Featured

රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම

Published on: Jun 6, 2016- ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර  කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප ඉතාමත් වගකිමෙන් යුතුව ඔබට වාර්තාකර සිටිමු.

ඉරිදා සවස 5.45ට සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා හැරිම යහපාලන ආණ්ඩුවේ උවමනාව මත සිදුව ඇති අතර ඉතාමත් සැලසුම්ගතව හා සුක්ෂම අයුරින් සිදුකලද එජාපයේ කොලු ගැටුම හා අප ආරක්ෂක තොරතුරු වාර්තාකරුගේ දක්ෂතාව මත පැය 48 යන්නට මත්තේන් සියල්ලම අනාවරණය කර ගැනිමට අපට හැකි වි තිබේ.

අදාළ මෙහෙයුම පසුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම 2010 සිටම හමුදාව පාවාදෙමින් සිය වරප්‍රසාද රැක ගැනිමට හිගමනේ යෙදෙන වෙල්විදානලාගේ සරත් ෆොන්සේකා මෙන්ම රනිල්ගේ කොලු සුරතලා වන සාගල රත්නායක මෙන්ම එජාපයට හිතවාදි අප කලින් අනාවරණය කල නාදුනන මේජර්වරයාද සිටි.

සාලාව යුධ හමුදා අවි ගබඩාව තුල යුධ හමුදාවට අයත් නවිනතම ආයුධ ඇතුලු ආයුධ අමරිකානු ඩොලර් බිලියන 4.5ක් ඉක්මවා ගබඩා කර තිබු අතර එම සම්පූර්ණ අවි තොගය අපට අහිමි විමත් සමග යුධ හමුදාවේ අවි බලය සියයට 60%කින් පමණ අඩුවි ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

සාලාව යුධ හමුදා අවි ගබඩාව එකවරම පිපුරුමට ලක්වුයේ කෙසේද?

විද්‍යාත්මක පදනමක් මත සියලුම අවි ගබඩා කර තිබු සාලාව යුධ හමුදා අවි ගබඩාව මතුපිටින් සිදුකෙරෙන ගිනී තැබිමකින් හෝ අඩුම තරමේ බෝම්බ ප්‍රහාරයක් මගින් හෝ විනාශ කල නොහැකි බව ආරක්ෂක ප්‍රධානින් අද දිනය පුරාද විටින් විට මාධ්‍ය හරහා තහවුරු කර සිටියා.ඒ වැනි යම් ප්‍රහාරයකින් ගින්නක් ඇති වුයේනම් එය නිවාදැමිම සදහා අවශ්‍ය තරමටත් වඩා ස්වංක්‍රිය ආරක්ෂක පද්ධතියක් එය සතු වුවද අවසානයේ එම පද්ධතිය ක්‍රියාත්මක වුයේද නැති බව නොරහසකි.

ඒසේනම් අනිවාර්යයෙන්ම කඳවුරු තුල තිබු ආයුධ සතුරා අතට පත්විම වැළැක්වීම සදහා වු ආයුධ විනාශ කිරිමේ පද්ධතිය ක්‍රියාත්මක විය යුතුය.ඒවැනි තත්ත්වයකදි පමණක් හදිසි ගිනී මැඩපැවැත්වීමේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක නොවන බවද ආරක්ෂක අංශ හරහා තහවුරු කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

සැකය තහවුරු වන අකාරය….

පිපුරුම 5.45ට සිදුවන අතර පලමුව පුපුරා යන්නේ එම ගබඩාවේ උණ්ඩ රැස්කර තිබු ගබඩාවය ඒ සමගම පනාගොඩ කඳවුරේ සිටි හමුදා භටයන් සහ පොලිසිය යොදවා ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරිමට කටයුතු කිරිම.පයිප බාස් කෙනෙකු ආරක්ෂක ලේකම්වරයෙකු වු රටක ඒ තරම් වේගයෙන් මිනිසුන් ඉවත් කිරිමේ මෙහෙයුමක් හෝ එවන් අදහසක් ඔහුන්ට පහල නොවන බව තහවුරුය.

එපමණක් නොව ඉරිදා දිනයක් මේ සදහා යොදවා ගත්තේ කදවුරේ සෙබලුන් වැඩි පිරිසක් එදින නිවාඩු දිනයක් ලෙස සලකා කඳවුරෙන් ඉවතට පැමිණ සිටිම සහ ඉතිරි වි සිටි අනිකුත් හමුදා සාමාජිකයන් අත්‍යවශ්‍ය කරුණක් බව සදහන් කරමින් පනාගොඩ හමුදා කඳවුරට කැදවා තිබිම.

RW_SAGALAවික්‍රමසිංහගේ Facebook මෙහෙයුම 

කොස්ගම සාලාව යුධෝපකරණ ගබඩාවේ අද ඇති වූ ගිනි ගැනීමේ තත්වය නිසා එම කඳවුර තුළ ගබඩා කොට ඇති යුද උපකරණ ගිනි ගනිමින් තිබේ .අප ප්‍රථමයෙන් එම කදවුරෙන් කිලෝමීටර තුනක දුරක පදිංචි ජනතාවට එම ප්‍රදේශ වලින් ඉවත් වෙන ලෙස දන්වා ඇති අතර මහජනතාවගේ ආරක්ෂාව සදහා මෙම දුර ප්‍රමාණය තවදුරටත් වැඩිවිය හැකිය .දැනටමත් මෙම සිදුවීමෙන් ඇතිවිය හැකි හානිය අවම කිරීම සදහා අදාල පියවරයන් රැසක් ගනිමින් තිබේ. මෙම සිදුවීම හැකි ඉක්මනින්, අවම හානියකින් කළමනාකරණය කිරීමට එම ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය අදාල අංශ වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

 

අනික් අතට දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ හා සාගල රත්නායක කියා සිටියේ කුමක්ද?

