Featured

රනිල්ට පු…දෙන්න මෛත්‍රී සන්ධානය විසුරුවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබන සතිය තුල විසුරුවා හැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.රනිල් වික්‍රමසිංහ මහතාගේ පිං ආණ්ඩුව සදහා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු පිරිසක් එකතු කිරිම සදහා මේ ආකාරයට සන්ධානය විසුරුවාලීමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු යොදා තිබේ.ඒ අනුව එම සන්ධානයට එක්ව සිටින සියලු පක්ෂ වෙන් කිරීමට අදාල දිනයේදී සිදුවන බවද වාර්තා වේ.

මිට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂයේ යාවජිව සමාජිකත්වය ලබාදිමට රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පලකර ඇති අතර ඒ සම්බන්ධයෙන් මිලග එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැසවිමේදි සාකච්ඡා කරන බවද රනිල් පවසා තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මවුබිම සුරැකිම සදහා නව දේශපාලන ව්‍යාපාරයක්  ආරම්භ කිරිම සදහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේ.රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් නිසැකවම උතුරේ බෙදුම්වාදීන්ට ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් ක්‍රමයක් ලබාදිමට විරුද්ධව පාර්ලිමේන්තුව තුල ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරිම මෙහි ප්‍රධාන අරමුණ වි තිබේ.

Top