Featured

රනිල්-මෛත්‍රී එකඟතාවෙන් ආර්.සම්බන්ධන් විපක්ෂ නායකත්වයට

08 වන පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධූරය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ට ලබාදිම සදහා මේ වනවිට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එක්ව කුමන්ත්‍රණයක් ක්‍රියාත්ම කරමින් සිටින බව වාර්තා වේ.

මෛත්‍රීට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු එකතු කර ජාතික ආණ්ඩුවක් සාදන මුවාවෙන් නිමල් සිරිපාල ද සිල්වාට නියෝජ්‍ය අගමැති ධූරය ලබාදීමට කටයුතු කරමින් සිටි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකාබද්ධ වී නව රජයක් පිහිටුවීමට නියමිතව ඇති අවස්ථාවකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධූරය ලබාදිය යුතු බවට යොජනාවක් පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයෙන් ගෙන එමට කටයුතු සුදානම් කර තිබේන බවද වාර්තා වේ.

මේ අතර මැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, පිහිටුවීමට නියමිත නව රජයේ අමාත්‍ය ධූර ලබා නොගන්නා බව ප්‍රකාශ කර තිබේ.

එම නිසා පසුබිමකදී, පිහිටුවීමට නියමිත ජාතික රජයට පිටතින් සිටින දේශපාලන පක්‍ෂ අතරින් පාර්ලිමේන්තු ආසන වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධූරය ලබාදීමට සිදුවනු ඇති බව ඔහුද සදහන් කර තිබේ.

ඒ අනුව, විපක්‍ෂ නායක ධූරය ආර්.සම්බන්ධන්ට හිමිවීමට ඉඩ ඇති බව දැනගැනීමට ලැබී ඇති බවත් දෙමළ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙකු වන අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් 1977 වර්සයේ විපක්‍ෂ නායකයා ලෙස කටයුතු කර තිබීම සිහිපත් කලයුතු කරුණක් බවද ඔහු සදහන් කර තිබේ.

Top