Featured

රතු අලී පැටියාගේ අමුඩයත් ගැලවේ-ජාතික ලැයිස්තුවට මැර සටනක්

ජනතා විමුක්ති පෙරමුණ මහමැතිවරණයේදී ආසන 15ක් බලාපොරොත්තුවෙන් සිටි අතර එය නොලැබිම හමුවේ මැතිවරණයට වියදම් කල කෝටි ගණනක් මුදල් සහ වෙනත් උපකාර පිළිබඳව තැන තැන විවිධ කුණු කතා කියමින්  ජාතික ලැයිස්තුවට නම් කර සිටින හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා ව්‍යාපාරික ලෝකය තුල අපකීර්තියට පත් කිරිමට රතු අලී පැටියා හෙවත් අනුර කුමාර දිසානායක කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒම නිසා දැඩි කලකිරිමකට ලක්ව සිටින  සරත් මායාදුන්නේ මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් පසු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

අදාළ බොරු විවේචනයන් සම්බන්ධයෙන් මායාදුන්නේ මහතා ජවිපෙ නායකයාගෙන් විමසා ඇති අතර  එහිදි ජවිපෙ නායකයා එම් ප්‍රකාශයන් ප්‍රතිකේෂ්ප කරමින් තර්ජනාත්මක ලෙස කතාකර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව තමන් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් පසු ඉල්ලා අස්වීමට තීරණය කල බව අනුරට දන්වා ඇති අතර එවිට අනුර පවසා ඇත්තේ එම තින්දුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකර සිටින ලෙසයි.

මේ අතර තමන්ට වහාම පාර්ලිමේන්තුවට යැමට අවස්ථාව ලබා නොදුනහොත් පක්ෂය අතහැර යැමට දෙවරක් නොසිතන බව කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත අනුර කුමාර අවසන් වරට දැනුම් දි තිබේන බව ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.ඒ අනුව සරත් මායාදුන්නේ ඉවත් කර එම අවස්ථාව ලාල්කාන්තට ලබාදිමට අනුර තිරණය කර තිබේ.

කි‍්‍රෂ්මාල් වර්ණසූරිය සටන අරඹයි….. 

අගෝස්තු 20 වනදා රාති‍්‍ර 6.30 දෙරණ රූපවාහිනී නාලිකාවෙන් ජාතික ලයිස්තු මන්තී‍්‍රධූර අපේක්ෂක අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය කතා කළේය. ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා බොරු කියන බවත්, තමන්ට හිමි මන්තී‍්‍රධූරය සුනිල් හදුන්නෙත්තිට ලබා දීම ගැන කිසිම විමසීමක් තමාගෙන් නොකළ බවත් ඔහු කීවේය. එදා රාති‍්‍රයේම කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මේ පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් සිය ෆේස්බුක් පිටුවේ ලියුවේය. මැතිවරණයේදී උඩ දම දමා ජවිපෙ කියා සිටියේ ‘‘හොදම ජාතික ලයිස්තුව අප සතු’’ බවයි. ජවිපෙ මැද පංතියේ ප‍්‍රසංශාවට ලක්ව ඇති බවයි. දැන් කි‍්‍රෂ්මාල්ගේ හෘද සාක්ෂිය අවධි කිරීමත් සමග ජවිපෙ නායකයන් ඉන්නේ අසූචි හත් පොලේ ගා ගෙනය.

අගෝස්තු 21 වනදා ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා කි‍්‍රෂ්මාල් වර්ණසූරියට පිළිතුරු බැන්දේය. සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේනතුවට නම් කළේ ජනතාවගේ ඉල්ලීම මත බව ඔහු කියා සිටියේය. මාතරින් තමන්ට මන්තී‍්‍රධුරයක් නොලැබුණේ ඡන්ද 1500ක් අඩු වීමෙන් බවත් කුරුණෑගලින් ඡන්ද 700ක් අඩු වීමෙන් මන්තී‍්‍රධුරයක් නොලැබුණු බවත් කීවේය.වැඩි දුරටත් ඔහු කියා සිටියේ මෙම ප‍්‍රමාණයෙන් ඡන්ද අඩු වීම පරාජයක් ලෙස තමන් සළකන්නේ නැති බවත්ය. ජය පරාජය තීරණය වන්නේ එක් ඡන්දයකින් බව ලෝකයම දනිතත් ටිල්වින් සිල්වා නොදන්නා බව විශ්වාස කළ හැකිද? නොහැකිය. කි‍්‍රෂ්මාල්ට වර්ණසූරියට පිළිතුරු බැදීමට ගොස් ටිල්වින් සිල්වා ලේකම් කමේ ගරුත්වයත් කෙලෙසා ගෙනය.

ජවිපෙට නිවැරදි සහ පැහැදිලි උපක‍්‍රමයන් අද නැති බව මේ හැම කරුණක්ම සාක්ෂි දරයි. ‘ගෙදර යන ගමන් ’ එදා වේල පිරිමහ ගන්නා දේශපාලනයක ඔවුන් නිරත වන බව පැහැදිලිය.

එක් කි‍්‍රයාමාර්ගයක් හෝ උපක‍්‍රමයක් වැරදුණු පසු ගෙවීමට සිදුවන වන්දිය දරුණුය. ජවිපෙ අද අත් විදින්නේ උපක‍්‍රමික වරද්දා ගැනීම්වල දරුණු වන්දි ගෙවීම්ය.

Top