Featured

රනිල්ගේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් ගැන මෛත්‍රී කියයි

පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ වෙනම සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ලෙස තම කණ්‌ඩායම පිළිගන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම කල ඉල්ලිම ඉතා නුදුරේදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිලිගැනිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇති බවත් එහි ප්‍රධානම අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දමා තමන් දුර්වල කිරිමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී  ඉතා සංවේදී අකාරයෙන් පවසා තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී එම පක්‍ෂ පළාත් පාලන ආයතන හතක සාමාජිකයින් හත් දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට හා ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගය ගැනීමට තීන්දු කර ඇති අතර ඉන් එහාට කටයුතු කිරිම තමන්ට අවාසිදායක තත්ත්වයක් උදාකරනු ඇති බවද මෛත්‍රී පවසා තිබේ.

මධ්‍යම කාරක සභාව අවසානයේ එහි සමාජිකයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා සිටියේ  පක්ෂයේ සභාපති කම සහ ජනාධිපති කම දැරුවද ජනතාවගේ බලය නොමැති විම සම්බන්ධයෙන් මෛත්‍රී ජනාධිපතිවරයා දැඩි කනස්සලට පත්ව ඇති බව මධ්‍යම කාරක සභාව තුලද ප්‍රකාශ වු බවයි.

Top