Featured

රනිල්ගේ,නිව්ටන් වෙබ්,සමාජ ජාලා මර්දණය අරඹයි…

සිරිසේන ජනාධිපතිවරයාගේ දියණියක වන චතුරිකා සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කල්ලි කණ්ඩායම් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දක්වමින් ආණ්ඩුව විවේචනය කරන සමාජ ජාලා සහ වෙබ් අඩවි නිරික්ෂණය කර එවා වසා දැමිමට මෙන්ම අවහිර කිරිමට කටයුතු කිරිම සදහා විශේෂ මෙහෙයුම් කාර්‍යාලයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජැයික් හිල්ටන් හෝටලය ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේ ස්ථාන ගත කර තිබේ.

ආණ්ඩුව විවේචනය කරනු ලබන සමාජජාලා නිරික්ෂණයට සිංගප්පුරුවෙන් විශේෂඥයෙක් ගෙන්වා ඇති අතර එය අධීක්ෂණය කිරිම භාර කර ඇත්තේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසුරියට පවරා තිබේ.සිංගප්පුරුවේ පදිංචි ශි‍්‍රලංකිකයෙකුවන සමාජජාල විශේෂඥයෙක් වන මහාචාර්ය ක‍්‍රැලැසික් නිව්ටන් නැමැත්තා යටතේ 150කට අධික තරුණ/තරුණියන් කණ්ඩායමක් මෙම ස්ථානයේ සේවයට යොදව ඇති අතර ඔහුන් හරහා සමාජ ජාලා හරහා අගමැතිවරයා විවේචනය කරමින් නිකුත් කරන විවිධ සකස් කරන් ලද පිංතුර සහ වෙබ් අඩවි හරහා සමාජ ජාලා වලට මුදාහරින LINK අවහිර කිරිම ඔහුන්ගේ ප්‍රධාන කාර්යය වි තිබේ.

මිට අමතරව අගමැතිවරයා සම්බන්ධයෙන් පසුගිය කාලයේම පලවි තිබේන ඇතැම් ලිපි google සෙවුම් හරහා නොලැබෙන් ආකාරයට ඉවත් කිරිමද මේම කණ්ඩායමට පවරා තිබේ. විශේෂයෙන්ම 88-89 යුගයේ සිදුවිම් සහ බටලන්ද සම්බන්ධයෙන් වු ලිපි මෙන්ම ඇතැම් මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ විවේචනය කරමින් පලකරන ලද ලිපි මේ අකාරයට ඉවත් කිරිමට මෙම කණ්ඩායමට පවරා තිබේ.

පසුගිය කාලසිමාව තුල සිරිසේන ජනාධිපතිවරයාගේ දියණීයක වන චතුරිකා සිරිසේන විසින් වෙබ් අඩවි රැසක්ම මිළට ගත් අතර ජනාධිපති මාධ්‍ය එකකය තුල ඇයගේ ප්‍රධානත්වයෙන් වෙනම මාධ්‍ය එකකයක් ස්ථාපනය කිරිමටද කටයුතු කර තිබුනා.

මිට අමතරව ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂගේ පරාජය පසුව සක්‍රියව සමාජ ජාලා තුල මහින්ද වෙනුවෙන් පෙනීසිටිමින් ඔහුගේ විවිධ Post නිර්මාණය කරමින් එකතු කල සහ සිරිසේන ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කල කිහිප දෙනෙකුද චතුරිකාගේන් මාසික පඩි ලබන අය බවට පත් කර ගැනිමටද සමත් විය.

Top