රෝබර්ග් ය. ඇමරිකානු රජයෙන් යුධ විරුවකුට පිදෙන උසස්තම රන් පදක්කම ග්‍රෝබර්ග් ගේ ගෙල පැළඳුවේ ජනාධිපති බැරැක් ඔබාමාය. ඒ කන් බිහිරි කරවන අත්පොළසන් නාදයක් මධ්‍යයේය. ග්‍රෝබර්ග්ගේ දෑසට කඳුලු පිරුණි. දෙතොල් වෙව්ලුවේය. එහෙත් හේ සිය දෙතොල් තද කර ගනිමින් නිසලව සිටින්නට වෙර දැරුවේය. පදකකම පළඳා මදක් තරුණ කපිතාන්වරයා දෙස ජනාධිපති ඔබාමාද බලාසිටියේ හැඟීම් බරවය!සිය ධූර කාලය අවසන් වන නිසා ඇමරිකානු ජනමතය දිනාගැනීමට ඔබාමා මෙවැනි ජවනිකා වලට අවතීර්ණ වී සිටිතැයි යමකුට කිව හැක. මමඒ ගැන කිසිත් නොකියමි. එහෙත් මේ සිද්ධිය මා ඔබට කියන්නේ යම් වැදගත් කරුණක් නිමිති කරගනිමිනි.

ග්‍රෝබර්ග්ට පදක්කම පළඳවද්දී උත්සවයට ආරාධනා ලැබ සිටි පිරිස අතර ග්‍රෝබර්ග්ගේ 2012 වීර වික්ර මාන්විතය නිසා දිවි ගලවාගත් ඇමරිකානු සෙබලුන්ද විශාල පිරිසක් වූහ. මේ සිද්ධිය කුමක්ද? 2012 වසරේ ඇෆ්ගනිස්ථානයේ කුණාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා හමුවීමට ඇමරිකානු හමුදා කණ්ඩයක් යමින් සිටියදී එල්ලවූ අති බිහිසුනු මරාගෙන මැරෙන ප්‍රහාරය ව්යණයර්ථ කර හමුදා සෙබලුන් සමූහයකගේ ජීවිත බේරුවේ ග්රෝයබර්ග් ය. එහිදී සෙබලුන් සිව් දෙනෙක් පමණක් ජීවිතක්ෂයට පත්වූ අතර ග්‍රෝබර්ග් මාරාන්තික තුවාල ලැබීය.

මේ සම්මානය ලැබීමෙන් පසුව ග්‍රෝබර්ග් මාධ්‍යයට කීවේ කුමක්ද? “I’m blessed, and just grateful to have been given the opportunity to serve my country,” (මගේ රට වෙනුවෙන් සේවය කිරීමට මට අවස්ථාවක් ලැබීම ආශීර්වාදයක්) එසේම හේ “The proudest thing I have ever done in my life is to wear this uniform and serve my country.” (මගේ ජීවිතයේ කළ අභිමානවත්ම දෙය මවුබිම වෙනුවෙන් නිල ඇඳුමක් දැරීමයි) යැයිද කීවේය. මේවා ඇසෙද්දී අපට ඇසෙන්නේ පළමු ලෝක යුධ සමයේ රුසියානු සෙබලුන් තුළ වූ දේශානුරාගයයි. අභිමානයයි.

හසළක ගාමිණී කුළරත්න හා ග්‍රෝබර්ග් අතර ඇත්තේ කුමන වෙනසක්ද? ඔහු කළේද සිය සහෝදර සෙබලුන් රැකගැනීම උදෙසා රුදුරු දෙමළ ත්‍රස්තයා විසින් බෝම්බ අටවා එවූ බුල්ඩෝසරයට පැනීමය. ග්‍රෝබර්ග් තුළ මරාගෙන මැරෙන අදහසක් නොතිබුනා විය හැක. එහෙත් කුළරත්න පැන්නේ මැරෙන්නටමය. එහෙයින් ශ්‍රේෂ්ඨයා කවුදැයි ඔබට මට වැටහේ. එහෙත් අපේ කුළරත්න සේම ග්‍රෝබර්ග්ද ශ්‍රේෂ්ටයෙකි. දේශප්‍රේමියෙකි. ජීවිතයට වඩා රටට ආදරේ කළවුන්ය උන්! දැන් (රෙද්ද පල්ලේ බේරෙන) සංහිඳියාවට බාධාවකැයි කියමින් කුළරත්න විසින් නිහඬ කළ මාරක ඩොසරය එතැනින් ඉවත් කළ යුතුයැයි කියන පරයෝ කවුද? මට දුක උන් ජනප්‍රිය වූයේද කුළරත්නගේ හා තවත් පැවිදි ගිහි සිංහල විරුවන්ගේ මළ කඳන් වෙන්දේසි කිරීමෙන් වීමය!

