Anonymous Reporter

රනිල් ගජබින්නාලංකාරය අලුතින් ලියයි…සිරිසේන කෙප්ප සුමනේ පරදයි…Volkswagen ලොවෙත් නෑ ලොවී ගහෙත් නෑ

ශ‍්‍රී ලංකාව තුල කිසිදු ආයෝජනයක් තම සමාගම සිදු කර නැති බවත් ඉදිරියට සිදු කිරීමටද මෙතෙක් අදහසක් නැති බවත් ජර්මානු වොක්ස්වැගන් සමාගම පවසයි.සමාගමේ සමුහික සංනිවේදන අංශයේ ප්‍රකාශිකා කර්ටින් හොමාන් මහත්මිය මේ බව නිල වශයෙන් සිරස රූපවාහිනිය කල විමසීමකදී මේ බව සදහන් කර ඇත.

එමෙන්ම වොක්ස්වැගන් සමාගමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2025 චක්වා වූ සමාගමේ ඉදිරි සැලසුමේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු සදහනක් නැත.

මෙරට ආයෝජන කිරීමට වොක්ස්වැගන් සමාගම එන බවත් කුලියාපිටියේ කර්මාන්තශාලාවක් ඉදිකර තරුණ තරුණියන්ට ඉතා හොඳ ආදායම් සහිත රැකියා ලබාදීමට කටයුතු කරන බවත් අගමැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී.

පසුගිය 03 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිමට කුලියාපිටිය පිහිටි මහා නුගලන්ද වතුයායේ මුල්ගල තබන ලදී. එම වත්ත මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් ව තිබි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පවරගෙන ජර්මනියේ වොක්ස්වගන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිම බව කියමින් ලබාදෙන ලදි.

ලංකා සී නිවුස්

Top