ඇන්ඳීම සහ ඇඳගැනීම සාධනීය කිරීම, දැනුම පිළිබඳ පශ්චාත් නූතනත්වය දරන වැදගත් ආකල්පයකි. අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු යොදාගනිමින් පාරිභෝගික භාන්ඩ ප්‍රවර්ධනය කිරීමේ සිට බටහිර ආණ්ඩු විසින් තම විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා මානුශීයමය සංකල්ප කුට ලෙස යෙදා ගැනීම දක්වා ඇන්ඳීම සහ ඇඳගැනීම දැකිය හැකිය. මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේද ප්‍රධාන ලක්‍ෂණයක්වූයේ අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු යොදා ගනිමින් ජනතාව දේශපාලනිකව නොමඟ යැවීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව දේශපාලනිකව ගොනාට ඇන්ඳීම මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ සාමාන්‍යයක් බවට පත්කෙරිනි. දැනටමත් නොකරන්නේනම් ඉදිරියේදී හෝ විපක්‍ෂයද මේ කුටෝපායන් භාවිතා කරනු ඇත. පශ්චාත් නූතනත්වයට ඊට විරුද්ධවීමට පදනමක් නැත.
මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මඟින් කල ඇන්ඳීම මඟින් එහි සැබෑ අරමුණු වසා දැමිනි නැතිනම් බොඳ කර හැරිනි. එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඇන්ඳීමක්වූයේ ඊනියා යහපාලනය සම්බන්ධයෙනි. පත්වූ රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුවද බටහිර සංස්කෘතියට අසමත් ලෙස අවශෝෂණයවූ අනුකාරික බයියන්ගේම ආණ්ඩුවක් වනබැවින් (ඒ ගැන අපට ඇත්තේ සතුටකි) මෛත්‍රීපාලගේ කහ ඉර මත රඟපෑමෙන් ඔබ්බට ඒ ඇන්ඳීම ගෙනයාමට මේ ආණ්ඩුවට නොහැකිවී ඇත. ඒ හේතුව නිසා යහපාලනය හුදෙක් ඇන්ඳීමක් පමණක් බව මේ වනවිට ජනතාවට ඒත්තු ගොස් ඇත.
මහින්ද රාජපක්‍ෂ ඊනියා සිංහල ස්වෝත්මවාදීන් නියෝජනය කරන්නේය යන්න එම ව්‍යාපෘතියේ තව ඇන්ඳවීමකි (ඇඳගැනීමකි). ඒ ඇන්ඳවීමද අද පච වී ඇත. වර්ගවාදී ලෙස දේශපාලනයේ නියැලුනු චම්පක රණවක අද සෙවණ ලබන්නේ යහපාලන ආණ්ඩුව තුල මිස ජාතික ව්‍යාපාරය තුල නොවේ. පසුගිය මැතිවරණයේදී බොදු බල සේනාවේ දේශපාලනයටද මෙරට ජනතාවගේ ඉල්ලුමක් නැති බව පැහැදිලි කෙරෙනි. මේ ව්‍යාපාර පිළිබඳ කරුණු ජනවාරි 8දා යින් පසු ඇතිවූ තත්වයක් නොව මේ කරුනු ජනවාරි 8දාට පෙරද එසේම විය. සිංහල අධිපතිවාදීන්යැයි කිව හැකි යම් පිරිසක් සිටියේනම් ඔවුන් ගොනුවී සිටියේ මහින්ද රාජපක්‍ෂ වටා නොවේ. සිංහල අධිපතිවාදීන්යැයි කියනවුන් මහින්ද රාජපක්‍ෂට චන්දය දුන්නේ නැත. එය හුදෙක් ඇන්ඳවීමක් පමණි.
මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේද පැවති ඊට පෙර සිටද පවත්වාගෙන ආ අනිත් ඇන්ඳවීම ඊනියා ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්ධයෙනි. මූලික වශයෙන් ජාතිවාදී ගැටුම් ඇතිවන්නේ එක් ජනවර්ගයක් තවත් ජනවර්ගයක් සංස්කෘතික හා සාමජීය වශයෙන් නොඉවසන විටය. ඒ අර්ථයෙන් මෙරට දෙමළ සිංහල ජනවාර්ගික ගැටුමක් කිසි දිනක පැවතුනේ නැත. එවැනි ගැටුමක් මෙරට තිබිනි නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් එවැන්නක් නැති කල නොහැකිය. මන්ද ජනවාර්ගික ගැටුමකට මුල සංස්කෘතික හා සාමාජීය හේතුන් වන බැවිනි. ඒ නිසා එවැනි ගැටුමක් තිබුනි නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අදටත් එය කුමන අයුරකින් හෝ පැවැතිය යුතුය. නමුත් අද මෙරට ජනවාර්ගික ගැටුමක් ඇතැයි කිසිවෙකු නොකියයි. එය එසේනම් කිසි දිනක හෝ මෙරට සිංහල-දෙමළ ජනවාර්ගික ගැටුමක් තිබිනියැයි කීම තාර්කික නොවේ.
නමුත් සිංහලුන්ට සටනක් තිබුනි. එය අදටත් ඇත. ඒ සටන දේශපාලණික සටනකි. නමුත් ඒ දේශපාලණික සටන දෙමළ ජනයා සමඟ ඇති එකක් නොව පොදුවේ මෙරට සිංහලතාව නැසීමට උත්සාහ කරන දේශපාලන බලවේග සමඟ චිරාත් කාලයක සිට සිංහලුන්ට ඇති සටනකි. වර්තමානයේ මෙරට සාමාන්‍ය දෙමළ ජනයා සිංහලුන් සමඟ මේ සටනට වක්‍රාකාරව පැටලී සිටින්නේ දෙමළුන්ගේවත් සිංහලුන්ගේවත් සැකැස්මකට අනුව නොවේ. සිංහලුන්ට ඇති සටන අතීතයේ සොලීන්ගේ සිට මෑත කාලයේ ඉංග්‍රීසීන් දක්වා ගලා එන්නකි. සිංහලුන් දේශපාලනිකව සටන් කරන්නේ සිංහලතාව රැක ගැනීමේ අරමුණිනි. ඉංග්‍රීසීහු එංගලන්තය ක්‍රිස්තියානි ඇංග්ලෝ සැක්සන් සංස්කෘතියේ රටක් ලෙස පවත්වාගෙන යන්නාක් සේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ රටක් ලෙස මෙරට රාජ්‍යය පවත්වාගෙන යාමට සිංහලුන්ට අයිතියක් තිබිය යුතුය.
නමුත් අද පශ්චාත්නූතනත්වය වෙසින් එන බටහිර සංස්කෘතිය ඒ සඳහා සිංහලුන්ට ඉඩ දෙන්නේ නැත. විවිධාකාර ඇන්ඳීම් හරහා මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මඟින් සැඟවූයේද බටහිරුන් විසින් සිංහලතාවට එල්ල කරන මේ බලපෑමය. කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂ ඉවත් කිරීමෙන් මෙරට සිංහලතාවට මරු පහරක් වැදුනි. එහෙත් එම ව්‍යාපෘතිය තවමත් අවසන් නැත.
අද අධිරාජ්‍යවාදී බලවේග ඊනියා මානව හිමිකම් චෝදනාවක් පදනම් කරගනිමින් තමන්ට අවැසි පරිදි මෙරට අධිකරනය මෙහෙයවීමට උත්සාග ගනිමින් සිටියි. ඉඩ දුනහොත් එය රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම හරහා සිංහලතාවට තවත් මරු පහරක් එල්ල කරනු ඇත. රටේ ආරක්‍ෂක හමුදාවන්ට සහ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් පැමිණවීමද එම ගමනේ වැදගත් අංග වෙනු ඇත. මේ දඬුවම් කිරීම් තුල ඇති දේශපාලනය අපි තේරුම්ගත යුතුය.
දඬුවමේ සංදර්භය කොටි ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකා රාජ්‍යයේ මෙහෙයුමය. බටහිර ආණ්ඩු කොටි ත්‍රස්තවාදය පෝශණය කල අතර අවසානයේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් බේරා ගැනීමට උත්සාහ දැරූහ. එමඟින් ඔවුහු ශ්‍රී ලංකා රාජ්‍යයේ සහ මෙරට වැසියන්ගේ විශේෂයෙන්ම සිංහලුන්ගේ අවශ්‍යතා සහ අරමුණු වලට (ඇමෙරිකානු බසින් ලංකාවේ ඉන්ට්‍රස්ට්ස් වලට) විරුද්ධව කටයුතු කලහ. එසේනම් අද බටහිර ආණ්ඩු එම සංදර්භය මතම ආරක්‍ෂක හමුදාවන්ට සහ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් පැමිණවීමට උත්සාහ කරන්නේ සිංහලුන්ගේ ප්‍රතිවාදියා ලෙස මිස ඊනියා ස්වාධීන නිරීක්‍ෂකයෙකු ලෙස නම් නොවේ. එය අපි මුළින්ම හඳුනාගනිමු.
