All

රවියාගේ ඇටේ තරමටවත් මොලේ නැත

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා 2014 වසරේ වෙළඳපොලේ පැවති මිල ගණන් සහ 2016 වසරේ පවතින මිලගණන් සම්බන්දයෙන් දැන්වීමක් මුදල් අමාත්‍යංශය විසින් ජාතික පුවත්පත් කිහිපයක පලකර තිබෙන පුවත් සම්පුර්ණයෙන් අසත්‍ය බවත් ඒ අනුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ඇඟේ තරමට මොලේ නැති බව මනාව පැහැදිලි වේ.

අදාළ දැන්විම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ, 2015 නොවැම්බර් 24 දා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් පාලන මිලක් නියම කළ භාණ්ඩ කිහිපයක මිල ඊට වඩා වැඩියෙන් අදාල පුවත්පත් දැන්වීමේ පළකර ඇති බවය. මෙසේ වගකීමකින් තොරව දැන්වීම් පල කිරීමෙන් වෙළඳුන් වැඩි මිලට පාරිභෝගිකයින්ට භාණ්ඩ අළෙවි කිරීමේ අවදානමක් ඇති බව ඔහු පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර ඇති බවයි විතානගේ මහතා පවසන්නෙ.

18-press-realse

2015 මාර්තු 31 දා ගැසට් නිවේදනයක් මගින් සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50ක උපරිම සිල්ලර මිල රුපියල් 870 දක්වා පහත හෙලුවද පාරිභෝගික කටයුතු අධිකාරියේ වෙබ් අඩවියේ තවමත් දැක්වෙන්නේ රුපියල් 930ක උපරිම සිල්ලර මිලකි.

Exif_JPEG_420

gazzate-6-goods

Top