LNN SPY

රනිල්,මහින්ද,ගෝඨා,කරූ නාකින් සජිත් කපන මෙහෙයුමක…. කතානායක කම වෙනුවෙන් කරූ රනිල්ගේ නැට්ටේ එල්ලෙයි… සජිත් පිළ මර්දණයට රාජපක්ෂලාගෙන් සහය

Published on: Nov 27, 2019- දිගින් දිගටම අප අනාවරණය කල පරිදීම රනිල්-ගෝඨා-කරු ඩීල් කරණය මගින් යලිත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ගැනිමට කථානායක කරු ජයසූරිය අද තිරණය කර තිබේ.කථානායක කරු ජයසූරිය අද (නොවැ. 27 දින) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. තමා එම තීරණයට එළැඹුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව බවයි.

පාර්ලිමේන්තුවේ බහුතර කැමත්තේන් අග්‍රාමාත්‍යවරයා පත්කර ගන්නා සේම විපක්ෂ නාකවරයාද පත්කර ගන්නේ බහුතරයේ කැමතෙන් බව අප නාකී කරූට කියා දිය යුතුයැයි නොසිතමි. 2015 පත්වු පාර්ලිමේන්තුවේ කතානායක ධුරය ද්‍රවිධ ජාතික සන්ධානයට ලබාදුන්නේ ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීන් ඒ සදහා කැමත්ත පලකල නිසාය.දින 52ක කුමන්ත්‍රණයෙන් පසුව මහින්ද විපක්ෂ නායකත්වයට පත්වුයේද විපක්ෂයේ බහුතරයකගේ කැමත්ත මත බවද කරූට අප මතක් කර දිය යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් කථානායකවරයා වෙත යොමු කෙරුණු අතර, එමගින් ඉල්ලා තිබුණේ එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙසය.එ අනුව එම ඉල්ලිමට කරූ එකග නොවන්නේ මන්ද?

වාසුගේ ගමන නතර කල රනිල්-මහින්ද ඩීල්

කතානායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර පත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වු අතර කතානායක ධුරයේ වගකීම් තමන් වෙත භාර කරන්නේ නම් කෙටිකාලීනව එම වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියා.

නමුත් අද(27) එක්වරම වාසුදේව නානයක්කාර ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති ලෙස පත්කිරිම හරහා වාසුගේ කතානායක සිහිනයටද තිත තබා තිබේ.ඒ හරහා අප පසුගියදා අනාවරණය කල පරිදිම කතානායක ධුරයේ ඉදිරිකාලයෙත් රැදි සිටිමට කරූට වාසනාව පැදෙනු ඇත.

කූප්‍රකට දිනේෂ් වීරක්කොඩිගේ නිවසේ රනිල්-මහින්ද-ගෝඨා හමුව!

පක්ෂනායකත්වය ආරක්ෂා කර ගැනිම සදහා විපක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනිම වැදගත් බව දන්නා රනිල් ඇතුලු කල්ලිය මේ වනවිට ගෝඨාභය සහ මහින්දලා සමග ඩිල් දමමින් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණක් සිටියද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාදීමට කටයුතු කරන බව වත්මන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට පොරොන්දුවක් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.(නොවැ 22 කල අනාවරණය පහතින් කියවන්න.)

සජිත් පිළ මර්දණයට රාජපක්ෂලාගෙන් උදවු

මේ වනවිට පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස හට ලබා ගනිමින් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට සජිත් පිළ ගන්න උත්සහය මර්දනය කිරිම සදහා මේ වනවිට වික්‍රමසිංහලා රාජපක්ෂලාගෙන් උදවු ඉල්ලා තිබේ.ඒ අනුව ඉදිරියේදි සජිත් වෙනුවෙන් කැපවි කටයුතු කරන හදුනාගත් කිහිප දෙනෙකුට එරෙහිව විවිධ නීතිමය හෝ වෙනත් වක්‍ර අකාරයෙන් භීය වැද්දිම හරහා එම මෙහෙයුම්වලින් ඉවත් කිරිමට උත්සහ ගනු ඇති බවද වාර්තා වේ.

හොරකම් වහගන්න පක්ෂය පාවාදෙන නවීන්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහටම අත්පත් කර දිම සදහා රනිල්ගේ මුර බල්ලෙක් ලෙස කටයුතු කිරිමට නවීන් දිසානායක පටන් ගෙන තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

සජිත්ගෙ දේශපාලන ගමන නතර කර දමා රනිල්ගේ නැට්ටේ එල්ලි යන්නට නවීන් පොරකන්නෙ පසුගිය වසර 4 1/2 ක කාලයක් තුල වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තුල සිදුකල දුෂණ ,අක්‍රමිකතා වසා ගැනිමට බව අමතුවෙන් කිවයුතු නැත.

ජනාධිපතිවරණයේ සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නොව පරාජය වෙනුවෙන් නවීන් කටයුතු කලඅකාරය පහත විඩියෝවෙන් මැනගත හැක.

http://lankanewsnetwork.org/archives/21644

Top