LNN SPY

රනිල්ට රතු නිවේදන නිකුත් වෙයි… පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් වහාම ඉවත් වනු! සජිත් සමගින් අලුත් පක්ෂයක් හදනවා

Published on: Nov 20, 2019 – රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොවුණහොත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු කොළඹදී කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයට සහ විපක්ෂනායක දුරයට වඩාත්ම සුදුසු පුද්ගලයා සජිත් ප්‍රේමදාස බවයි කොළඹ කැප්පිටිපොළ මාවතේ පිහිටි හරීන් ප‍්‍රනාන්දුගේ නිල නිවසේදී අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සදහන් කලේ.

පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම තවත් තනතුරු රැසක වෙනස්විම් සිදුවිය යුතු බවත් හරීන් ප‍්‍රනාන්දු එහිදි වැඩිදුරටත් පැවසීය.

එසේ නොමැතිව තවදුරටත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කිරිමට සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සූදානම් නොමැති බවත් ඔහු කියා සිටියේය.

බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කර ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා සේම මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා සේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සහ තනතුරුවල වෙනසක් සිදු නොවුනහොත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර එය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ චෝදනා එල්ල නොවූ පිරිසිදු දක්ෂ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස සමඟ ගමනක් යෑමේ සූදානමින් සිටින බවත් හරීන් ප‍්‍රනාන්දු වැඩිදුරටත් පැවැසීය.

Top