Featured

රනිල්-විජේදාස හමුවෙයි-යහපාලන මරා ගැනිල්ල ඇරඹෙයි

‘ඇවන්ගාඩ්’ ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට සංවිධානාත්මකව කල්ලියක් පහර දෙමින් සිටින බවත් ඒ පසුපස සිටින සියලු දෙනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතට ලබාදි තිබේ.රනිල් සහ විජේදාස අතර පැවති පැය 5ක පමණ සාකච්ඡාවෙන් අනතුරුව මෙම වාර්තාව ලබාදි ඇති අතර එජාපයේම තිදෙනෙකු මාධ්‍ය මාෆියා කරුවෙකු සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ සන්ධානයේ මෛත්‍රී පිළ නියෝජනය කරන ඇමතිවරුන් 2නෙකු මෙම කුමන්ත්‍රණය පසුපස සිටින බවත් ඔහුන්ගේ මෙහෙය විම මත ෆොන්සේකාලා වැනි අය කෑ ගසමින් තමන්ට විවිධ චොදනා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දි තිබේ.

සාකච්ඡාව අතර තුර අගමැතිවරයා සදහන් කර ඇත්තේ …”කට්ටියක් දගලනවා වැඩි…..ඒ අය බලන්නේ ඉස්සර වගේම මගේ වටේ ඉන්න මිනිස්සුන්ව ගලවලා…ඉට පස්සේ මට ගහන්න….බලමු කවුද දිනන්නේ කියලා…”

මේ අතර විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂගේ මෙහෙයවිම යටතේ නුගේගොධ සිට ක්‍රියාත්මක වන මඩ බලකාය යලිත් සේවයට කැදවා ඇති අතර පියා ඉලක්ක කර පහර දෙන සියලුම දෙනාගේ පැටිකිරිය හෙලි කිරිම සදහ මේ වනවිට කටයුතු කරමින් සිටින අතර වෙනම “ඔත්තුකරුවන්”පිරිසක් යොදවා ගනිමින් ඔහුන්ගේ පෞද්ගලික ජිවිතයට සම්බන්ධ තොරතුරු ද මේ වනවිට රැස්කරමින් සිටි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහ පාඨ්ළී චම්පික රණවකගේ අතිශය පෞද්ගලික ජිවිතයේ තොරතුරු රැසක් ලගදිම අනාවරණය කිරිමට සුදානමක් පවතින බවද වාර්තා වේ.

තමා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිහිනෙන්වත් දැක නැතැයි මීට පෙර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබුණද ඔහුත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත්, ඇවන්ගාඩ් සභාපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයනුත් ඇමෙරිකාවේ ඩිස්නිලන්තයේ කළ සංචාරයක ඡායාරූප මාධ්‍යයට නිකුත්වීම නිසාවෙන් විජයදාස රාජපක්ෂ මහතා පිළිබඳ අනිවාර්යයෙන්ම ප්‍රශ්න කළ යුතුව ඇතැයි රාජිත සහ චම්පික ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.

Top