සිංහලුන්ගේ ප්‍රතිවාදියා ලෙස ක්‍රියාකරමින් හමුදාවට සහ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කර බටහිර ආණ්ඩු අත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද? පැහැදිලිවම එය හුදෙක් පුද්ගලික පලිගැනීමක් නොවේ. සංස්කෘතියක් වශයෙන් බටහිර සංස්කෘතියට සිංහලතාව සම්බන්ධයෙන් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්‍ෂ සම්බන්ධයෙන් ඇති අවශ්‍යතාව නොවේ. බටහිරුන්ගේ අරමුණ සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණයට පහරදීමටය. පහරදී හැකිනම් සිංහලුන් අධෛර්යමත් කිරීමය.
දෙදහස් දොලහ වසරේ කන්දහාරයේ සිවිල් වැසියන් දාසය දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ වරද පිලිගත් රොබර්ට් බේල්ස් නම් ඇමෙරිකානු සොල්දාදුවාට විරුද්ධව නඩු පැවරුනේ ජාත්‍යාන්තර උසාවියක් තබා එරට සිවිල් උසාවියකද නොව ඇමෙරිකානු හමුදා උසාවියක් මඟින් හමුදා නීතියට අනුවය. බේල්ස්ට පැවරුනේ මරණීය දඬුවම නොව ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවමකි. ඔහු දඬුවම් විඳින්නේ සාමාන්‍ය සිවිල් වැසියන් සඳහාවූ සිරමැදිරියක නොව හමුදා බැරැක්කයකය. ඇමෙරිකානු රජය මෙම ඝාතනය සම්බන්ධයෙන් එලෙස ක්‍රියාකලේ එම සංහාරය පොදුවේ ඇමෙරිකානු හමුදාවේ ක්‍රියාවක් නොව එක්තරා සොල්දාදුවෙකුගේ පුද්ගලික ක්‍රියාවක් ලෙස ලොවට ඒත්තු ගැන්වීමටය. නමුත් අපේ හමුදාව විමර්ශණයට ලක් කිරීමට අප ඉඩදී ඇත්තේ මෙරට හමුදාවට තබා මෙරට සිවිල් අධිකරණයටද නොව කොටින්ට එරෙහි යුදයේදී සිංහලුන්ගේ ප්‍රතිවාදියා ලෙස කටයුතු කල බටහිරුන් විසින් සම්පාදිත උසාවියකටය. පැහැදිලිවම එහි අරමුණ යම් සොල්දාදුවෙකුගේ පුද්ගලික ක්‍රියාවක් වරදට හසු කිරීම නොව මෙරට හමුදාව වරද කරු කිරීමය. එමඟින් සිංහල ජාතික විඤ්ඥාණයට පහරදීමටය.
මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කෙරෙන්නේද ඒ අරමුණිනි. මහින්ද රාජපක්‍ෂ යනු සිංහලුන්ගේ නිදහස් සටනේ වර්තමාන නායකයාය. රටට හතුරුවූවෝ මොනයම් හෝ පදනමක් මත ඔහුට දඬුවම් කරන්නේ නම් එය පුද්ගලික වරදකට දඬුවම් කිරීමක් ලෙස ගත හැකි නොවේ. එහිදී වැදගත් වන්නේ ඔහුට එල්ල කෙරෙන චෝදනා නොව චෝදනා එල්ල කරන්නේ කවුද යන්නත් මහින්ද රාජපක්‍ෂ යනු සිංහලුන්ගේ නිදහස් සටනේ වර්තමාන නායකයා යන්නත්ය. මොන හේතුවක් මතවත් රටේ හතුරන්ට මහින්ද රාජපක්‍ෂට දඬුවම් කිරීමට තබා අවමන් කිරීමටවත් ඉඩදිය යුතු නොවේ.
වංශපුර දේවගේ ජානක
යුතුකම සංවාද කවය