Featured

රනිල්ගෙ මඩ හොදන්න අලුත් මෙහෙයුමක්!ජනයුගය අවසන්… ලේක්හවුස් ගිලගත් කුරේ අලුත් ලොන්ඩරියක් දමයි

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නැංවීමේ අරමුණෙන් ලේක්හවුස් ආයතනය නව පුවත්පතක් ආරම්භ කිරීමට සූදානම් වන බව ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි.ජනාධිපතිවරයාට ප්‍රමුඛත්වය ලබාදීම නිසා අගමැතිවරයාට අවශ්‍ය ප්‍රචාරය ලබා ගැනීමට නොහැකිවී ඇති අතර පාඨක විශ්වාසය බිද වැටී ඇති ලේක්හවුස් පුවත්පත් මගින් එය ඉටු කරගැනීම අසීරුවේ.

අගමැතිවරයාගේ 2020 ජනාධිපතිවරණ සටන ඉලක්ක කර බැදුම්කර ජාවාරම්කරුවන් ආරම්භ කල පුවත් පත වන ජනයුගයටද ජනතා විශ්වාශය දිනාගැනීමට නොහැකි වීමෙන් එය පවත් වා ගෙන යා නොහැකි තත්වයකට පත්වී ඇත.

මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ප්‍රධානියා වන වත්මන් ලේක්හවුස් සභාපති ක්‍රිශාන්ත කුරේ මෙම නව පුවත්පත ආරම්භ කිරීමට යෝජනා කර ඇත.මේ සදහා ලේක්හවුස් ආයතනයේ සේවක අර්ථ සාධක අංශය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ල ලබා දීමට නියමිත අතර ඒ අනුව මේ වන විටද එම ගොඩනැගිල්ල හිස් කිරීම අරඹා ඇත. ලේක්හවුස් මුදල් හා සම්පත් මේ සදහා ලබා ගත්තද එය ලේක්හවුස් නොවන ස්වාධීන පුවත්පතක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඔහුගේ සැලසුම බව පැවසේ

ඒ අනුව ලේක්හවුස් ආයතනය යටතේ වෙනම උප සමාගමක් ආරම්භ කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.ලේක්හවුස් ආයතනයේ අතිරික්ත සේවකයන් පවා සිටියදී මෙම පුවත් පතේ දැන්වීම්,බෙදාහැරීම් හා අනෙකුත් අංශ සදහා අලුතෙන්ම සේවකයන් බදවා ගැනීමටද නියමිත බව වාර්තාවේ.

කෙසේ වෙතත් කතෘ මණ්ඩලය සදහා පමණක් සභාපති ක්‍රිශාන්ත කුරේ ට ඉතා විශ්වාසවන්ත කිහිප දෙනෙකු පමණක් බදවා ගැනීමට නියමිතය.ඒ අනුව සිළුමිණ සම කතෘ චාමර ලක්ෂාන් නව පුවත් පතේ කතෘ වරයා ලෙස තෝරාගෙන ඇති අතර වෙනත් පුවත් පත් කිහිපයකම මාධ්‍යවීදීන් ඉහල වැටුප් යටතේ බදවා ගැනීම සඳහා සාකච්චා සිදුවෙමින් පවතී.

මේ අතර  ලේක්හවුස් නව සභාපති ක්‍රිෂාන්ත කුරේ තනතුර භාරගත් සැනින් සේවක දඩයම අරඹා තිබේ.

ආයතනයෙන් මුද්‍රණය කෙරෙන එක් එක් පුවත්පත්වල මාධ්‍යවේදීන් කැඳවමින් සභාපතිවරයා මෙසේ තර්ජනය කිරීම ආරම්භ කර ඇති අතර ඡායාරූප අංශයේ සේවකයන් හට කෙළින්ම කියා ඇත්තේ  ගෙදර යාමට සූදානමින් සිටින ලෙසය.

එක් එක් මාධ්‍යවේදීන් සේවයට ආ කාලසීමාව අසා ඇති සභාපතිවරයා 2005-2015 යුගයේ සේවයට පැමිණි අය හට තර්ජනය කර ඇත්තේ මුලින්ම ගෙදර යවන්නේ ඔවුන් බව කියමිනි.

ලේක්හවුස් ආයතනයේ දැනට සේවයේ නියුතු සේවකයන් ගෙදර යවා පිටින් සේවකයන් ගෙන එන බවත් සභාපතිවරයා කියා ඇති අතර මේ වන විටත් ඉහළ වැටුප්වලට නිලධාරීන් බඳවා ගැනීම අරඹා ඇත.

ඒ හැර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙතෙක් දැරූ තනතුරුවලින් ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් එම තනතුරුවලට පත් කරන ලෙසත් සභාපතිවරයා උපදෙස් දී තිබේ.

ඒ අනුව දිනමිණ ප්‍රවෘත්ති කර්තෘවරයා සහ ඔහුට සහාය දැක් වූ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා ඇතුළු පිරිසක් තනතුරුවලින් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට එ. ජා. ප ලැදි පිරිස් පත් කර ඇත.

සියලු කර්තෘවරුන්ට ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙසත් දැනුම් දී ඇති අතර එසේ නොවන අයට තනතුරු ගැන බලාපොරොත්තු අතහැර ගන්නා ලෙසත් කියා ඇත. 

පුවත්පත්වල ගුණාත්මකභාවය නැංවීම පසෙකලා තමන්ගේ හිතවතුන්ට තනතුරු ප්‍රදානය කිරීමත් විරුද්ධවාදීන්‍ ගෙදර යැවීමත් එකම අරමුණ කරගත් සභාපතිවරයාගේ තර්ජන හමුවේ සේවකයෝ අසරණව සිටිති.

Top