අපි පුලුවන් තරම් ඉක්මනට එම ප්‍රදේශයේ ජනතාව් ඉවත් කලා.ඒ නිසා ජිවිත හානී සිද්ධ වුනේ නෑ…යන බණේ පමණකි.

ජනපති සිරිසේන සහා අගමැති රනිල් කොස්ගම සාලාව හමුදා කදවුරේ ගින්න ගැන පෙර සිට දැනසිටියේද?

පිපුරුමෙන් පසුව මෛත්‍රී අතුරුදහන්

වෙනදාට හැම රෙද්ද අස්සේම රිංගා තමන්ගේ නැති පෞරුෂවය සාදා ගැනිමට ප්‍රකන ජනපති සිරිසේන අද දකින්නවත් නැත.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිද්ධිය සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නට ඔහුගේ දිව නොනැමෙන්නේ තමන් කල පාපි ක්‍රියාව ඉතාමත් නුදුරු දිනකදිම පඩිසන් දෙන බව දන්නා නිසා ජනතාව ඉදිරියේ හිටං කතාවක් කරන්නට ඔහුට බැරි නිසාවේනි.

එයට තුඩු දෙන කරුනු වනුයේ

01. යුධ හමුදා බුද්ධි අංශය පරික්ෂණ වලින් එකහෙළාම ඉවත් කිරිම.

02. කදවුරේ ආරක්ෂක ක්‍රමවේද සහ ආරක්ෂක භටයන් ස්ථාපනය කිරිම දින 10කට කලින් වෙනස් කිරිම.

03. මෙය නිකම්ම පුපුරා යැමක් විය නොහැක (කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ) කිසිවිටකත් සිදුවිය නොහැකි බව අවි සම්බන්ධ විශේෂඥයන් තහවුරු කිරිම.

04. සතුරා අතට පත්විම වැලැක්විම සදහා අවි ගබඩාව පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක වුයේ නම් එය සිදුකළේ කවුරුන් විසින්ද, ඊයේ දිනය තුල කදවුරට ඇතුල් වු අදාළ චාජරය සම්බන්ධයෙන් හොදින්ම දන්නා පුද්ගලයා කවුද?

05. ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?

6. මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබී හසුවූ අවි ආයුධ සෝමාලියානු කොල්ලකරුවන්ට සහ වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වලට විකුණූ බවට යහපාලනය එල්ල කර තිබු අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුනු අතර එම ආයුධ සම්බන්ධයෙන් මෙම සතියේදී අධිකරණ නියෝගයකට අනුව විගණකාධිපති වාර්තාවක් කැඳවා තිබූනි.

ඉහත කරුණු එකිනෙකට ගැලපීමේදී තහවුරු වන්නේ මෙය යම් සැලසුමක ප්‍රථිපලයක් බවය. ඒ අන් කවරක්වත් නොව යුධ හමුදාව සම්පූර්ණයෙන්ම මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමය.

මන්ද ජාත්‍යන්තරය හරහා රට බෙදිමේ මෙහෙයුමක යේදි සිටින යහපාලකයන්ට යම් දිනයක මේ රටේ ප්‍රගතිශීලි ජනතාව පොලිස් බල්ලන් දමා මර්දණය කරන විට රට වෙනුවෙන් යුධ හමුදාව නැගි සිටිම පාලනය කිරිමට යහපාලකයන් දැන් සිටම කටයුතු කර අවසන්‍ ය.

එහෙන් කොටින්ගේ හංගපු අවි ආයුධ නවීන මරාගෙන මැරෙන බෝම්බ කට්ටල හමුවෙද්දී මෙහෙන් හමුදාව සතු අවි ආයුධ විනාශ වෙනවා හරිම සාමාන්‍ය සිදුවීමක් නේද? ඔය විනාශ වෙච්චි අවි ආයුධ වෙනුවට ආදේශක ලැබේවි කියලා හිතනවද?ලොවෙත් නෑ…යුද්දෙ නැති එකේ ආවුද මොකටද?මහින්ද කලාවගේ මුදල් නාස්තියක් අපි කරන්නේ නෑ කියලා මුන් නොකිව්වොත් ඕං බලහල්ලාකෝ තව ටික දවසකින්

රටේ නායකත්වය දුර්වල කිරීම පළමු පියවර,හමුදාවෙ ජේෂ්ඨයින් ඉවත් කිරීම දෙවැනි පියවර, බුද්ධි අංශය විසුරුවාහැරීම තුන්වැනි පියවර, ආයුධ ශක්තිය දුර්වල කිරීම සිව්වැනි පියවර… පියවරෙන් පියවර මේ යන්නේ කොයිබටද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද? ඒත් ඉතින් චේතිය ආරක්ෂක ලේකම් කියන පයිප්ප බාස් කියාවි ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ කියලා ඔච්චරයි වෙන්නේ… මිනිස්සු හිනාවෙලා නිකන් ඉඳීවි … කුණාටුවක පෙරනිමිති පහල වෙද්දී සූදානම් නොවෙන මිනිස්සු කුණාටුවට අහුවෙලා විනාශ වෙන එක නවත්තන්න බෑ… එහෙම කියලා නිකන් ඉන්නත් බෑ දැන්වත් එකාමෙන් එක් වී බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙමු..

Top