Featured

“රණවිරු රියල් ස්ටාර්ස්” සිරිසේනගේ දුවට විකුණයි-ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් සංරක්ෂිත විඩියෝ පටි අරන් ගිහින්

රණවිරු රියල් ස්ටාර්ස් නාමය අපේ දෙසවනට ඇසෙන්න පටන් ගත්තේ මීට වසර 6කට පෙරාතුව. ඒ අපේ රණවිරුවන්ගේ විජයග්‍රහණයත් සමඟ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ඇරැඹි රණවිරු රියල් ස්ටාර්ස් ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී රියැලිටි වැඩසටහන බවට පත්වුවා පමණක් නොවේ රණවිරුවන් සම්බන්ධයෙන් රජයක් දක්වන සැලකිල්ල පිළිබඳව ජාත්‍යන්තරව පවා දැඩිලෙස කතාබහට ලක්කිරිමට “රණවිරු රියල් ස්ටාර්ස්” තරගාවලියට හැකි වු බව නොරහසකි.

මේ අතර ආරක්ෂක අමාත්‍ය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යුධ හමුදාව පාවාදිමේ ක්‍රියාවලිය හේතුවෙන් රජය කෙරෙහි යුධ හමුදාවට ඇතිවි තිබේන අප්‍රසාදය හේතුවෙන් නැවතත් රණවිරු රියල් ස්ටාර්ස් වැඩසටහන් ආරම්භ කිරිමට ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට නියෝග කර ඇති අතර වැඩසටහන නිෂ්පාදනය කිරිම සදහා සිය දියණිය වන චතුරිකා සිරිසේනට අයත් Media Gang Advertising (PVT) Ltd ආයතනයට පැවරිමටද කටයුතු කර තිබේ.

මේ අතර හදිසියේම ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු ඉල්ලිමකින් තොරව චතුරිකා සිරිසේන විසින් පසුගිය රණවිරු රියල් ස්ටාර්ස් වැඩසටහන් වලට අදාළ පටිගත කරන ලද කැසට් පට සියල්ලම රැගෙබ ගොස් ඇති අතර අදාළ කැසට් පට රණවිරු රියල් ස්ටාර්ස් වැඩසටහන මෙහෙයවිම සදහා තොරාගෙන ඇති ප්‍රවීන නළුවෙකු වන කමල් අද්දර ආරච්චි හට පෙන්වා ඇති අතර එවා කිසිදු අවසරයකින් තොරව පටිගත කරගැනිමටද කටයුතු කර තිබේ.

අදාළ වැඩසටහන් වල පටිගත කරන ලද සංරක්ෂිත කැසට් පට ලෙස ආරක්ෂිතව තබා තිබිමට මුලිකවම හේතු වුයේ අදාළ කැසට් පටවල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ආරක්ෂක ප්‍රධානින් වැඩසටහනේ සංවිධාන කටයුතු වලට දායකත්වය දෙමින් ඔහුගේ සාමාන්‍ය හැසිරිම් රටාවන් එම කැසට් පට වල පටිගත වි තිබේන නිසා බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

මිට අමතරව අදාළ වැඩසටහන සදහා පුර්ව ප්‍රචාරක පට නිර්මාණය කිරිමට අවශ්‍ය බව පවසමින් විජයග්‍රාහී අවසන් සටනේ රණවිරුවන්ගේ ක්‍රියාන්විතයන් සහිත කැසට් පට 10ක්ද බහත්කාරයෙන් රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් සිරිසේනගේ පයිප්ප බාස් උන්නැහේටද වාර්තා කර ඇති අතර මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේ.

මෑතක සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන  SLT SPEEDUP JOURNEY වැඩසටහන මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන සභාපති කුමාරසිංහ සිරිසේන හදිසියේම ආයතනයේ බැහැර මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් වන Red Cherry Adverting Pvt Ltd වෙත පවරා තිබේන බව අප මිට පෙර අනාවරණය කළා.

http://www.lankanewsweb.today/archives/4618

Top