Featured

රනිල් මහත්තයෝ දැන ගන්න මම “පරවාගෙන්” “පරයා” වෙන්කර ගන්නත් දන්නවා(Video)

අගමැතිතුමාට කූනිස්සාගෙන් ඉස්සා අඳුරා ගන්නත්, තෝරාගෙන් මෝරා වෙන්කර ගන්නත් බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයා වෙන්කර ගන්නත් පුළුවන් බව විජයග්‍රහියි දැවැන්ත අනුරපුර රැළිය අමතමින් මහින්ද රාජපක්ෂ කියා සිටියා.

මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 14 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා ගැන සිදු කළ ප්‍රකාශය ගැන හා එල්ල කළ චෝදනා ගැන අද අනුරාධපුර පැවැති සන්ධාන මංගල රැලියේ දී මහින්ද රාජපක්ෂ මහතා කතා කළේ නැත. රටේ ජනතාව මා සමග සිටින තුරා කිසිම කෙනෙකුගේ බොරු චෝදනාවන්වලට උත්තර දෙන්න මා සූදානම් නෑ.

තමන් මවුබිමට හෝ ජනතාවට ද්‍රෝහි වී නැති නමුත් තමන්ට ඇඟිල්ල දිගු කරන බවත් හෙතෙම පැවසීය. විදේ‍ශ බලවේග හමුවේ කොන්ද නොනැමු නිසා මෙවැනි චෝදනා නගන බවත්, කණ්ණාඩිය ඉදිරියට ගිහින් බැලුවොත් ද්‍රෝහියා කවුදැයි පෙනෙනු ඇති බවත්, ඇඳුම් ඇඳගෙන කණ්ණාඩිය ළඟට ගිහින් බලන ලෙසත්, රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය. අගමැතිතුමාට කූනිස්සාගෙන් ඉස්සා අඳුරා ගන්නත්, තෝරාගෙන් මෝරා වෙන්කර ගන්නත් බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයා වෙන්කර ගන්නත් පුළුවන් යැයි පැවසීය.

2009 මැයි 18 වනදා කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරා ගත් දිනය පිළිබදවද නැවත වරක් මහින්ද රාජපක්ෂ මෙහිදි සිහිපත් කලා.දරුණු ත්‍රස්තවාදින්ගෙන් මේ රට මුදාවාගනිමින් ලේ විලක් බවට පත්වූ රට එක්සේසත් කල තමාට ඇතැමුන් පිළිලය යැයි ආමන්ත්‍රණය කල බවද ඔහු පැවසුවා.

මහින්ද කල සම්පුර්ණ කතාව

MR

Top