Featured

රට,රණවිරුවන් රකින දැවැන්ත ජනතා පවුර ගොඩනගයි

රටේ පැනනැගී ඇති තත්ත්වය හමුවේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ බත් බැලයන් වි නිද්‍රාශීලිව වැනෙමින් සිටින සිටින විපක්ෂයේ ඇතැම් පාවාදෙන්නන් සහ ආණ්ඩුවේ බෙදුම්වාදීන් පරාජය කිරිම සදහා ඉතා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනිම සදහා රටේ වගකියන භික්ෂූන් වහන්සේලාඅ ප්‍රමුඛ දේශප්‍රේමි සංවිධාන සහ දේශප්‍රේමි ජනතාව එකරාශී කිරිමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කිරිමට කටයුතු සුදානම් කරමින් සිටින බව එම සංවිධාන කටයුතු මෙහෙයවන ප්‍රධාන සංවිධායෙකු අප සමග සදහන් කළා.

ජිනීවාහිදි සම්මත කරගත් යෝජනවලිය හරහා උත්සහ දරමින් සිටිනුයේ උතුරේ වෙනම රාජ්‍යක් පිහිට විමට අවශ්‍ය පසුබිම සකස් කිරිම බවත් ඒ සදහා විසම්මුතිවාදී දේශපාලනය වෙනුවට, සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදය ඇති කල බව පවසමින් වත්මන් බෙදුම්වාදී ආණ්ඩුව රටේ ජනතාව නිර්වින්දනය කර තිබේන බවද ඔහු අවධාරණය කළා.

30 වසරක ප්‍රභාකරන්ගේ සාපරාධි යුද්ධයෙන් රටත් රටේ ජනතාවත් ආරක්ෂාකරගත් හමුදාව කිසිම ආකරයෙන් යුධ අපරාධකරුවන් කිරිමට වත්මන් බෙදුම්වාදී රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා වැනි අයට ඉඩ නොතැබිමට සහ බෙදුම්වාදීන්ගේ මනදොළ පිනවිමට ඊළාම් රාජ්‍ය පිහිටු විමට එරෙහිව රටේ ජනතාව සන්නද්ධ කිරිම මෙම දැවැන්ත ව්‍යාපාරයේ එකම අරමුණ බවද ඔහු අවධාරණය කළා.

Top