Featured

රහස් පොලිසිය ඇතුලේ රජයේ විශේෂ නියෝජිතයෙක්! තාජුඩීන් මරන්න රාජපක්ෂලා කී බව පිලිගන්න අනුරට බලපෑම්

තාජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් නොව රාජපක්ෂලාගේ නියෝග මත තජුඩීන්ගේ ඝාතනය සිදුකර එහි සාක්ෂි වෙනස් කිරිමට නිළධාරින්ට උපදෙස් දුන් බවට පිළිගන්නා ලෙසට එවකට බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට රහස් පොලිස් ප්‍රශ්ණ කිරිම් අතර පැමිණි රජයේ විශේෂ නියෝජිතයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු හරහා බලපෑම් කර තිබේන බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරනය කළා.

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් දින කිහිපයක්ම රහස් පොලිසිය බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කළ අතර ඊයේ පැය ගණනාවක ප්‍රශ්න කිරිම් වලින් පසුව අදාළ රජයේ විශේෂ නියෝජිතයා යැයි හදුන්වාගත් පුද්ගලයා අනුර සේනානායකට බලපෑම් කර තිබේ.

ඉදිරි කාලය හොදින් ජිවත් විමට තමන් තුල(අනුර සේනානායක) කැමත්තක් ඇත්නම් එය මේ ලබාදෙන සාක්ෂි හරහ ඉටුවන ඇති බවයි අදාළ විශේෂ නියෝජිතයා යැයි හදුන්වාගත් පුද්ගලයා සදහන් කර ඇත්තේ.

දින කිහිපයම තුලදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්ණ කරමින් දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන තාජුඩින් රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකළ නාරාහේන්පිට පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතාගේන් බලපැම් කරමින් ලබාගත් කට උත්තර හා එකිනෙක ගැලපෙන අකාරයට කට උත්තර ලබාගැනිමටද රහස් පොලිසිය උත්සහ කර තිබේ.

පැය ගණනක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් බලපෑම් කරමින් ප්‍රශ්ණ කලද ඔහු තහවුරු කර ඇත්තේ තාජුඩින් රිය අනතුර සම්බන්ධයෙන් තමන්ට කී මට ඇත්තේ එදා අදාළ පරික්ෂණ සිදුකෙරුණු අකාරය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් එදා තැබු සටහන් සියල්ලම තවමත් නිවැරදි පමණක් බවයි.

තජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් බවත් ඒවකට තිබු ඇතැම් වෙබ් අඩවි එය විකෘති කරමින් පලකල වාර්තා පසුව දේශපාලන වාසි වෙනුවෙන් යොදවා ගැනිමත් පසුව ඇතැම් නිලධාරින්ට සිදුකල බලපෑම් හමුවේ පොලිස් පරීක්ෂණ වාර්තා විකෘති කිරිම හැරෙන්නට අදාළ මරණය රිය අනතුරක් මිස ඝාතනයක් නොවන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රහස් පොලිසිය හමුවේ අවධාරනය කර තිබේ.

Top