Featured

රවී රැකගන්න චතුරිකා පෙරට

අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදි සිදුකිරිමට නියමිත අමාත්‍යාංශ වෙනස් කිරිම් වලින් මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ අමාත්‍ය ධුරය ආරක්ෂා කර දිමට මෛත්‍රීපාල සිරිසේනගේ ඩිල් දියණිය හෙවත් ආරක්ෂක අමාත්‍යංශයේ කප්පම් තිළිණගේ බිරින්දෑ වන චතුරිකා සිරිසේන පොරොන්දු දි ඇති බව වාර්තා වේ.මේ දිනවල චතුරිකාගේ හොදම මිතුරිය වි සිටින්නේ රවි කරුණානායකගේ බිරිඳ වන අතර ඒ හරහා චතුරිකාගේ සහ කප්පම් තිළිණගේ විවිධ මුල්‍යම ඩිල් ර්වි ලවා කර ගැනිම මේ දිනවල ජයටම සිදුකරමින් තිබේ.

අගමැතිවරයාගේ කැමත්ත මත අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරිමට කටයුතු කලද මුදල් අමාත්‍යංශය රවි අයියාටම ලබාදෙන ලෙස තමන් ජනාධිපති පියාගෙන් ඉල්ලා සිටින බවයි චතුරිකා රවිගේ බිරිඳට පවසා ඇත්තේ..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශ 5ක විෂයන් භාර අමාත්‍යවරුන් ඉවත් කිරිමට කටයුතු සම්පාදනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ රනිල් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ පසුගියදා අනාවරණය කර තිබුනා.එම අමාත්‍යාංශය අතර ඉහලින්ම ඇති අමාත්‍යංශය වනුයේ මුදල් අමාත්‍යශය වන අතර මංගල සමරවීර අමාත්‍යවරයාගේ විදේශ කටයුතු අමාත්‍යංශය ඒ අතර තිබේ.

මේ අතර අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ තිලින සුරන්ජිගේ අනියම් සබඳතාවයක් සම්බන්ධයෙන් ඉව වැටි සිටින චතුරිකා මේ දිනවල ඒ පසුපසද පන්නමින් සිටින බවයි.

කියවන්න –චින සංචාරයෙන් පසුව ඇමතිවරු 5ක් කරකවා අතහරී -සජිත්ගේ නි.නායකම අවසන්!

Top