අද ඇමරිකාවේ රූකඩ යැයි කියන අපේ රටේ අමන පාලකයන් ඔබාමා අනුකරණය කරන්නේද? සිංහල වීරයන් දංගෙඩියට දක්කා මුන් හදන්නේ දෙමළ කොටින්ට පරම විර විභූෂණ සම්මාන දෙන්නද? ග්‍රෝබර්ග් ඇෆ්ගනිස්ථානයේද, තවත් ඇමරිකානු හමුදාවන් ඉරාකයේ හෝ අන්තැනකද ත්‍රස්තවාදය සමග සටන් කරන්නේ ලාඩප්පා හෝ වැටමාර පොලු කඩාගෙනද? වේවැල අතට අරන්ද? ඒ සෑම තැනකම තවමත් ඔවුන් පරාජිතය. එහෙත් ඒ රටවල පාලකයෝ සිට හමුදාවන්ගේ මානසික මට්ටම පවත්වාගැනීම හා ජාතිකාභිමානය පිණිස වීරත්වය අගය කරති. පසසති. සම්මාන කරති. ඔබාමා සමග අපට ප්‍රශ්න ඇත. එහෙත් ඒ කයාව කවරාර්ථයෙන් කළද අගනේය. දැන් අපි රුසියානු නායක පුටින් අගය කරන්නෙමු. ඔහු සිය හමුදාවන් සඳහා කෙතරම් ආදරය කරන, ආරක්ෂා කරන නායකයෙක්ද යන්නත්, කෙතරම් සෘජු තීරණ ගන්නෙක්ද යන්නත් අපි හොඳාකාරවම දනිමු. එය අපට ඔහුගේ භාවිතාවෙන් දැනී ඇත. ඇමරිකාවට ඇත්තේ අවුරුදු දෙතුන් සියයක ඉතිහාසයකි. අපේ ඉතිහාසය ඇමරිකාවට තිබුනා නම්?

Sunil_ratthnayakaසුනිල් රත්නායක ගැන කිය යුතුද තවත්? අතක් පයක් ඇහැක් කණක් අහිමි වුවද, දිවිපරදුවට තබා යුද්ධයට යන්නේ රටට ඇති ආදරය නිසාත්, ඒ ආදරය සර්වකාලීනව සම්භාවනාවට පාත්රකවන නිසාත්ය. එහෙත් ඒ වීරයන් රජයන රටකය. රටක් පාලනය කරන්නට තබා දායක සභාවක්වත් පාලනය කරන්නට බැරි හැතිකරයක් රටක් කරවද්දී වටේට බුරන හැම බල්ලාටම බියවීම සාධාරණය. හැමඑකාම ගහන පදේට නැටීම සාධාරණය. එසේම නපුංසකයන්, සමලිංගියන්, දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම දෙයක් පාවාදෙන්නට සූදානම් පුහු ජාතිකවාදීන් යන අශුද්ධ සංකලනයක් පාලනය කරන රටක සුනිල් රත්නායකලා දංගෙඩියට යැවීම හා සිය රණවිරුවන්ට සම්මාන දෙන ඔබාමලගේ සල්ලි වලින් යැපෙන පජාත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙමුහුම් අධිකරණ පැළපදියම් වීම ගැනද පුදුම විය යුතු නැත. රටේ පාලකයා හෝ පාලන තන්ත්‍රයට සේනාධිනායක තනතුර පිරිණමන්නේ ආරක්ෂක හමුදා රැක බලා ගැනීමටය! නැතුව පාවාදීමට නොවේ. දෙමවුපියන් දරුවන් නොරකින කල්හී අහල පහල එවුන් දරුවන් අපහරණය කරති. වහල් මෙහෙයට ගනිති.

චිත්‍රපටයක් වුවද රැම්බෝ – 2හි රැම්බෝ කලකිරීමෙන් කියන යමක් අවසානයේ සිහිපත් කරමි. “රටට මා ආදරය කරන තරමට රටද මට ආදරය කළ යුතුය“

ත්‍රි සිංහලයට – මගේ ජනනියට සදා ජය! සකළ ලෝකවාසී සිංහලයිනි ඈ රකින්නට එක් වව්!

Chamila Liyanage

Top