Featured

රටම ගංවතුරේ ….සිරිසේන පනික්කියා රනිල් පන්නා ආණ්ඩුවක් හදන්න මෙහෙයුමක- චන්ද්‍රිකා,මංගල,රාජිතගේ අම්බරුවෝ සිංගපුරුවේ

රටම ගංවතුරට යටවි දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දි ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටියදි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් එලවා දමා මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සැදිම සදහා රහසිගත මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ සදහා මංගලගේ කුප්‍රකට වෙබ් මාෆියාකරු ඇතුලු රනිල් විරෝධී සජිත් පාර්ශ්වය ‘වොටර්ස් එජ් ටීම්’කණ්ඩායම සිංගප්පූරුවේ සිට මෙම මෙහෙයුම දියත් කරමින් සිටින අතර ඉදිරි දින දෙක තුලදි රාජිත සහ මංගලද එම සාකච්ඡා සදහා එක්විමට නියමිතව් තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් විරෝධී මන්ත‍්‍රීවරුන් 22ක් නියෝජනය කරමින් කණ්ඩායමක් අද දිනයේ සිංගප්පුරුවට ගොස් විශේෂ සාකච්චාවක් පවත්වා තිබෙන අතර මෙම කණ්ඩායමට සිංගප්පුරු යාමට ඒමට හා එහි රැදී සිටීමට අවශ්‍ය කරවන සියළු වියදම් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනකු විසින් දරා තිබේ.මේ අතර බව ආරංචි වීමෙන් පසු කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකු අගමැති රනිල් වික‍්‍රමසිංහට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තාකර ඇති අතර මේ තත්වය යටතේ ඇමරිකා ගමන කල් දමන ලෙසට ඉල්ලිමක්ද කර තිබේ.

රනිල් අගමැති කමින් එලවන සම්පූර්ණ මෙහෙයුම පසුපස මෛත්‍රී ජනාධිපතිවරයා සිටින අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හෙවත් විස්කි මැඩම් මහ මොළකරු ලෙස ක්‍රියා කරමින් සිටි.මිට පෙරද අවස්ථා ගණනාවකදි අප මේ සම්බන්ධයෙන් අනාවරණය කල අතර එජාපයේ රනිල් විරෝධින් සහ ශ්‍රී ලංනිපයේ මෛත්‍රී පිළේ කණ්ඩායම සහ ශ්‍රී ලනිපයේ මහින්ද පිළේ කොටසක් මෙන්ම මුස්ලිම්,දෙමළ පක්ෂ කිහිපයකම කොටස් එකතු කරමින් නව ආණ්ඩුව පිහිටුවිම සදහ අදාළ සාකච්ඡා දියත් කර තිබේ.(කියවන්න – ජාතික ආණ්ඩුව අවසන්-මෛත්‍රී පිළ විපක්ෂ නායකකම ගනී…ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මකයි)

විශේෂයෙන්ම මෛත්‍රීගේ නායකත්වයෙන් ආණ්ඩුවක් සැදිම හරහා මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අල්ලාගෙන සිටින බලය නිශේදනය කිරිමට හැකි බව චන්ද්‍රිකාගේ අදහස වි තිබේ. ඊට අමතරව නව ආණ්ඩුවක් පිහිටුවිම හරහා එජාප නායකත්වය අර්බුදයට ලක්කිරිම හරහා නව නායකත්වය ලබා ගැනිම සදහා සජිත්ට කාලය අඩු කර ගැනිමට හැකිවන බවද චෞර රැජින පෙන්වා දි තිබේ.

මිට සමගාමිව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලනිපය අකැමැති බව ආණ්ඩු ක්‍රම නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට දැනුම් දී ඇති අතර එජාපය එලවා දමා අලුත් ආණ්ඩුවක් සැදිම හරහා විධායක දිගටම පවත්වාගෙන යෑමට සිරිසේන අවස්ථා ගණනාවකදි එකඟතාව පලකර තිබේ.

තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව පවත්වාගෙන යැමට තමන්ට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොමැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයකු යටතේ එජාප ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවක් පිහි‍ටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ප්‍රබලයන් අතර රහස් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කලේ 2015 නොවැම්බර් 7 වැනිදාය.අදාළ පුවත පහතින් කියවිය හැක,

http://www.sinhala.lnwtoday.com/archives/6603

http://www.sinhala.lnwtoday.com/archives/14724

http://www.sinhala.lnwtoday.com/archives/11273

http://www.sinhala.lnwtoday.com/archives/10786

Top