Featured

රනිල් එජාප නායකත්වයෙන් දොට්ට-සජිත් ගෙන මෙහෙයුම මෛත්‍රී,කිලී අතට ගනී

අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පරාජයත් සමග තවදුරටත් රනිල්ව නායකත්වයේ තබා නොගැනීමට එජාප පෙරළිකාර කණ්ඩායම තීරණය කර තිබේ.ඒ අනුව පසුගියදා රැස්වු එක්සත් ජාතික පක්ෂයේ ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයකට අනුව සජිත් ඇතුලු කණ්ඩායම පක්ෂ නායකත්වය ඇල්ලිම සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද සහය ලබාගෙන තිබේ.

මෙම් වැඩපිළිවෙළේ මූලික කාර්ය භාරයක් සුජීව සහ රෝසී විසින් ඉටු කරන අතර මෛත්‍රීගේ සහය සජිත්ට ලබාදිම පසුපස  කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා මහේන්ද්‍රන්ට හෙවත් කිලී මහරාජා සිටින අතර ඔහුගේ නියෝග මත පරාජයත් සමගම පක්ෂ් නායකත්වයට සජිත්ව නම් කිරිම සදහා අවශ්‍ය මෙහෙයුමට මෛත්‍රී සහය ලබාදි තිබේ.

‘සිරස’ මාධ්‍ය අධිපති රජා මහේන්ද්‍රන්ගේ කැපිටල් මහාරාජා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධයක්ෂකවරයෙකු වන Rudrani Balasubramaniam මෙම මෙහෙයුමේ ප්‍රධානීයා ලෙස කටයුතු කරන අතර 18 වැනිදා අලුයම වන විට එක්සත් ජාතික පක්ෂයේ ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය කැදවා පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස සහ සම නායකත්වයට කරු ජයසුරිය පත් කිරිමට නියමිතයි.

මේ අතර එජාප මහා ලේකම්වරයා ලෙස සුජීව සේනසිංහ පත්කිරිමට සාකච්ඡා කරගෙන ඇති අතර ජ්‍යෙෂ්ඨත්වයට වඩා තාරුණයන්ට අවස්ථාව දියයුතු බවත් දුමින්ද දිසානායක ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයට පත්කිරිම උදාහරණයක් ලෙස පෙන්වාදිය හැකි බවද අප විශේෂ වාර්තාකරු සමග සාකච්ඡාවට එක්වෙමින් තලතා අතුකෝරාල පවසා තිබේ.

“අපේ සාකච්ඡා සාර්ථකයි….ජනපතිතුමා අපිට උදවු කරනවා….සජිත්ව අපි පක්ෂයේ නායකයා කරනවා විතරක් නොවේ …සමහරවිට සජිත්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් උනත් හදන්න අපිට බැරිවෙන එකක් නෑ…නැත්නම් අපි සජිත්ව විපක්ෂනායක කරනවා.”

එජාපයේ මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට මූලිකත්වය ගන්නා 11 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම මෙලෙසයි.
1. සුජීව සේනසිංහ
2. සජිත් ප්‍රේමදාස
3. කරු ජයසූරිය
4. බුද්ධික පතිරණ
5. හරීන් ප්‍රනාන්දු
6. තිස්ස අත්තනායක
7. රෝසි සේනානායක
8. මෛත්‍රී ගුණරත්න
9. ශිරාල් ලක්තිලක
10. තලතා අතුකෝරාල
11. රංජිත් මද්දුමබණ්ඩාර

එජාප සටනේ පියවරින් පියවර කියවන්න –එජාප ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය හදයි- පලමු විධායක රැස්විම හෙට

Top